Wednesday, January 19, 2011

අපායට යැවිය යුත්තා ඉසුරුපායට .....



හේමචන්ද්‍ර කොඩිතුවක්කු ජයසේකර මෑතක් වනතුරුම හොරණ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා විය‍‍. මේ වසර මුල සිට ඔහුව අධ්‍යාපන අමාත්‍යාංශයට ‍ගෙන්වාගෙන ඇති බව වාර්තා වේ.

මොහු අපරාධ සැකකරුවෙකි. මොහුට නීතියෙන් බේරීමට පොලිසිය‍ ක්‍රියා කරන අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු විනය පියවරක් ගෙන නැත. 2009. 03. 11 වන දින, මොහු හොරණ රාජකීය විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මධුසංඛ ශිෂ්‍යයාව කෲර වධහිංසාවට පත්කළේ අතින් හා වේවැලෙන් පහරදි ඔහුගේ කොණ්ඩය තැනින් තැන කපා විකෘති කොට,බඩෙන් අල්ලා මිරිකා උස්සා අතහැරීමෙන්ය. ඔහු එම සිසුවා ඉගෙනීම් කටයුතු කඩාකප්කළේය.

ROYAL COLLEGE - HORANA


මධුසංඛ එම සිද්ධියෙන් පසු බරපතල ලෙස රෝගාතුර විය. අධ්‍යාපනය කඩාකප්පල් විය.ජයසේකර මානව හිමිකම් කොමිෂමේ කැඳවීම් වලට ඉදිරිපත් වූයේ නැත. සමථ මණ්ඩලයටද ගියේ නැත.වසර දෙකක් ගතවී ඇතත්, පොලිසිය ඔහුට විරුද්ධව නඩු පැවරීමට පියවර ගෙන නැත. අධ්‍යාපන අමාත්‍යාංශය අපරාධකරුවාව රැකීමට පියවර‍ ගෙන ඇත.
අසමත් රටක්! අසමත් ජාතියක්!!

JS

No comments:

Post a Comment