Sunday, January 16, 2011

ගංවතුර සහ විදේශිය ආධාර





ගෙවිගිය සති කිහිපය තුළ මුලු ලෝකයටම කාළගණයෙන් බලවත් ආපදා එල්ල විය. බරපතල ආපදා එල්ල වු රටවල් අතර බ‍්‍රසීලය, ශ‍්‍රී ලංකාව, ඔස්ටෙ‍්‍රිලියාව සහ පිලිපිනය පෙරමුණේ සිටිති. ශ‍්‍රී ලංකාවෙි මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇත. ගංවතුර සහ නායයෑමි නිසා පීඩාවට පත් මුලු සංඛ්‍යාව ලක්ෂ 10කට වැඩිය. තවද නිවාස අහිමි වු සංඛ්‍යාව 340000කි.

ශ‍්‍රී ලංකාවෙි වඩාත් බරපතල ලෙස ආපදා තත්වය බලපෑවෙි නැගෙනහිර පළාතටය. එයින් තත්වය වඩාත් දරුනු වුයේ මඩකලපු දිස්ත‍්‍රික්කයේය. 2004 සුනාමි ව්‍යසනයෙන්ද මෙම නැගෙනහිර ජනතාවට බරපතල ජිවිත හානි වලට මෙන්ම දේපල හානි වලට මුහුණදිමට සිදුවිය. මෙවර ගංවතුර හේතුවෙන් අස්වනු නෙලිමට සුදානමින් සිටි කුඔුරු රැුසැක් විනාශයට පත්විය. පාසල් ළමුන්ගේ පොත් පත්ද විනාශ වි ඇත. ගංවතුරෙන් පසුව ටයිපොයිඩි සහ පාචනය වැනි වසංගත රෝග පැතිරියාමෙි අවධානමක්ද පවති.

මෙම ආපදා තත්වය යටතේ ලංකාවට මුලින්ම ආධාර දිමට ඉදිරිපත්ව සිටින්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාව ඉදිරිදින කිහිපය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන එකක් වටිනා අත්‍යවශයය ද්‍රව්‍යය සැපයිමටද සුදානමින් සිටියි. එක්සත් ජාතින්ගේ සංවිධානයද ශ‍්‍රී ලංකාවට සහන සලසන්නැයි ලෝක ප‍්‍රජාවගෙන් ඉල්ලා ඇත.

මෙම ලැබෙන විදේශ ආධාර නිසි පරිදි විිපතට පත් අයට ලැබිමට සැලැස්විම ආණ්ඩුවෙි වගකිමයි. 2004 සුනාමි ආධාර අප නිසි සැලසුමකින් භාවිතා නොකලා පමණක් නොව ඒ සමිබන්ධ නොයෙකුත් වංචනික ක‍්‍රියාවන්ද සිදුවිය. එපමණක් නොව මෙරටට ලැබුනු ඇතැමි සුනාමි ආධාර ප‍්‍රයෝජනයට නොගෙන පරිත්‍යාග කල රටවලට ආපසු යැවු අවස්ථාවන්ද අසන්නට ලැබිණි.

ස්වාභාවික ව්‍යසන වලින් පසුව දියුණු වු රටවල් ද ඇත. ඒ අතර මිට වසර 15කට පමණ පෙර භූමිකමිපාවක් නිසා විනාශ වු ජපානයේ කොබෙි නගරයද වෙි. අපි මෙි දේවල් වලින් පාඩමි ඉගෙන ගනිමු.












හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි

No comments:

Post a Comment