Saturday, January 15, 2011

යුක්ති දාමයට සම ප්‍රවේශය මොකාටද ?

 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නියෝග ක්‍රියාත්මක නොකරන රටක - යුක්ති දාමයට සම ප්‍රවේශය ගැන කතා කරන්නන්ටයි මෙය කාත් කව්රුත් නැති, මළ පොතේ අකුරු බැරි අයෙකු සම්බන්ධයෙන් හෙයින් එය -මේ රටේ අති බහුතරයක් බුද්ධිමතුන්ට පමණක් නොව, මානව හිමිකම් ඔස්තාර්ලාටද, උදේ හවස බණ දෙසන එව්න්ටද තේරුම් ගන්නට බැරි බව අපට නම් නිසැකය. බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන කෙලින්කන්‍‍දේ පදිංචි කරුවෙකි චන්ද්‍රසේන. ඔහුට බදුරලිය පොලිසියේ, පොලිස්කාරයින් කණුවකට බැඳ පොලු වලින් පහරදුන‍්නේ 2007.06. 27 වන දින දීය. පහරදුන් පොලිස්කාරයින් රකින්න නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් කළේ, චන්ද්‍රසේනට ප්‍රතිකාර නොකර - රෝහලෙන් එළියට දැමීමය. චන්ද්‍රසේනගේ ගමේ හිතවතුන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් විය. ඒ නිසාම මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට චන්ද්‍රසේනට හැකිවිය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කළේ 2007.07.27 වන දින දීය. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ 2009.05.13 වන දින දීය. එම තීන්දුවට අනුව, තුන් මසක් ඇතුළත පොලිස්පතිවරයා, රුපියල් 75000/- ක මුදලක් ශ්‍රේෂ්ඨාධිකරණයට බැඳිය යුතුය. අද දක්වාම එම මුදල ඔහුට ගෙවා නැත. චන්ද්‍රසේන ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට, පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දුන්‍නේය. අවම වශයෙන් පිළිතුරක් එවීමට තරම්වත් ඔවුන් සදාචාරවූයේ නැත. හැදියාවක් තිබුනේ නැත. හැබැයි ඔවුන් සර්ලා හා මැඩ්ම්ලාය. ටයිපටි බැඳගෙන සාරිපටලවා‍ ගෙන සිටිති. ෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට යැවූ ලිපියෙන් පිටපතක් ඔහු අධිකරණසේවා කොමිෂමේ ලේකම්වරයාට ද යැව්වා. අධිකරණසේවා කොමිෂමේ ලේකම් ප්‍රියන්ත ද සිල්වාගෙන් පිළිතුරක් - චන්ද්‍රසේනට ලැබිණ. එහි මෙසේ සඳහන්ය. "නිසි අධිකරණය වෙත ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වමි". එහි දාතම 2010.09.27 වේ. "නිසි අධිකරණය" කුමක් දැයි - චන්ද්‍රසේන අසයි. දෙන්න පිළිතුරක් හැකි අයෙක්.

JS

No comments:

Post a Comment