Monday, January 3, 2011

මේ ඇත්තන්ද අපේමය.



වවුනියාව, මන්නාරම, යාපනය, කිළිනොච්චිය සහ මුලතිව් යන ප්‍රදේශවල වැස්සෙන් අවතැන් වූවනට රජය කිසිම පහසුකමක් සලසා නැතැයි දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ඒ. සුමන්තිරන් මහතා කියයි. අවතැන් වූ තිස් හයදහසකට අවශ්‍ය වියලි ආහාර, මුදල් ආධාර සැපැයීම ඇරැඹීයැයි නැවැත පදිංචි කිරීම් ඇමැති ගුණරත්න වීරකෝන් මහතා පවසයි.

මෙය එතරමි හොද තත්වයක් නොවේ. අපේ ජිවිත වලටද හොද නැත. නැවත වාර්ගික අසමගිය ඇතිවිම වඩාත් අයපත් වන්නේ අප වැනි සාමාන්‍යය වැසියන්ටය. එයට අප ජිවත් වන්නේ දකුණේද උතුරේද බස්නාහිරද නැගෙනහිරද අප කතා කරන්නේ සිංහලද ඉංග්‍රිසිද දෙමළද අප අදහන්නේ හින්දු ආගමද කතෝලිකද බුද්ධාගමද යන්න ආදි මිනිසා විසිින් තිරණය කළ කිසිවක් බලනොපායි.

ජාතික ගීය සිංහලෙන් පමණක් වාදනය කිරිමට යත්න දැරිමටත් වඩා මෙම තත්වය බරපතලය. මෙි සෙල්ලන් කරන්නේ මිනිස් ජිවිත සමගයි. මේ තත්වය උද්ගතවිමට දින කිහිපයකට ප්‍රථම කොංග්‍රස් පක්ෂයේ නායකයකු වන රාහුල් ගාන්ධි ප්‍රකාශ කළේ රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනතාවගේ යහපතට කටයුතු කරතියි යන්න පිළිබද තමන්ට විශ්වාසයක් නොමැති බවයි. ගාන්ධිගේ දැක්මවත් නැතිවද දෙමළ ජාතික සංධානය මෙම රජයට සහය දක්වන්නට යන්නේද යන්න අපට අසන්නට සිදුව ඇත.

කෙසේනමුත් දකුණේ ජනතාවට කරහැරිය නොහැකි වගකිමක් හා යුතුකමක් ඇත. එනමි උතුරු නැගෙනහිර ජනතාවට මනුෂ්‍යයින්ට සලකන ආකාරයට සලකන්නයි මෙි ආණ්ඩුවට අවධාරණය කිරිමට. මක්නිසාද ඔවුන්ද අපේම ඇත්තන් බැවිනි.




හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

No comments:

Post a Comment