Monday, August 17, 2020

කොවිඞ් 19 ට - Sputnik - V එන්නත අවුරුදු 2 කට ඔරොත්තු දෙනවා.

 රුසියාව විසින් නිශ්පාදිත, ලොව ප‍්‍රථම කොවිඞ් 19, ව්‍යාප්තිය වළක්වන එන්නතට, බටහිර රටවල විරෝධය එල්ලවන්නට පටන්ගෙන තිබේ. එම එන්නත පිළිබඳ විශ්වාසයක් නැති බවට එම රටවල ප‍්‍රධාන මාධ්‍යය  (MSM) විසින් ප‍්‍රචාරයයන් ආරම්භ කර ඇත.

ජාත්‍යන්තරයේ ඖෂධ මාෆියාවට, රුසියානු නිශ්පාදනය තර්ජනයක් වනු නොඅනුමානය. කොවිඞ් 19 සඳහා එන්නතක් නිපදවීම, බටහිර රටවල පර්යේෂණ ප‍්‍රතිඵල ඇමෙරිකාව ලබා ගැනීමටද උත්සාහ ගන්නා ලදි.

රුසියාව ලබන මස සිට,Sputnik - V එන්නත, තම වැසියන්ට ලබාදීමට පියවර ගන්නවා ඇත.මේ අතර, මෙම එන්නත ලබා ගැනීමට බ‍්‍රසීලය හා වියට්නාමය ද ඉදිරිපත්ව තිබේ.

” Sputnik ” යන නම ලොවට හෙළි වූයේ ලොව ප‍්‍රථම චන්ද්‍රිකාව, රුසියාව (සෝවියට් දේශය) 1957 ඔක්: 04, අභ්‍යවකාශ ගත කිරීමත් සමගය.

No comments:

Post a Comment