Tuesday, August 11, 2020

කොරෝනාව බාධකයක් කරනොගෙන, නැකතට අයෝධ්‍යාවට මුල්ගල තබයි.


රාමගේ උපන් ස්ථානය ලෙසට හින්දුන් විශ්වාස කරන අයෝධ්‍යාවේ ඉදිකරනු ලබන රාමා මන්දිරයට මුල් ගල තැබීම අගමැති මෝඩි අතින් සිදුවිය.

1992 දෙසැම්බර් 06 වන දින, මෝගල් පාලන සමයේ රාම උපන් ස්ථානය ලෙසට සැලකෙන, අයෝධ්‍යාවේ ඉදිකරන ලද බබ්රි මස්ජිඞ් නම් වූ මුස්ලිම් දේවස්ථානය හින්දු විසින් පොළවට සමතලා කර දමන ලදි.

මෙම ස්ථානය පිළිබඳව හින්දු හා ඉන්දීය මුස්ලිම් වරුන් නඩු මගට බසින ලදි. දීර්ඝ නඩු විභාගයකින් පසුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, හින්දු විශ්වාසයට ඉඩ දෙමින් දෙමළ හින්දුන්ගේ අයිතියට පවරන ලදි.

මෙය මෝඩි පාලනයේ ජයග‍්‍රහණයක් ලෙසට සැලකේ. 

ඉතිහාසයේ සිදුවීම් තිබේ. එම සිදුවීම් අදාළ ඉතිහාසඥයෝ, පුරාවිද්‍යාඥයෝ වෙති. විවිධාකාර මත පුද්ගලයින්, තමාගේ තෘප්තිය උදෙසා මත ප‍්‍රකාශ කරති. අප රටේ ද එසේමය. එ් මත පිහිටා ජීවිත පරදුවට තබති.

ඉන්දියාව බි‍්‍රතාන්‍යයේ නිදහසින් පසු, අයෝධ්‍යාව සම්බන්ධව ද තත්ත්වය එසේම විය. ජීවිත විනාශ විය. අයෝධ්‍යාවේ බබ්රි මිසජිඩය විනාශ විය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු - අප රටේ ඉතා ඉහළින් අගය කරන අතර, එ්වා ආදර්ශයට ද ගනී.
මෙම තීන්දුව, ඉදිරියේදී ආදර්ශයට ගත හැකි වන්නේ අප රටේ ද පුරා විද්‍යා ස්ථාන පිළිබඳව ඇති වී තිබෙන ආරවුල් විසඳීමටය. 

1 comment:

  1. //දෙමළ හින්දුන්ගේ අයිතියට පවරන ලදි.

    දෙමල නෙමෙයි නිකම්ම හින්දු.

    කොහොමත් ඉන්දියාවේ හින්දූත්ව වාදීන් දෙමළ ජාතිවාදයට විරුද්ධයි.

    ReplyDelete