ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය


ව ජනාධිපතිවරයෙකු සහා භාරකාර ආණ්ඩුවක පාලනය යටතේ පැවති කාල පරිච්ෙඡ්දයකි. එමෙන්ම පාර්ලිමේන්තු මහා මැතිවරණ සූදානමට සමගාමීව, ලෝක වසංගතයකට මැදිව, එය පාලනයට වෙහෙස දැරූ, සුවිශේෂ කාල පරිච්ෙඡ්දයකි.

නීති අරගල, නීති තර්ක, හැලහැප්පිලි මධ්‍යයේ, කොරෝනා වසංගතය මූලික කරගෙන,  මැතිවරණය කල් තැබින.

මෙම විශේෂිත වාතාරවරණය තුළ, අප ආයතනය, මානව හිමිකම් උල්ලංඝණයන් 218 කට මැදිහත් වීමට සිදුවිය. මෙය 2019 එම කාලපරිච්ෙඡ්දය හා සැසඳීමේදී 8 ක අඩු විමකි. (2019 දී 226) කි.

පොලීසියට එරෙහිව එනම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම්, වධ හිංසා පැමිණවීම් හා ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම් අදාළ, සිද්ධීන් 99 කට මැදිහත් විය. මෙය 2019 එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 13 ක වැඩි වීමකි. (2019 දී 86) කි.

අදාළ කාල පරිච්ෙඡ්දයේ රජය දියත් කරන ලද, මත්ද්‍රව්‍යය හා නීති විරෝධි මත්පැන් මර්දන වැඩ පිළිවෙල යටතේ, පොලීසිය, අධිකරණය උපයෝගී කරගෙන, පුද්ගලයින්ව, රක්ෂිත බන්ධනාගාර ගත කිරීම්, ප‍්‍රවනතාවයේ වැඩිවීමක් පෙන්නුම් කරනු ලැබීය.

කොරෝනා වසංගතය හමුවේ, 1997 දී, සම්මත කරන ලද එහෙත්, අකර්මන්‍යයව පැවති ඇප පනත, කි‍්‍රයාත්මක කරන ලෙසට අධිකරණයට කරන ලද බලපෑම් හමුවේ, පොලීසියේ අවශ්‍යතාවයට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම බොහෝ සෙයින් අඩු විය.

කොරෝනා වසංගතය පාලනයට ක‍්‍රියාවට නැංවූ නිරෝධායන නීති මගින්, අනිවාර්ය වූ, කාටත් පොදු වූ, සමාජ ආර්ථික ගැට`ඵ හැරෙන්නට, කොරෝනා පාලන නීති යටතේ සිදවූ බවට කියැවෙන, මානව හිමිකම් උල්ලංඝණය වීම් වාර්තා වූයේ නැත.

2015, බලයට පත්වූ, යහපාලන ආණ්ඩුවේ, 19 වන ව්‍යවස්ථාව සංශෝධනය මගින් පිහිටුවන ලද   ”ස්වාධීන” කොමිෂන් සභා අතර, මානව හිමිකම් (මූලික අයිතිවාසිකම්) උල්ලංඝණයන්ට භාජනය වූවන්ට, සහන සැලසීම, අයිතීන් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය ස`දහා වූ මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව සහ එම ගණයට අයත් නොවූවද සුවිශේෂ කාර්යභාරයක් අපේක්ෂා කරන ලද ළමා ආරක්ෂක අධිකාරිය සම්බන්ධයෙන් සටහනක් තැබිය යුතුව තිබේ.

මෙම කොමිෂන් සභා දෙක හා අධිකාරිය ඔවුන්ට පැවරුනු කාර්යයන්, ඉටු කිරීමට අසමත්වූ, අකාර්යක්ෂමභාවය ප‍්‍රදර්ශනය කරන ලද ආයතන බවට පත් විය.

මානව හිමිකම් කොමිෂන් සභාව ”ජාත්‍යන්තරය” තෘප්තිමත් කිරීමට පියවර ගෙන, ඔවුන් ගේ ප‍්‍රසාද ලබා ගැනීමට නම් සමත් විය.

මෙම කාල වකවානුව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, වධ හිංසාව මූලික කරගත්, නඩු තීන්දු 02 ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

පිළිවෙලින් 2012 හා 2014 වසර වල පවරන ලද මෙම නඩු වලින් එක් නඩුවක පෙත්සම්කරුට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කරන ලද අතර, 

එක් නඩුවක, පොලීසිය මූලික අයිතීන් කඩ කළ බවට තීරණය කිරිමට පෙත්සම්කරු අපොහොසත්ව ඇති බවට තීරණය කළ ද, පොලිසියේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් ගැන සඳහන් කර තිබෙන සටහන වැදගත්වේ. 

වසර 08 ට හා 06 ට පසුව දෙන ලද මෙම තීන්දු දෙකේ උද්ධෘතයන් දෙකක් සටහන් කරමු.

"It must, however, be emphasized that the members of the Police force entrusted with the task of ensuring a peaceful environment for the citizenry to live without fear of crime or violence, should not themselves consider it their right to resort to violence at the cost of the well-being of their detainees, in the achievement of those ends.” S.C. (F/R) Application No. 458/2012

 “As a society that is committed to protecting the Dignity and Well-being of the People (See the Preamble/ Svasti of the Constitution), the violation of the right to liberty guaranteed by Articles 11 and SC / FR 296/14 JUDGMENT Page 12 of 12 13 of the Constitution should be of serious concern and in my view, the State should take more proactive steps to address the gap between the law and practice.”  SC FR APPLICATION 296/2014


යුක්තිය පසි`දලීමේ සමස්ථ පද්ධතිය තුළ, යුක්තිය ඉටු කරනවා වෙනුවට, වින්දිතයින්ව දැඩි පීඩාවට පත් කරනු ලබන්නේ ශාරීරික, මානසික හා ආර්ථික වශයෙනි. සමස්ථ පද්ධතිය මානව ගරුත්ත්වය කෙලෙසන්නක් විය. මෙම පද්ධතියෙන් වඩාත්ම පිඩාවට පත්වුයේ ස්ත‍්‍රීන් හා ළමුන්ය.

71 ක් වසර පුරාම මෙම තත්ත්වය පවත්වාගෙන යෑම මිස, මහ ජනතාවට සෙත සලසන අන්දමට වෙනස් කිරීමේ අදහසක්වත් නොතිබූ තත්ත්වය තුළ, 2020 පළමු හය මස තුළ, බන්ධනාගාරය, පොලීසිය, රස පරීක්ෂක, නීතිපති දෙපාර්තමේන්තුවල නියම ස්වභාවය සම්බන්ධයෙන් කථිකාව ආරම්භ විය. කථා කිරීමට නිදහස නැතිකර තිබු අධිකරණ පද්ධතිය පිළිබඳව ද විවේචන එල්ල විය.

මෙහිදී එක් කරුණක් ගැන පමණක් සඳහන් කරමු. අතීතයේදී මෙන්ම, ගතවූ හය මස තුළ නීතිඥවරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන්, සේවාදායකයින් හා අදාළ පාර්ශවයන් විසින් මතු කරන ලද බරපතල විෂමාචාර ප‍්‍රශ්න, පද්ධතිය මගින්, බලය උපයෝගී කරගෙන, යට ගසනු ලැබීය.


අධිකරණ පද්ධතිය කේන්ද්‍රව, යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රණය ට සම්බන්ධ සිය`ඵ ආයතන වල ආයතන ගතව පවතින ගැට`ඵ හා, නිරාකරණය කර ගැනීමට පියවර නොගෙන හුදෙක් 
"ප‍්‍රතිසංස්කරණ" ගැන, වාද විවාද, සංවාද, පැවැත්වීම නිශ්ඵලය.

ඉදිරියේදී, සිවිල් සමාජයේ වගකීම වන්නේ, ජාත්‍යන්තර පිපාසාවන් සංසිඳවීමට නොව, ජනතාවට වැඩදායී, කරුණු කෙරහි, බලපෑම් කිරීමට ප‍්‍රජාව පෙළඹවීමට පියවර ගැනීමය.

මෙම නිගමන වලට අදාළ සිද්ධීන් බලධාරීන්ට පැමිණිලි කර ඇත. අපගේ සමාජ මාධ්‍යය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කර ඇත.  

ජනසංසදය
2020 අගෝස්තු 19


 

Post a Comment

0 Comments