Monday, August 17, 2020

කුඩු බොන පුතාට හයිකෝට් එකක් දාපු එක අපරාධයක්.

 

ඇය රෝහිණී, අවු: 50 යි, මොරටුමුල්ලේ පදිංචිකාරියක්. බොරුපන **** ෆැක්ටරියක රැුකියාව කරයි.සැමියා කුඩු බොනවා. පුතාත් කුඩු බොනවා.පුතාට අවු: 24 යි, පුහුණු කම්කරුවෙක්.

පුතා අවුරුද්දක්, කන්දකාඩුවේ පුනරුත්ථාපනය වුනා. වැඩක් වුනේ නෑ. ආව දවසේ ඉඳලා කට්ටිය එක්ක කුඩු බොන්න පටන් ගත්තා. කට්ටිය එක්ක එකතු වෙලා සොරකම් කරන්නට ද පටන් ගත්තා. 

2020.07.10 ගල්කිස්ස පොලීසියෙන් අල්ලා ගත්තා. සොරකමකට. 2020.07.11 උසාවියට ඉදිරිපත් කළේ, කුඩු මිළි ග‍්‍රෑම් 1100 කට වැඩි ප‍්‍රමාණයක් ළඟ තිබුන බවට බොරු චෝදනාවක් දාලා.මේ වන විට, බෝගම්බර බන්ධනාගාරයේ ඉන්නවා. 

අත්අඩංගුවට ගන්නකොට පුතා ළඟ කුඩු තිබුනේ නෑ. මහේස්ත‍්‍රාත්, පුතාට ඇප දෙන්නේ නෑ. 54 ගහලා තියෙන නිසා. අපි වැරැුද්ද පිළිගන්නවා. ඒත් බොරු චෝදනාව පිළිගන්න බෑ. 

ප‍්‍රදේශයේ කුඩු ජාවාරම්කාරිය එක්ක පොලීසිය සම්බන්ධයි. ඇයව, අල්ලන්නේ නෑ. පොලීසිය කරන්නේ අපරාධ නැති කරන එක නෙවෙයි. අපරාධකාරයින් එක්ක එක්වෙලා අපරාධ කරන එක.

නියපොත්තෙන් කඩන්න තිබුන මත්ද්‍රව්‍යය ජාවාරම පොරවෙනුත් කපන්න අද බෑ.දැන් පිළිකාවක්. කුඩු බොන එවුන් අල්ලන්න  ඕනි. නමුත් බොරු නඩු දාන එක අපරාධයක්. එය පුද්ගලයෙකුට කරන දෙයක් පමණක් නොවෙයි. මුළු රටටම කරන අපරාධයක්. කුඩු ජාවාරම ආරක්ෂා කිරීමක්.


No comments:

Post a Comment