Tuesday, August 25, 2020

පුත්තුන්ව යැව්වේ කොළඹ සුපිරිම ඉස්කෝලෙට, මොනව කරන්නද? ළමයි කුඩු බොන්න පුරුදු වුනා.

ගම දහමට නැඹුරුව වැදගත් රැකියාවක් කරලා, කුලකයට අයත් කොළඹ සුපිරිම ඉස්කෝලෙකට යැව්වා. පුතා වැරදියි. ඒත් බොරුවට නඩු දාන එකත් වැරදියි.

පුතා හොඳ රක්ෂාවක් කළේ. ගෙයකුත් හැදුවා බඳින්න හිටියේ. අවුරුදු 10 ක් යාලූ වෙලා ඉඳලා කුඩු බොන බව දැනගෙන මගුල කැඩුනා." මම වුනත් කැමති වෙන්නෙ නෑනේ .”

ඇය තම පුතා ගැන එසේ කිව්වේ, තමන් මත්ද්‍රව්‍යය මර්දනයට සියයට සියයක් එකඟ වන බව අවධාරණය කරමින්ය. මේ වන විට පුතා කුඩු වලින් මිදීමට බෙහෙත් ගන්නා බවද, ඇය කියා සිටියා.

තම ප‍්‍රදේශයේ කුඩුවලට ගංජා වලට ඇබ්බැහි වූවන් විශාල පිරිසක් ඉන්න බවත් පොලීසිය කරන්නේ අල්ලගෙන ගිහිල්ලා දඩයක් ගස්සවා එවන එක බවත් ඇය කියා සිටියා.

2020.08.13 දින, පුතාව අත්අඩංගුවට ගන්නා විට, බෙහෙත් පාවිච්චි කරමින් සිටින බවත්, ගේ වට කරලා, පුතාට හොඳට ම ගහලා බෙහෙත් පෙති විකුණනවා යැයි බොරු චෝදනා කරලා අරන් ගියේ.

එක් වරක්  අත්අඩංගුවට අරගෙන, පොලීසිය කුඩු දාලා උසාවිය දැම්මා. ඒ අවස්ථාවේ රු: 10,000/- ක දඩයක් ගෙවා නිදහස් කර ගත්තා.

"මේ පාර මි.ග‍්‍රෑ. 1100 ක් තිබූ බවට බොරු චෝදනාවක් දාලා රිමාන්ඞ් කෙරෙව්වා” ඇය කියා සිටියා.  ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බොරු නඩු දාන අපරාධය නවත්වන ලෙසටත්, ඇය කියා සිටින්නේ, කුඩු ජාවාරම් කරුවන් හා එක්ව, කුඩු බොන අයව අල්ලලා උසාවි දාලා දඩ ගස්සවා හෝ මාස ගණනක් රිමාන්ඞ් කරවලා හෝ මාධ්‍ය ප‍්‍රචාර කරවා කුඩු මර්දනය කළ නොහැකි බවයි.

කඩිනමින් රස පරික්ෂක වාර්තා ගෙන්වීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටින් ඇය, කුඩු ජාවාරම් කරුවන් හා එක්ව සිටින පොලිස් නිලධාරීන් හැම පොලීසියකම සිටින බවද කියා සිටී.

No comments:

Post a Comment