Tuesday, August 18, 2020

ඔත්තු කරුවාට STF එක නෙලයි. හයිකෝට් නඩුවක් ද දමයි. ලක්ෂපතියේ මවකගේ කථාව.


මොරටුව, ලක්ෂපතියේ පදිංචි කරුවෙක්. තම නිවස ඉදිරිපිට KG හා නීති විරෝධී මත්පැන් (UML) ජාවාරමේ නියැලෙන ජගත් ගැන,STF එකට, දැනුම් දුන්නේ, මොහු, මොරටුව පොලීසිය සමග පවත්වන්නාවූ ඇයි හෙදයි කම් නිසාය.

නමුත් STF එක ද කළේ, මොරටුව පොලීසිය කරන දේමය.මෙයට, උරන වූ ඔහු ඒ බව STF එකේ තම ඔත්තුව බාර ගත් නිලධාරියාට කියා නැවතුනේ නැත. දෝශාරෝපනය ද කළේය. 

එහි ප‍්‍රතිඵලය ඔහුගේ නැන්දනිය, ආරක්ෂක ලේකම් අමතන ලද ලිපියෙන් සියල්ලම පැහැදිළිය.  

ජාත්‍යන්තරය මෙහෙය වන, මත්ද්‍රව්‍යය ජාවාරමේ, අලගිය මුලගිය තැන් සෙවීමේ ලෙහෙසි පහසු නැති බව මෙම සිද්ධියෙන් ද පැහැදිළි වනු ඇත.


මේජර් ජනරාල් කමල් ගුනරත්න මහතා
ආරක්ෂක ලේකම්
ආරක්ෂක අමාත්‍යාංශය
15/5, බාලදක්ෂ මාවත
කොළඹ 03


නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ගලවා ගැනීම සමබන්ධයෙන්, විශේෂ පොලිස් කාර්ය බලකායෙන් විමසා සිටීම නිසා සිදුකරන ලද අපරාධය.

 

කාරිය****ගේ ***, අවු: 49 යි, ජා.හැ.අ. *****400451, විවාහක, දරවන 03 යි, **** පෙදෙස, ලක්ෂපතිය, මොරටුව. දු.අ 077 3****42 , 2020.08.12 වන දින දීය.

*****, අවු: 39 යි, විවාහක, මාගේ බෑනා වේ. 

2020.08.11 වන දින රාත‍්‍රී 7.30 ට පමණ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 10 දෙනෙකු යතුරුපැදි වලින් ආයුධ සන්නද්ධව පැමිණ නිවසට කඩා වැදුනා.

ඔවුන් *** කියන්නේ කවුද කියා ඇහුවා. බෑනා මම කියා ඉදිරිපත් වුනා. 

එක් අයෙක ඔහුගේ ටී ෂර්ට් එකෙන් අල්ලාගෙන, නිවස ඉදිරිපිට, රංජිත් නැමති අයගේ නිවසේ තාප්පය අසලට ගෙන ගොස් එයට හේත්තු කරගෙන ඔවුන් වටකරගෙන පහර දුන්නා. අතින් පයින් හා තුවක්කු වලින් පහර දුන්නා. පහර දෙන අතර උඹ චණ්ඩියෙක්ද? උඹ අපේ ඇඳුමත් එක්කද ගේම ඉල්ලූවේ යැයි කියමින් විනාඞ් 15 ක් විතර පහර දුන්නා

ඉන්පසු, ඔහුව, **** පටුමගට ඇදගෙන ගොස්, එහි වීදි ලාම්පු නිවා දමා බිම වැටෙන තෙක් අතින් පයින් පහර දුන්නා. එසේ පහරදී එතනට පැමිණි, විශේෂ කාර්ය බලකායේ ජීප් රථයට දමාගෙන, පාලම අසල බෝතල් කඩය ළඟට ගෙන ගොස් බිමට ඇද දමා එතනදී ද පහර දුන්නා. 

ඒ අතරතුර, දෙදෙනෙක් පැමිණ, ඔවුන් ලියන ලද ප‍්‍රකාශයකට මාගේ හයමස් ගැබිණියක් වූ දියණියගෙන් අත්සන අරගත්තා.එයින් පසුව මොරටුව පොලීසියට ගෙන ගොස් බාරදුන්නා.

මොරටුව පොලීසිය අපට ප‍්‍රකාශ කළා, විශේෂ කාර්ය බලකාය ඔවුන්ට බාර දී ඇත්තේ මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 02 ක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත්තා කියා.

බෑනාට පහර දීම ගැන පැමිණිලි කිරිමට මා ඉල්ලා සිටයද, විශේෂ පොලිස් බලකාය පොලීසියට වඩා ඉහළයි කියා පැමිණිල්ල බාර ග්තතේ නෑ. 

පොලිස් අත්අඩංගුවේ සිටින බෑනා, අපට ප‍්‍රකාශ කළා, මීට මාස 1 1/2 කට පෙර, අප නිවස ඉදිරිපිට KG හා නීති විරෝධී මත්පැන් විකුණන පවුල සම්බන්ධයෙන් විශේෂ පොලිස් බලකායට පැමිණිල්ලක් කරන ලද බව. එම පැමිණිල්ලට පැමිණි විශේෂ පොලිස් කාර්ය බලකාය මහා පරිමාණ මත්ද්‍රව්‍යය හා නීති විරෝධී මත්පැන් විකුණන ජගත් ***, KG. පැකට් 194 ක් සමග අත්අඩංගුවට ගෙන, උසාවියට ඉදිරිපත් කළ බවත්, එදිනම එම පුද්ගලයා, රුපියල් 4000/- දඩයක් ගෙවා නිදහස්ව පැමිණි බවත්, 

එසේ පැමිණි මෙම පුද්ගලයා එදින රාත‍්‍රියේ ඔහුට බැන තර්ජනය කළ බවත්, තමා බේරුනේ විශේෂ පොලිස් කාර්ය බලකායට රුපියල් ලක්ෂ 5 ක් දී බවත්, ඒ ගැන ඔහු විශේෂ පොලිස් කාර්ය බලකායෙන් විමසීම නිසා ඔහු සමග උරණ වී සිටින බව.

මෙම ජගත් ප‍්‍රියලාල් මෙන්ඩිස් හා ඔහුගේ මව රංජනී, KG. විකුණන අතර, බෙදාහරිනු ද ලබයි. එමෙන්ම ජාඇල ප‍්‍රදේශයෙන් රැගෙන එන නීති විරෝධී මත්පැන් බෙදාහැරීමද මොහු සිදුකරනු ලබයි. මොහුව විටින් විට පොලීසිය අත්අඩංගුවට ගත්තද, ඒ සෑම අවස්ථාවකම දඩ ගෙවා නිදහස්ව එනු ලැබේ.

එපමණක් නොව, මොවුන්ට මොරටුව පොලීසිය අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් නිවසට ගෙනත් දෙන්නේ එම පොලීසියේ සේවය කරන මධුසංඛ නැමති පොලිස් කොස්තාපල්වරයා බවද සදහන් කරමි.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බෑනා මෙම සියළු  කරුණු හෙළිදරව් කිරීමට සූදානම්ව සිටින බවද ප‍්‍රකාශ කරමි. 

මා ඉල්ලා සිටින්නේ, 

මත්ද්‍රව්‍ය හා නීති විරෝධි මත්පැන් ජාවාරමට සම්බන්ධ මෙම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හා මොරටුව පොලීසියේ නිලධාරීන්ට එරෙහිව විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසට,

මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් අදාලව තොරතුරු දීමට ඉදරිපත් වන පුද්ගලයින්ට එරෙහිව ක‍්‍රියා කරන ඒවාට හවුල් නිලධාරීන්ට එරෙහිව, නීතිමය පියවර ගන්නා ලෙසටත්, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මාගේ බෑනාව, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට කඩිනමින් ඉදිරිපත් කර ප‍්‍රතිකාර ලබාදෙන ලෙසටත් ඔහු ළඟ තිබූ බවට විශේෂ පොලිස් කාර්ය බලකාය අධිකරණයට ඉදිරිපත් කර තිබෙන මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තාව ලබාගන්නා ලෙසත් පවරා ඇති ව්‍යාජ නඩුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටත්ය.

මෙයට,

****


No comments:

Post a Comment