Saturday, August 1, 2020

අයිස් ගහන සැමියාගෙන් ගැලවුනු බිරිඳට රැකවරණය දුන් පුංචි අම්මාට, මරණීය තර්ජන.




ඇගේ වයස අවු: 28 යි. දරු දෙදෙනෙකුගේ මවක්. සැමියා, ගංජා වලට, අයිස් වලට ඇබ්බැහි වෙලා. ඔහු ජිවත් වන්නේ, විදෙස්ගතව සිටින පියා එවන සල්ලි වලින්. ඇසුරු කරන්නේ මතට ඇබ්බැහිවුවන්  - පාතාල සාමාජිකයින්. 

මෙම පසුබිම යටතේ, සැමියාගෙන් වෙන්ව, පුංචි අම්මාගේ රැකවරණය ලබාගත් ඇයගේ කථාව හෙලි කරන්නේ මත්ද්‍ර්‍යය ජාවාරමේ තවත් පැතිකඩක්.

‘‘ධවල’’  පුංචී, නමින් ප‍්‍රකට බරපතල අපරාධ වලට බන්ධනාගාරගතව සිටි ඥාතියෙකු, මේ වන විට ‘‘නිදහස්ව” පැමිණ තිබේ. ඔහු හා ඔහුගේ සහචරයින්, KG, අයිස්, හෙරොයින් ජාවාරමෙ නියැලෙති. එම පිරිස ගැන සියලූම තොරතුරු, ප‍්‍රදේශයේ සියලූම පොලීසි දනිති. ඔවුන්ගේ සහචරයින්ව, වරින් වර, අත්අඩංගුවට ගෙන, ග‍්‍රෑම් 01 කට අඩු ප‍්‍රමාණයක් සන්තකයේ තිබූ බවට කියමින්, උසාවියට ඉදරිපත් කරන බවත්, දඩය ගෙවා, එළියට ට ඒමට ඉඩ දෙති. 

විදෙස් රටවල සිටන සිය නායකයින්ට, මුදල් යැවීමට වානිජ බැංකු යොදා ගනිති. මෙම කණ්ඩායම, ප‍්‍රදේශයේ පොලීසි සමග මෙන්ම, විශේෂ කණ්ඩායම සමග සම්බන්ධ බවද පවසති.

මේ ඇගේ කථාවයි.

ඉතා රහසිගතයි

ආරක්ෂක ලේකම් වෙත.

සැමියා සහ සැමියාගේ කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට තැත් කිරීම හා පුංචි අම්මාට මරණීය තර්ජන කිරීම.

2020.07.24 වන දින දීය.

මා විවාහ වී වසර 10 ක් ගතව තිබේ. දැනට වසර 4 ක පමණ සිට විවිධ මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවෙකි. මේ වන විට, ඔහු තවත් පිරිසක් සමග එක්ව මත්ද්‍රව්‍යය භාවිතා කරනු ලැබේ.මේ වන විට, ඔහු අයිස් මත්ද්‍රව්‍යයට දැඩිව ඇබ්බැහිව ඇති අතර, අයිස් නොමැති විට, පෙති වර්ග ගෙන භාවිතා කරනු ලැබේ.

මොහු සමග ප‍්‍රබල මත්ද්‍රව්‍යය ජාවාරම් කාරයින්ද සිටී. එක් අයෙක්, වසර 14 කට ආසන්න කාලයක් අච්චු විඳ, දැනට නිදහස්ව පැමිණ ඇති, ----- නමින් ප‍්‍රකට ------- වේ.

සැමියාට අයිස් සපයනු ලබන්නේ පානදුර, හිරණ පාරේ, -- නැමති සංවිධානාත්මක අපරාධකරුවාගෙනි.

මෙම පසුබිම යටතේ සැමියා සමග එකට ජීවත් වීමට නොහැකි නිසා, 2020.*.* වන දින, මා ඔහුගෙන් වෙන්ව, ඉහත ලිපිනයේ පිහිටි, මාගේ මවගේ නිවසට පැමිණියා. මාව බලා ගන්නේ ආච්චි ය. දැනට මාගේ මව පදිංචි ** වන අතර, ඇය එවන මුදලින් ජීවත් වෙමි.

සැමියාගෙන් වෙන් නොවන ලෙසට ඔහු වටා සිටින, ඉහත සඳහන් පිරිස බල කරන අතර, 2020.**.** දින, රාත‍්‍රියේ සැමියා, ---- මල්ලී ---- හා ---- සිට පැමිණ සිටින, ---- ගේ පුතෙක් වන ------ යන අය පැමිණ, මාව බලයෙන් රැගෙන යෑමට උත්සාහ කරන ලදි.

මා ඔවුන්ගෙන් මිදී පලා යන ලදි. ඉන් අනතුරුව මාව, මරා දැමීමට හෝ ඔහුට බාර දෙන බවත්, මට කුඩු දමා අල්ලා දෙන බවත්, ------ ගෙදරට පැමිණ කියා යන ලදි.

එපමණක් නොව, මා දැනට සිටින, මාගේ පුංචි අම්මා වන, *****, ඔහු මරණ තර්ජන කරන ලදි. ඇය ** හැවිරිදි, ඉහත ලිපිනයේ පදිංචි, දෙදරු මවකි, රැකියාව: --- වේ. 2020.**.** වන දින සවස 6.00 ට පමණ, එම නිවසට ----- පැමිණ, ඇයගේ ------ ගිණි තබන බවත්, කුඩු දමා යවන්න  ඕන තැනට යවන බවත් කියමින් තර්ජනය කරන ලදි.

මාගේ පුංචි අම්මා වන, ****, මෙම තර්ජනය ගැන, 2020.**.** වන දින *** පොලීසියට පැමිණිලි කරන ලදි.

මෙම තත්ත්වය මත, මෙම සංවිධානාත්මක අපරාධ හා මටත් මාගේ පවුලේ උදවියටත් තිබෙන තර්ජන ගැන ප‍්‍රදේශයේ පොලීසියකට ගොස් පැමිණිලි කිරීමට නොහැකි තත්ත්වයක් පවතී.

මා දන්නා තරමින්, මෙම පිරිස පොලීසිය සමග පමණක් නොව මත්ද්‍රව්‍ය නාශක අංශය හා විශේෂ කාර්ය බලකාය සමග ද සම්බන්ධය. මෙහිදී, මාගේ පුංචි අම්මා ට තිබෙන තර්ජනය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමි.

මා ඉල්ලා සිටින්නේ,

මෙම පුද්ගලයන්ගෙන් මා හට ආරක්ෂාව සලසා දෙන ලෙසටය.

මෙයට,
*****

No comments:

Post a Comment