Saturday, August 22, 2020

ඡන්දය යටපත් කළ කොරෝනාව රෝගීන් 3000 කට ආසන්නයි.

 

මේ වන විට, ලංකාවේ කොරෝනා රෝගීන් ගේ සංඛ්‍යාව 2941 ක් බවට පත්ව තිබේ. රටවල් ගණනාවක් තවමත් කොරෝනාවෙන් බැටකන අතර, එ් පිළිබඳව සංක්ෂිප්ත සටහනකි මේ.

ලෝකය හා සැසඳීමේදී, ශ‍්‍රී ලංකාවේ රෝගින්ගේ සුව වීමේ ප‍්‍රතිශතය 94.83% කි. මරණ සංඛ්‍යාව 0.37% කි. සංඛ්‍යාත්මකව ගත් කළ මරණ 12 කි.

ඇමෙරිකාවේ රෝගීන්ගේ සංඛ්‍යාව 5,796,727 වන අතර, දිනෙන් දිනම ඉහළ යමින් පවතී. මරණ 179,200 ක් වාර්තා වී තිබේ. එරට රෝගීන්ගේ සුව වීමේ ප‍්‍රතිශතය 53.95% කි. අසල්වැසි ඉන්දියාවේ රෝගී සංඛ්‍යාව අනුව, තෙවන තැනට පත්ව තිබේ. සංඛ්‍යාව, 2,975,701 කි. එහෙත් සුව වීමේ ප‍්‍රතිශතය 74.69% කි.

බොහෝ රටවල් විවෘත කළද, යළිත් සංචරණ පාලනය සඳහා දැඩි නීති පැනවීමට පියවර ගෙන තිබේ. නොවැම්බර් මසට නියමිත, ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රධාන කාරණය බවට කොරෝනා ව පත්ව ඇත. ට‍්‍රම්ගේ ප‍්‍රතිවාදියා බීඩන්, තමා බලයට පත් වුවහොත් කොරෝනාව පාලනය සඳහා රට වසා දැමීමට සූදානම් බව කියා සිටී.

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව කොරෝනා වසංගතය මැඩලීමට තව අවුරුදු දෙකක් ගතවනු ඇත.

මේ වන විට, කොරෝනා රෝගී සංඛ්‍යාව අනුව තවමත් පළමු තැන හිමිකර ගෙන සිටින්නේ, ඇමෙරිකාවයි. ලංකාව 122 වන ස්ථානයට පත්ව තිබේ. එංගලන්තය 13 වන ස්ථානයේ පසුවන අතර, චීනය පසුවන්නේ 34 වන ස්ථානයේය.

මේ අනුව පවතින අනතුර ගැන අපගේ අවධානය ලිහිල් කළ යුතු නැත. ආණ්ඩුව සිය වගකීම දැඩි කළ යුතුයි. 


No comments:

Post a Comment