Wednesday, August 19, 2020

මව, පියා හා 8 හැවිරිදි දියණියට වධ දී, මරා දැමූ වර්ගවාදී සුදු ජාතිකයාට, මරණ දඬුවම දෙයි.

මෙරිකා එක්සත් ජනපදයේ, මධ්‍යම ආණ්ඩුව විසින්, වසර 17 කට පසුව, ක‍්‍රියාත්මක කළ මෙ මරණ දඬුවම, ට‍්‍රම්ප් ලබාගත් දේශපාලන ජයග‍්‍රහණයක් ලෙසට සැලකේ.

ඇමෙරිකාවේ ප‍්‍රාන්ත රාජ්‍යයන්, මරණ දඬුවම ක‍්‍රියාත්මක කළද, මධ්‍යම රජය ක‍්‍රියාත්මක ක‍්‍රියාත්මක කිරීම 2003 සිට අත්හිටවන ලදි.

ඩැනියෙල් ලූවිස් ලි, සුදු අධිරාජ්‍යක් සඳහා සටන් වැදී සිටින වර්ගවාදියෙකි. ඔහු, මව, පියා හා 8 හැවිරිදි දියණියට වධ දී, මරා දමනු ලැබූයේ, 1996 දී ය.

2003 මරණ දඬුවම නියම කිරීමෙන පසුව, නීති තර්ක කරමින්, දඬුවම කල් දමනු ලැබූ අතර, අවසාන මොහොතේදී, මරණ දඬුවමට යොදා ගන්නා, එන්නත් කරන ලබන විෂ ඖෂධය සම්බන්ධයෙන් ද නීති තර්ක ඉදිරිපත් කරනු ලැබීය.

මරණ දඬුවමට එරෙහිව කි‍්‍රියාකරන සිවිල් සංවිධාන, මෙය ජනාධිපති ට‍්‍රම්ප්, දේශපාලන වාසි තකා කරන ලද්දක් බවට චෝදනා නැගීය.

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ ලූවිස් ලි ගේ මරණ දඬුවම පිළිබඳව අභියාචනය ප‍්‍රතික්ෂේප කළේ, 5 ට 4ක් වශයෙනි.

මරණ දඬුවමට පක්ෂපාතී ට‍්‍ර‍්‍රම්ප්, මරණ දඬවම ක‍්‍රියාත්මක කරන සඳහා යොදා ගන්නා ‘විෂ එන්නත්’ වර්ග තුනක් භාවිතය, එකට සීමා කළ අතර, එම විෂ එන්නත නිපදවන සමාගමේ රහසිගත භාවය රැකීමට ද පියවර ගත්තේය. 

ඉන්දියානා හි ටෙරා හුවේ බන්ධනාගාරයේදී විෂ එන්නත ශරිර ගත කිරීමට පෙර තමා නිවැරදිකරු බවත්, අහිංසකයෙකු මරා දමන බවටත්, ලී, ප‍්‍රකාශ කර ඇත.

 

No comments:

Post a Comment