Tuesday, August 4, 2020

විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය මණ්ඩලය බැන්ද වැට - ශ්‍රේෂ්ඨාධිකරණය කඩා දමයි.

                          
 
                                                                                                                                              

විදේශීය සරසවි වලින් වෛද්‍ය උපාධිය ලබාගෙන, රටට පැමිණෙන, වෛද්‍යවරුන්, ශ‍්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ ලියාපදිංචි විය යුතුයි. එම ලියාපදිංචිය ලබාගැනීමට, වෛද්‍ය මණ්ඩලය විසින් පවත්වනු ලබන, වෛද්‍යවරයෙකු වශයෙන් ලියාපදිංචිය සඳහා වූ විභාගය (ERPM) සමත්විය යුතුය.

මෙම විභාගයට පෙනී සිටීම වෛද්‍ය උපාධිය තිබුනද ඒ සඳහා මූලික සුදුසුකම් සපුරාලිය යුතු බවට වන, වෛද්‍ය මණ්ඩලයේ තීරණය මගින්, තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන ලද වෛද්‍ය උපාධිධාරීන් 17 කුගේ, පෙත්සම් හතරක් පිළිබඳ තීන්දුව පසුගියදා ප‍්‍රකාශයට පත් කරන ලදි.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) නීතිය පසිදලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය හා 14 (1) (උ) එකලාව හෝ අන් අය සමග යම් නීත්‍යානුකූල රැුකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස; වෛද්‍ය මණ්ඩලය ප‍්‍රධාන වගඋත්තරකරුවන් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විය.

2020.07.23 වන දින ලබාදෙන ලද මෙම තීන්දුවෙන්, එම වෛද්‍ය උපාධිධාරීන්ට ෑඍඡුඵ විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන ලෙසට ශ‍්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය නියෝග කර ඇත.

 


No comments:

Post a Comment