Saturday, January 15, 2011

සිංහල බෞද්ධයෙකුගේ තෛයිපොංගල් දින පණිවිඩය





නිදහස හරිම සුන්දරයි. ආගමික නිදහස සාමයේ සෙවනැල්ලයි. ආසියාව ප‍්‍රධාන ආහමි ගණනාවකට උල්පත විය. නමුත් ආගම ඇදහිමෙ නිදහස සහ සෙසු ආගමි වලට ගරු කිරිම කෙතරමිදුරට එහි සාර්ථකත්වයක් ලබා තිබෙද?

මම ශ‍්‍රී ලංකාවෙි දකුණේ ජිවත්වන සිංහල බෞද්ධයෙක්. මෙම සිංහල බෞද්ධ හැදුනුමිපත මට ඉපදුනු වහාම මගේ දෙමාපිියන් විසින් ලබා දෙන ලදි. දැනුමි තෙරුමි යනකොට මානව හිමිිකමි පිළිබද විශ්ව ප‍්‍රකාශනය කියවන විට මට අවබෝධ වුනා මට මා කැමති ආගමක් ඇදහිමෙිි අයිතිියත් අන්‍යය ආගමි වලට ගරු කිරිමෙි යුතුකම මෙන්ම වගකිම ඇතිි බව.

හෙට හින්දු භක්තිකයින්ගේ අවුරුද්ද. ඒ කියන්නේ ඔවුන්ගේ තෛපොන්ගල් උත්සවය. මෙය නිරතුරුව උතුරු නැගෙනහිර විශේෂයෙන් යාපනේ ජනතාව සිහිකෙරෙන අවස්ථාවක්. ඒ ජනතාවට හෙටින් උදාවන අවුරුද්ද නැවුමි බලාපොරොත්තු ගොන්නක් පෙරදැරි කරගත් එකක් වනවා නොඅනුමානයි.

යුද්ධය අවසන්ව මාස 19ක් වෙනවා. හෙට විශේෂයෙන් යාපනේ ජනතාවට  ප‍්‍රීතියෙන් මෙම ආගමික උත්සවය සැමරිමෙි අවකාශය තිබෙනවාද? යුද්ධය අවසන් වුවාට මුලු රටෙිම හදීසි නීතිය ක‍්‍රිියාත්මක වෙනවා. යාපනය තුළින් හමුදාව ඉවත් කිිරිමක් සිදුවෙලා නැහැ. ඊයේ පෙරේදා මිනිමැරුමි සහ අතුරුදහන්විමි ගණනාවක් වාර්තා වුනා.

මිට අමතරව යාපනය තුළ බුදු පිළිම තැනින් තැන ඉදිවෙමින් තිබෙනවා. එහි දෙමළ ජාතික පාසල් සිසුන්ට අගමැතිවරයා සහභාගි වු උත්සවයකදි ජාතික ගී ය සිංහල භාෂාවෙන් ගැයිමට බලකෙරුනු බවත් මාධ්‍යය වාර්තා කළා.

සෑම ආගමකින්ම අන්‍යය ආගමිකයන්ට ගරු කිරිම උගන්වනවා. ජේසු තුමා අසල්වැසියාට පේ‍්‍රම කරන්න කිවිවා. බුදුන් වහන්සේ වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවත් තම හතුරාට උවද මෛති‍්‍ර කළ යුතු බව කිවිවා. අපට සෑම ආගමකින්ම ඉගෙන ගතයුතු දේවල් තිබෙනවා.
හෙට එනමි තෛයිපොන්ගල් දිනයේදි සිංහල බෞද්ධ අපි විශේෂයෙන් යාපනේ ජනතාවට ජිවත්විමට ඇතිඅයිතියත් ජිවිත සුඛිත මුදිත කර ගැනිමට ඇති අයිතියත් ආරක්ෂාකර දෙමු. සෑබෑ බෞද්ධකම නමි හින්දු ආගමට බෞද්ධ ආගම හා සමානව ගරු කිරිමයි. එය දීර්ඝකාලිින සාමයකට අත්‍යවශ්‍යයයි.








හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි

1 comment:

  1. "මිට අමතරව යාපනය තුළ බුදු පිළිම තැනින් තැන ඉදිවෙමින් තිබෙනවා"

    යාපනේ බුදුපිලිම වලට තහනම් කලාපයක්ද? එහේ බෞද්ධයෝ නැද්ද? දකුණේ කෝවිල්, මුස්ලිම් පල්ලි ඉදි වෙන එක තහනම් කරලා තියේද?

    ReplyDelete