Thursday, June 2, 2016

විජිත හේරත් ගේ බොක්කෙන් පිටවෙලා තියෙන කස්තුරි සුවඳ ෙදාස්තරට හා පොලීසියට වැරදිලා !!


රථවාහන අනතුරකට අදාලව ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් මංත‍්‍රී විජිත හේරත් අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීම ආන්දෝලනයට ලක් විය. 
එ් විජිත හේරත් මංත‍්‍රීට බීලා රිය පැදවීමේ චෝදනාව ගැන. ඔහු මාධ්‍යයට කියා සිටියේ තමා බීලා හිටියේ නැති බවයි. පක්ෂ ලොක්කෝ ද එය පුන පුනා කියා සිටියේය.
රිය අනතුරු අදාලව විජිත හේරත් ජ.වි.පෙ. මංත‍්‍රීට නගා තිබූ රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරික්ෂාකාරීව රිය පැදවීම, යන චෝදනා 02 ටම ඔහු වරද පිළිගෙන රජයේ ගාස්තුවක් ගෙවා එළියට ආවේය.
තෙවන චෝදනාව වූ බීමතින් රිය පැදවීමේ චෝදනාව ට ඔහු නිවැරදිකරු බව පවසා සිටයේය. එ් වෛද්‍ය වාර්තාවට අනුව අධිකරණ වෛද්‍ය පෝරමයේ, මත්පැන් සුවඳ වහනය බවට කර තිබෙන සඳහන අනුවය.
මත්පැන් සුවඳ වහනය වීම, බීම්ත්ව සිටි බව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් නොවේ. මන්ද, මත්පැන් පානය කළ විට, වර්ගය අනුව එයින් පිටවන ගඳ මුඛයෙන් පිටවේ.
තවදුරටත් පැහැදිළි කරන්නේ නම්, මත්පැන් ග`ද වහනය බීපු බව සනාථ කළ ද, ”වෙරිවන තරමට” බිලා රිය පැදවීමට නුසුදුසු තත්ත්වයක සිටින බව තහවුරු නොකරයි.
මෙම තාක්ෂණික කාරණය මුල්කරගෙන බීමතින් රිය පැදවීමේ චෝදනාවෙන් විජිත හේරත් ජ.වි.පෙ. මංත‍්‍රී නිදහස් කිරීමට අධිකරණයට සිදුවිය.
අධිකරණයෙන් නිදහස් වීම වරදක් නොකළ බවට තප්පු ගැසිය නොහැක.
විජිත හේරත් ජ.වි.පෙ. මංත‍්‍රී, රිය පැදවීමට නුසුදුසු ප‍්‍රමාණයට මත්පැන් පානය කර නොමැත. එය පිළිගත යුතුයි.
නමුත් මත්පැන් පානය නොකළා යැයි ප‍්‍රකාශ කිරීම අමූලික බොරුවකි. මත්පැන් පානය වැරැුද්දක් හෝ අපරාධයක් නොවේ. මත්පැන් බොමින්, ජ.වී.පෙ. කාරයන් මත්පැන් පානය කරන්නේවත් නැති, පස් පවින් මිදී සිටින්නන් ලෙසට පෙනී සිටීමේ වංචාකාරී පිළිවෙත තවමත් අතහැර නැත්තේ අන්ධභක්තියන් ගොනාට ඇන්දවීමටය.
මාධ්‍ය වාර්තාවලට අනුව විජිත හේරත් මංත‍්‍රීට නියම කර ඇත්තේ රජයේ ගාස්තුවක් ගෙවීමටය. එය සැබෑවක් නම් දඩයක් ගැසිය යුතු වැරැුද්දකට රජයේ ගාස්තුවක් නියම කිරීම ගැන ද අවධානය යොමු කළ යුතුයි.
වැරදිවලට පමණක් ොනව අපරාධවලට ද වැරදිකරුවන් වන පුද්ගලයන්ට නියම කරන දඩ මුදල, රජයේ ගාස්තුවක් බවට හරවා ගෙවීමට නියම කිරිම මගින් සිදුකර ගන්නේ, වැරැුද්ද නාමික කරගනු ලැබිමකි.
මෙය, රජයේ සේවකයන් තම රැකියාව බේරා ගැනීමට, අධිකරණයේ අනුකම්පාව දයාව ලබාගෙන සිදුකරන්නකි. අපරාධ, වැරදි අවම කර පාලනය කිරීමට මෙම තත්ත්වයද බොහෝ අහිතකර  බලපෑනම් ඇති කර තිබෙන බව ප‍්‍රකාශ කළ යුතුයි.   


1 comment:

  1. ලංකාවේ නීතිය ජනසංසද මොළ කොලොප්පන් කාරයන්ට අවශ්‍ය විදිහට වෙනස් කරන්න බැරිය. මේ තීන්දුව වැරදි නම් මොළය උඩ ඉඳගෙන බෙරිහන් දෙමින් තම මෝඩකම ප්‍රදර්ශනය නොකොට ඉහල උසාවියකට පැමිණිලි කරපල්ලා.

    ReplyDelete