Saturday, January 23, 2016

ලිඟුව මිරිකා වධ දුන්නාට, පොලිස්පතිට රු: 50,000/- ක් ගෙවන්න නියම වෙයි.


15 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන නිරුවත් කොට පුරුෂ ලිඟුව මිරිකා වධදුන්න මාතලේ යටවත්ත පොලීසියේ පොලිස්කාරයන් හතරදෙනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් බවට පත් කරණු ලැබීය. 

පොලිස් ස්ථානාධිපති ඇතු`ඵ එම පොලිස්කාරයන් හතරදෙනාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ද, අත්විඳින්ට සිදු වූ ශාරීරික හා මානසික පීඩාවට වන්දි වශයෙන් එම සිසුවාට          රු: 50,000/- ක වන්දියක් ගෙවන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කළේය. 

මෙය 2011 වසරේ සිදු වූ සිදුවීමකි. මාතලේ යටවත්ත පොලීසියේ සැරයන් ඩග්ලස් ඇල්ලේපොල, පො.ප. බංඩාර, හෙට්ටිආරච්චි හා ස්ථානාධිපති නිශ්ශංක යන පොලිස්කාරයන්, 15 හැවිරිදි පුබුදුව අත්අඩංගුවට ගෙන වධදුන්නේ සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමටය. 

පොලීසිය පුබුදුව, මහේස්ත‍්‍රාත් අධිකරණයට කළ අවස්ථාවේ, ඔහුව රෝහල්ගත කිරීමට එවක මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

මාතලේ පළාත් මහ රෝහලේ වශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය අජිත් ජයසේන  මහතා, පුබුදුව පරීක්ෂා කොට, විශේෂඥ මානසික වෛද්‍යවරයා වෙත යොමු කරණු ලැබීය.

විශේෂඥ මානසික වෛද්‍යවරයාගේ නිගමනය වූයේ, වධ දීමේ ප‍්‍රතිඵලයෙන් පුබුදු, දැඩි මානසික ආතතියකට (ඡුඔීෘ* පත්ව තිබෙන බවයි.

එවක මාතලේ මහේස්ත‍්‍රාත්වරිය, මෙම පසුබිම යටතේ, පුබුදුට වධදුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව, මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවරන ලෙසට නීති ආධාර කොමිෂම ට නියම කළේය.

නීති ආධාර කොමිෂමේ උපදෙස් මත, නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා පුබුදු හා මව කුමාරිහාමි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.

2015 ඔක්තෝබර් 13 දින පෙත්සම අදාලව විවාදය පැවැත්වී අතර තීන්දුව 2016 ජනවාරි 14 දින ප‍්‍රකාශයට පත් කරණු ලැබීය.

විනිසුරු වනසුන්දර හා විනිසුරු උපාලි අබේරත්න ගේ එකඟතාවය මත, තීන්දුව ප‍්‍රකාහයට පත් කරණු ලැබුවේ විනිසුරු අනිල් ගුණරත්න විසිනි.

පොලීසියේ වධහිංසා පැමිණවීම් අදාලව දීර්ඝව කරුණු දැක්වීමකින් අනතුරුව, පොලීසිය ඉදිරිපත් කරන ලද සියලූම සාක්ෂි, තර්ක ප‍්‍රතික්ෂේප කර පුබුදු ට වධ දී ඇති ආකාරය නිර්දය ලෙස විවේචනයට ලක්කරණු ලැබීය.

පුබුදු ට සාධාරණ යුක්තිසහගත වන්දියක් රජය ගෙවිය යුතු බවත්, එය පොලිස්පති විසින් ගෙවිය යුතු බවටත් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉහත නම් කළ පොලිස්කාරයන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ද නියම කළේය.

පොලිස් අපරාධකරුවන් ආරක්ෂා කිරීම පොලිස්පති ගේ කාර්යයි. එ් නිසා, මෙම පොලිස් අපරාධකරුවන් හතරදෙනාට එරෙහිව විනය පියවර ගනු ඇතැයි විශ්වාස කළ නොහැක.

වර්තමානයේ මෙහි වගකීම ඇත්තේ ජාතික පොලිස් කොමිෂමටය. එ් නිසා ජනසංසදය, මෙම නඩුවේ තීන්දුව ජාතික පොලිස් කොමිෂමට ඉදිරිපත් කර, එ් අනුව කඩිනම් පියවර ගන්නා ලෙසටත්, එ් මගින් ජාතික පොලිස් කොමිෂමට සිය ස්වාධීනත්වය ප‍්‍රදර්ශනය කිරීමට හැකිවනු ඇතැයි යන විශ්වාසය පළ කර සිටී.

2011 දි මෙම සිද්ධිය, පුබුදුගේ මව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද ඉදිරිපත් කළේය. කොමිෂම කළේ ඇයගේ පැමිණිල්ල මහනුවර පිහිටි මානව හිමිකම් කොමිෂමේ ප‍්‍රාදේශීය කාර්යාලයට යොමු කිරීමය.

එහි සම්බන්ධීකාරක සුමනසේකර නැමැත්තා කළේ, සිද්ධියට අදාල යටවත්ත පොලීසියේ, පොලිස් අපරාධකරුවන් විසින් කොමිෂමට ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමේ ලිපියේ ඡුායා පිටපතක් පුබුදුගේ මවට යවා, එයට විරෝධතා දක්වන ලෙසට දැණුම් දීමය. 

එයට පිළිතුරු දීමට මළ පොත කියවන්නටවත් බැරි පුබුදුගේ මවට නොහැකි විය.

සම්බන්ධීකාරක සුමනසේකර නැමැත්තා කළේ, නියමිත දිනට පිළිතුරු එව්වේ නැත යන පදනම මත පොලිස්කාරයන්ට එරෙහි පැමිනිල්ල කුණු කූඩයට දැමීමය.

මේ පිළිබඳව ද, ජනසංසදය වත්මන් කොමිෂමේ සභාපතිනියගේ අවධානය කැඳවා පොලිස් අපරාධ වසන් කිරීමට කාලයක් තිස්සේ ක‍්‍රියා කළ මානව හිමිකම් කොමිෂමේ විමර්ශන නිලධාරීන්ට එරෙහි ව විනය පියවරක් ගන්නා ලෙසට ද ඉල්ලා තිබේ. 

x නඩු තීන්දුව හා විස්තර සඳහා;

        පිවිසෙන්න.
                                                    
x පුබුදු ගේ කථාවට සවන් දෙන්න;
  https://www.youtube.com/watch?v=B3lw_7BVo3c
පිවිසෙන්න.


   

Friday, January 22, 2016

ලීසිං කොම්පැනිකාරයෝ පොලීසියත් ලීසිං කරයි.


කලබදු (ලීසිං) කොම්පැනි, මේ වන විට ගෙවීම් පැහැර හරින්නන්ගෙන් මුදල් අයකර ගන්න යොදාගෙන ඇත්තේ පොලීසියයි.

ලීසිං කොම්පැනිවල ජරාවට යටවී සිදු කරන මෙම අපරාධය පිළිබඳ හෙළිදරව් කිරීමට අද හැකි වී තිබේ.

අසංක, කොමර්ෂල් ලීසිං හා ෆිනෑන්ස් කොම්පැනියෙන් කල්බදු ක‍්‍රමයට ත‍්‍රීරෝද රථයක් මිළයට ගත්තේය. එම ත‍්‍රීරෝද රථය, ඔහු ලීසිං කොම්පැනියේ අනුමැතියට යටත්ව, විකුණන ලදි. 2014.08.19 වන දින දෙවන ගැණුම්කරු වූ මොහොමඞ් ෆයිලි මොහොමඞ් පර්හත්, එම ත‍්‍රීරෝද රථය අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් ට විකුණන ලදි. එම ගණුදෙනුව කළේ ද කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගමේ ක`ඵතර ශාඛාවේ කලමණාකරු ඉදිරිපිටදීයි.

තෙවන ගැණුම්කරු, සියලූම ණය වාරික ලීසිං සමගම ගෙවා, තමා නමට ත‍්‍රීරෝද රථය පවරා ගැනීමට ඉදිරිපත් විය.

එ් අවස්ථාවේ, කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම, එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර මුල් ගැණුම්කරු අසංක එ් සඳහා ඉදිරිපත් විය යුතු බව කියා සිටී.

අසංක, ලීසිං සමාගමේ එකඟතාවය යටතේ, ලිඛිත ගිවිසුමකින්, ත‍්‍රීරෝද රථය, මොහොමඞ් ෆයිලි මොහොමඞ් පර්හත් ට විකුණන ලදි. ඊ්ට පසු එම ත‍්‍රීරෝද රථය ලීසිං සමාගමේ අනුමැතිය යටතේ අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් විසින් අරගත්තද, ණය වාරික සඳහා ලදුපත් නිකුත් කර ඇත්තේ අසංක නමටය. අඩුම වශයෙන් අසංකගේ වෙනුවෙන් ණය වාරික රු: 15,100/- බැගින් වූ වාරික 11 ක් ගෙවන ලද්දේ අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් විසින් බවට සටහනක්වත් සමාගමේ නැත.

එසේ සටහනක් ලා දීමද කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම ප‍්‍රතික්ෂේප කර ඇත. මෙම තත්ත්වය තුළ තමන්ගේ නමට ණය වාරික ගෙවන ලද ලදුපත් නිකුත් කරන්නේ නැතිනම්, ණය වාරික නොගෙවන බව අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් කියා සිටී.

මේ තත්ත්වය යටතේ ණය වාරික අය කර ගැනීමට, කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම පොලිස් කාරයෝ මිළයට ගෙන සිටී.

නම් නොකියන මේ පොලිස් කාරයෝ තමා මිරිහාන පොලීසියේ  ඕ.අයි.සී. බව පවසමින් අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් ට තර්ජනය කරණු ලබයි. මේ තත්ත්වය වහාම වැළැක්වීම ජාතික පොලිස් කොමිෂමේ වගකීමකි.


බාලවයස්කාරියගේ තුනටියට පිහියෙන් ඇන්නේ, පරණ ලව් එකටලූ ! පොලීසිය කියයි !!



දුවගේ පිංතූරය මුහුණු පොතේ දමාගෙන සිටින, මෙම අරාධ සැකකරු එමගින්, අයුතු බලපෑම් කරන බව මව කියා සිටී.

වාද්දුවේ පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නිවසට ඇතුලූව, අත කපා, තුනටියට පිහියෙන් ඇන ඇත්තේ, 17 හැවිරිදි පාසල් සිසුවෙකුයි. මෙම අපරාධය පිළිබඳව පොලීසිය පරීක්ෂණ කිරීමේදී දියනියව අවමානයට ලක් කරන බවද මව කියා සිටී.

දැනට ඇප මත නිදැල්ලේ සිටින මෙම බාල වයස්කාර පාසල් සිසුවා, මුහුණු පොතේ දියණියගේ ඡුායාරූප දමාගෙන මිතුරන් අතරේ ගෙන යන කත කථා නිසා බියට පත්ව සිටින මව හා දියණිය, නඩු යන අතරතුර දියණියගේ ජීවිතයට හානියක් වේ යැයි බියෙන් පසුවෙති.

මේ පිළිබඳව වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් කරමින්, අපරාධ සැකකරුවන් මුහුණු පොතේ තම දියණියගේ ඡුායාරූප පළ කර, සිදුකරන අයුතු බලපෑම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටී.


කාලේ හරි නෑ ! නැතිනම් කරන දේ දන්නවා !!අඟුරුවාතොට පොලීසිය කියයි.



තරුණයකු අත්අඩංගුවට ගෙන පහර දී බොරු නඩුවකට පැටලීම අදාල මේ ප‍්‍රකාශය කළේ අඟුරුවාතොට පොලීසියේ ස්ථානාධිපති ඇපලකොටුව නැමැත්තාය.

මෙම තරුණයා මීමැස්මොර රෝගය වැළඳී සුව වී ඇති අයෙකු හෙයින්, ඔලූවට ගහන්න එපා යැයි පියා, මෙම ස්ථානාධිපතිවරයාට කිව්ව විට, වධ දෙන්න පු`ඵවන් බවට නීතියේ තියෙන බව පෙන්වීමට පොතක් ගෙන පිටු පෙරලමින් සිට, දැන් කාලෙ හරි නෑ, නැතිනම් කරන දේ දන්නවා යයි ඔහු කියා තිබේ.

ප‍්‍රදේශයේ මොස්තරකාරියකගේ චේන් එකක් කඩා ගත්තායි චෝදනා කරමින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන වධ දී බොරු චෝදන මත රක්ෂිත බන්ධනාගාරගතපියවර ගෙන තිබේ.

මෙම පීඩාවට පත් වුණේ කම්කරුවකු වන, 21 හැවිරිදි විවාහකයකු වූ ඉංගිරියේ සෂීන්ද්‍ර නැමති තරුණයෙකි.

ඔහු පවසන අන්දමට මෙම මස 11 වන දින, වැඩපලේ සිට දිවා ආහාරය සඳහා නිවස බලා එමින් සිටිය දී අඟුරුවාතොට පොලීසියේ ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරියේදීය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට ඔහුට වධ දී ඇත. පසුදින බණ්ඩාරගම සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ්බාරයට පත් කරවා තිබේ.

දින තුනකට පසුව එනම් මෙම මස 14 වන දින, හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට මහේස්ත‍්‍රාත්වරිය, ඔහුගේ බිරිඳගෙන් කරුණු විමසා මොහුව ශරීර ඇප මත මුදාහැර තිබේ.

මොහු මේ පිළිබඳව 2016.01.20 දාතමින්, මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට ළිඛිතව පැමිණිලි කර තිබේ.


Thursday, January 14, 2016

ස්වාධීනත්වය යනු බෝඞ් ලෑල්ලක් නොවන බව ඇමති විජයදාස රාජපක්ෂ දැනගත යුතුය.


මේ වනවිට, ම.රා පාලන සමයේ , තම පොෟද්ගලික අභිප‍්‍රායන්ට, න්‍යාය පත‍්‍රයන්ට අනුව යොදාගත් හා විවිධ දුෂනයන් හි නිරතවු ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ අභ්‍යන්තර කොටස්කරුවන් කුපිතව සිටින බව සැවොම දන්නා කරුණකි.

එම පසුබිම යටතේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හා ව්‍යවස්ථානුකූල ව කොමිෂම වෙත පැවරී තිබෙන වගකීම් ඉටු කිරීම් වළක්වාලීමට අධිකරණ හ බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ කරලියට පැමිණීම අහම්බයක් හෝ පුදුම විය යුතු හෝ කරුණක් නොවේ.

සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ මානව හිමිකම් කොමිෂම බාල්දු කරන ප‍්‍රකාශයන්ට විරෝධය පළ කරන ලෙසට සිවිල් සංවිධාන විසි දෙකක් අමතමින් ජසදංසදය කරන ලද ඉල්ලීම පහත දැක්වේ.

‘‘ 2015 ජනවාරි 08 ඇති කළ වෙනස සහ විශේෂයෙන් 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද මානව හිමිකම් කොමිෂන් සභාව, පවැරී තිබෙන බලතල යටතේ,

(1* 2015 ඔක්තෝබර් 29 දින පොලීසිය, උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය
    පිළිබඳව පවත්වන ලද විමර්ශනය හා එහි නිර්දේශයත

(2* ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තර්ගත, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දන නීති, දණ්ඩ නීති
    සංග‍්‍රහයට සංශෝධන වශයෙන් ඇතුළත් කිරීමට ගත් උත්සාහය පිළිබඳ, ආණ්ඩුවට ඉදිරිපත්
    කරන ලද කරුණු දැක්වීම සහ එම සංශෝධනය ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීමත

(3* මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ සමහර කොටස් දරන ලද උත්සාහය
    සම්බන්ධයෙන් ආණ්ඩුවට, ඉදිරිපත් කරන ලද නිර්දේශය, එනම් මරණ දඬුවම නීති පොතෙන්
    ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීමත

මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිඹිබු කරන්නක් විය.

එහෙත් මෙම ‘‘ස්වාධිනත්වය’’ වත්මන් ආණ්ඩුවේ සමහර පාර්ශවයන්ගේ සහ පොලීසිය ප‍්‍රමුඛ සමහර රාජ්‍යය ආයතනවල දැඩි අප‍්‍රසාදයට හා දෝෂ දර්ශනයට ලක්ව තිබෙන බව අප දුටුවෙමු.

මේ වන විට උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳ නිර්දේශය පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ අභියෝගයට ලක්කර තිබේ.

එමෙන්ම ගත වූ කාල පරිච්ෙඡ්දයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, තම පොෟද්ගලික අභිප‍්‍රායන්ට, න්‍යාය පත‍්‍රයන්ට අනුව යොදාගත් හා විවිධ දුෂනයන් හි නිරතවු එහි අභ්‍යන්තර කොටස්කරුවන්ගේ ද දැඩි අප‍්‍රසාදයට පාත‍්‍ර වී තිබෙන බව ද අප දන්නා කරුණකි.

එම පසුබිම යටතේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හා ව්‍යවස්ථානුකූල කොමිෂම වෙත පැවරී තිබෙන වගකීම් ඉටු කිරීම් වළක්වාලීමට කරුණු කාරණා නොදන්නා ජනතාව නොමග යැවීමට, අධිකරණ හ බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ කරලියට පැමිණීම අහම්බයක් හෝ පුදුම විය යුතු හෝ කරුණක් නොවේ.

සේයා දැරියගේ මරණය අලවි කරන ලද පුද්ගලයන් සිය විකෘති ආශාවන් සපුරා ගැනීමට මරණීය දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු බවට අදෝනා නගන්නට පටන් ගති.

ජන මාධ්‍ය මගින් ආන්දෝලනයක් බවට පත් කරන සෑම අපරාධයක්ම එල්ලූම් ගහ ක‍්‍රියාත්මක කිරීම මගින් විසඳිය හැකි බවට ගෙන යන ප්‍රෝඩාකාරී ප‍්‍රචාරයට අන් කරුණු වලදීම මෙන් සිදු කරන්නේ රටේ බරපතල ප‍්‍රශ්න යට ගැසීමය. පොදු ජනතාවට එ්වා ටික කලකට හෝ අමතක කරවීමටය.

ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉතා නිවැරදිව, මරණ දඬුවම ශි‍්‍ර ලංකාවේ නීතියෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය සහ එක්සත් ජාතීන්ගේ මරණ දඬුවම අහෝසි කිරීමේ සම්මුතියට  එකඟ වීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබීය.

මෙය සිය බලතල ඉක්මවවා යෑමක් ලෙසට හුවා දැක්වීමට අධිකරණ ඇමති වශයෙන් විජයදාස රාජපක්ෂ කරන ලද ප‍්‍රකාශය මගින්, ඔහුගේ අරමුණ වන්නේ, ගතවූ කාල පරිච්ෙඡ්දයේ මෙන්ම, වත්මන් ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝණය, මානව හිමිකම් විරෝධී ක‍්‍රියාවන් වලට සුදු හුණු ගාන කොමිෂමක් ඇති කිරීමය.

ස්වාධීනත්වය යනු බෝඞ් ලෑල්ලක් නොවන බව ඇමති විජයදාස රාජපක්ෂ දැනගත යුතුය.

සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ මානව හිමිකම් කොමිෂම බාල්දු කරන ප‍්‍රකාශයන්ට විරෝධය පළ කරන ලෙසට ඉල්ලමු.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දුර්වලතා, අක‍්‍රමිකතා ¥ෂණ ආදියට එරෙහිවන අතරම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිමට ඉදිරිපත් වීමද අපේ වගකීමකි’’.



Wednesday, January 13, 2016

ජනාධිපතිට හොරකම ගැන කිව්වා. ජනාධිපති එක හොරාගේ අම්මට කව්වා.


විදුහල්පතිගේ දුෂණ ගැන ජනාධිපතිට පැමිණිලි කිර්මේ විපාකයෙන්, දරුවන් දෙනාට ඉගෙනීම අහිමි ව්මේ පුවතකි මේ. විදුහල්පති, කලාප අධ්‍යක්ෂිකා හා පළාත් අධ්‍යක්ෂක ගජ මිතුරන් ලූ. පොලීසියත් උන්ගේ පැත්තේ. 

පිළිවෙලින් අවු: 10 හා අවු: 07 දියණියන් දෙන්නාට පාසලට ඉගෙන ගන්නට ඉඩ නොදීම පිළිබඳව අධ්‍යාපන බලධාරින්ට හා ළමා ආරක්ෂකයින්ට පැමිණිලි කර මාස 05ක් ගතව ඇතත්, වෙනත් පාලසක් ලබා දීමටත් පියවර ගෙන නැති බව ප‍්‍රකාශ කරන්නේ හොරණ, මුණගම පදිංචි රණවක මහතාය.

ඔහු ජකාධිපතිට පිටපතක් සහිතව, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට, මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාව ට කර තිබෙන අලූත්ම පැමිණිල්ලේ මෙසේ සඳහන් ය.
                                 
‘‘ උදාරා අවු: 10* සහ ගගනී (අවු: 07* වන මාගේ දියණියන් දෙදෙනා පළමු වසරේ සිට ඉගෙනුම ලබන්නේ ක/හො/ගුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ් ය.  මෙම විදුහලේ 2015 පෙබරවාරි මස නව ගොඩනැගිලි දෙකක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරණු ලැබීය දැනට එම ගොඩනැගිලි දෙක ඉදිකිරීම් නිමා කර තිබේ. මෙම නව ගොඩනැගිලි දෙක ස`දහා ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් එක් කෝටි විසිහත් ලක්ෂයකි.

1මෙම ගොඩනැගිලි දෙකේ පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර, එහි වැඩ කරගෙන යනු ලබන අවස්ථාවේ එහි ඉදිකිරීම් කටයුතු ප‍්‍රමිතියෙන් තොරව සිදුකරන බව මට තහවුරු විය. එමෙන්ම මෙම ගොඩනැගිලි දෙක ඉදිකිරීම සඳහා වන කොන්ත‍්‍රාත්තුව ලබාදී තිබුණේ, එම විදුහලේ ප‍්‍රාථමික පංතිවලට උගන්වනු ලබන පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකා ශානිකා ගුරු මහත්මියගේ සැමියා වූ ප‍්‍රියංකර නැමති අයයට ය. ඔහු, හොරණ මීවනපලාන පදිංචි ”ප‍්‍රියංකර කොන්ක‍්‍රීට් වර්ක්ස්” හි හිමිකරුය.  ඔහු මධ්‍යම රජයේ හෝ බස්නාහිර පළාතේ හෝ ක`ඵතර දිස්ත‍්‍රික්කයේ හෝ ලියාපදිංචි කොනත‍්‍රාත්කරුවකු නොවේ.

මෙම ගොඩනැගිලි දෙක ඉදි කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂය ලබා දී තිබුණේ කොරියානු ජාතික දානපතියන් විසින්ය. මෙම ගොඩනැගිලි දෙක හොරණ අධ්‍යාපන කළාපයේ ගුරු පුහුණු මධ්‍යස්ථානයක් ලෙසට පවත්වාගෙන යෑමට යොදාගෙන තිබේ.

පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල සිදුවන ¥ෂණ පිළිබඳව මා විසින් අදාල පාර්ශවයන්ට පැමිණිලි කළ බව දැනගන්නට ලැබීමෙන් පසුව, විදුහල්පතිගේ මෙහෙයවීම යටතේ 2015.05.28 දින රාත‍්‍රියේ මාගේ නිවසට පිරිසක් පහර දෙන ලදි. එ් පිළිබඳව මා හොරණ පොලීසියට පැමිණිලි කළෙමි. එ් පිළිබඳව හොරණ පොලීසිය දෙපාර්ශවය කැඳවා විභාග කළ අතර දෙපාර්ශවය සමථ කරන ලදි.

මෙම කාල පරිච්ෙඡ්දය තුළ මාගේ දරුවන් දෙන්නා වන, පාසලට ගොස් ඉගෙනුම ලැබුවා. එම වසරේ 2015 ජූලි මස සිට විදුහල්පතිට පක්ෂපාතී දෙමාපියන් පිරිසක් පාසල අවට සිට, මාගේ දරුවන් දෙදෙනාට කාලකණ්නි මේ පාලසට එන්නේ නැතිව වෙන පාසලකට පලයල්ලා ආදී දේ කියන්නට පටන් ගන්නා ලදි. මේ ආකාරයට මාගේ දරුවන් දෙන්නාට, විදුහල්පති විසින් ගමේ පිරිස් යොදවා අපහාස, තර්ජන කරන්නට හේතුව මා විසින් ගොඩනැගිලි ඉදිකිරීම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමතන ලද ලිපිය, අක‍්‍රමිකතා සිදුකළ විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාර අතට පත් කර තිබීමය.

විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාරට, එම ලිපිය බාරදී තිබුණේ හොරණ කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතීය. මා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබූ ලිපිය ඔහු, අවශ්‍ය පියවර ගැනීම ස`දහා හොරණ කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී මහත්මියට යොමු කර තිබිණ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට, ¥ෂණ හා අක‍්‍රමිකතා පිළිබඳව කරන ලද පැමිණිල්ල කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී, ¥ෂණ අක‍්‍රමිකතාවල නියැලූණු විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාර අතට පත්කර තිබුණේ ඔහු ලවා මාවත්, මාගේ දරුවන්වත් අසීරුතාවයට පත් කිරීමටය.

මේ සම්බන්ධයෙන් මා, හොරණ කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී ට එරෙහිව, 2015.10.28 දින හොරණ පොලීසියේ පැමිණිලි කළෙමි. පැමිණිලි විභාගය පැවති, 2015.11.04 දින කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී පොලීසියට නොපැමිණි අතර, ඇය වෙනුවට විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාර පැමිණියේය. ඔහු පැමිණියේ දෙමාපිය පිරිසක් ද සමගය. පොලීසියේදී පැමිණිල්ල ට අදාල කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතීට දැණුම් දීමක්ද කර නැති බව හෙළිවිය. පැමිණිල්ලේ දිනය හා අංකය ක්‍ෂඊ:3*148-346-2015රැු11රැු28 වේ. විමර්ශනය බාරව කටයුතු කළ හොරණ පොලීසියේ සිවිල් පිට සිටි නිලධාරියා(නම හෙළි නොකල* පරීක්ෂණය අඩාල කර දමන ලදි. මේ ආකාරයට මාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය විනාශ කර දැමීමට, ¥ෂණය එලිකළ මාගෙන් පළි ගැනීමට අධ්‍යාපන බලධාරීන් ද පොලීසිය ද එක්විය.

අදටත් මාගේ කුඩා දරුවන් දෙදෙනා පාසලක් නැත’’. 

Monday, January 11, 2016

කසිප්පු නවත්වන්න බෑ. පොලීසිය කරන්නේ පගාව ගන්න එක. නඩු ගන්න එක.


තාත්තා මොකද පුතා මොකද යන දුෂ්ඨ ප‍්‍රකාශය කරමින් තමාට බොරු නඩු දැමීම කරන බව  කියන්නේ කලක් මහා පරිමාන කසිප්පු ජාවාරමට සම්බන්ධව තරුණයෙක්. මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා පොලිස්පති අමතමින් කරන ලද පැමිණිල්ලෙනි. 

ඔහු ඉල්ලා සිටින්නේ, පළිගැනීම සඳහා තමාට විරුද්ධව බොරු නඩු දැමීම නතර කරවන ලෙසටයි.  

චතුරංග ව්‍යාපාරිකයෙක්. 28 හැවරිදි දෙදරු පියෙක්. තම පියා මහා පරිමාණයෙන් කසිප්පු හෙවත් නීති වීරෝධි මත් පැන් නිෂිපාදනය කරනු ලැබු බව පිළිගනි. එය ඉතා ලාභදායි ව්‍යාපාරයක් බව පවසන ඔහු, මෙම ව්‍යාපාරයට පොලීසිය සම්බන්ධ බවත්, එ් නිසාම නවත්වන්න බැරි බවත් කියයි. 

ඔහු සිය පැමිණිල්ලෙන් නම් කර ඇත්තේ පාදුර දකුණ පොලිසියේ පො.ප.ටෙරන්ස් සිල්වා, උ. පො. ප. නිශාන්ත හා උ.පො.ප.සංජීව යන නිලධාරින්වය. ඔහුගේ පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.

‘‘2016 ජනවාරි 05 වන දින, පානදුර දකුණ පොලිසියෙන් මට බොරු නඩුවක් දමා ඇති බවත්, එ් සඳහා මාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සූදානම් වන බවත් දැනගන්නට ලැබුනා. මාගේ පෙර නඩුවකට පෙනී සිටින නීතිඥ මහත්මිය මට ප‍්‍රකාශ කලා, 2016.01.08 දින, පානදුර දකුණ පොලිසිය මට විරුද්ධව නඩුවක් අධිකරණයේ ගොනු කරනු ලැබූ බව. එම නඩුවෙන් මට චෝදනා කර ඇත්තේ ගෝඩා බැරල් 3කට සහ නීති විරෝධීව නිපදවූ මත්පැන් බෝතල් 20 ක් සඳහා නඩු පවරා ඇති බව. තවද, එම භාණ්ඩ අත්අඩංගුවට ගන්න යන අවස්ථාවේ මා පලා ගිය බවද සඳහන් කර තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ පානදුර දකුණ පොලිසියේ උ.පො.ප.නිශාන් කුමාර නැමැති අය බවද දැනගන්නට ලැබුනා. නඩු අංකය 34099 වේ.

මෙම නඩුවට මා අධීකරණයට ඉදිරිපත්ව කරුණු දක්වන බව සඳහන් කරමි. 

මේ අතර, උ.පො.ප.නිශාන්ත හා උ.පො.ප.සංජීව, මා යන එන තැන් සොයමින්, කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට ප‍්‍රයත්න දරන බව මා හොඳාකාරවම දන්නා බවද ප‍්‍රකාශ කරමි.

මෙයට අමතරව, පානදුර දකුණ පොලිසියේ පො.ප.ටෙරන්ස් සිල්වා සහ උ.පො.ප.සංජීව යන දෙදෙනා, පුද්ගලිකව මාගේ පියා වන සුනන්ද පාල සිල්වා සමග වෛර බැඳගෙන සිටිති. 2015.12.12 හෝ ආසන්න දිනයක, මාගේ පියාව මාදුපිටියේ පිහිටි මාගේ ඉඩමේදී අත්අඩංගුවට ගෙන, 2010 වසරේ සිට පවතින බොරු නඩුවට වරදකරු බව ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා තිබේ. එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කල විට, මෙම නිලධාරීන් නැවත බොරු නඩුවක් පවරනු ලැබීය.

මාගේ පියාට, 2015.12.12 හෝ ආසන්න දිනයක පවරන ලද 94501 නඩුවට පියා වරදකරු බව පිළීගන්නේ නැතිනම්, උඹේ පුතාට (මට*, නඩු දාන බවට තර්ජණය කර තිබේ. දැනට වරා ඇති නඩුවට අමතරව තවත් බොරු නඩුවක් පැවරීම පො.ප.ටෙරන්ස් සිල්වා හා උ.පො.ප.සංජීව උත්සාහ දරයි. 

මාගේ පියා නීති විරෝධී ක‍්‍රියාවන්හී නියැලූනු අතර, ඔහු පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරනු ලැබීය.පොලිසියේ අවශ්‍යතාවය සපුරා ලීමට අසමත්වූ අවස්ථාවලදී බොරු නඩු පැවරීම සිදු කරනු ලැබීය. 

මෙම විෂම චක‍්‍රයට, තරුණ කාලයේ සිටම මාවද පොලිසිය සම්බන්ධ කළේ තාත්තා මොකද පුතා මොකද යන දුෂ්ඨ ප‍්‍රකාශය කරමින්ය. පානදුර දකුණ පොලිසියේ පො.ප.ටෙරන්ස් සිල්වා හා උ.පො.ප.සංජීව මූලිකව, මාගේ පියා සමග බැඳගෙන තිබෙන වෛරය පිරිමහන්න, මාගෙන් පළිගැනීමට කරන බොරු නඩු දැමීම වළක්වන ලෙසටය.

එමෙන්ම, නීති විරෝධී මත්පැන් ජාවාරම මැඩ පැවැත්වීම වෙනුවට පොලිසිය කරන්නේ අල්ලස් ගැනීමය. පොලිසිය සෘජුව අල්ලස් ගන්නා අතර, විවිධාකාරයෙන් ලාභ ප‍්‍රයෝජන ලබා ගනී. එ් අතර නඩු ලබාගැනීම ප‍්‍රකට කාරණයයි.’’

ඔහු ඉල්ලා සිටින්නේ, තම පැමිණිල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරනා ලෙසටයි.





  



Sunday, January 10, 2016

ළමුන් අපයෝජනයට ලක්කරන විදුහල්පතිනිය රකින්න ළමාරක්ෂකයෝ පෙළ ගැසෙති.අධ්‍යාපන වේසියෝ හා පිම්පියෝ 2

‘‘යහපාලනයේ ’’ නීතියට උඩින් තියාගෙන සිටින්නේ, 14හැවරිදි සිසුවියක ගේ පාසැල් ජිවිතය අහිමිකර අපයෝජනයට ලක්කල ගා/සංඝමිත්තා බාලිකා විදුහල්පතිනිය වන චාන්දනී උඩුකුඹුර නැමතිය බව පෙන්වා දෙමු.

මේ දක්වාම, පොලීසිය, ළමා අධිකාරිය, මානව හිමි කොමිසම සහ අධ්‍යාපන අමාත්‍යංශය මෙම නීති විරෝධි, ළමා අයිති උල්ලංඝණය පිළිබඳව දස මසක් ඉකුත්ව ඇතත් කිසිම පියවරක් ගෙන නැත.

මීට මාස 10කට පෙර ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයෙදි එහි පොලිස්කාරියන් අපයෝජනයට ලක් කල මෙම ශිෂ්‍යවගේ අධ්‍යාපනය විනාශකර දැමිමට නීති වාරෝධිව, කුඨ හා වංචනික ලෙසට ක‍්‍රියා කළේ ඇය පළමු ශ්‍රේණියේ සිට ඉගෙනුම ලැබු ගා/සංඝමිත්තා බාලිකා විදුහල්පතිනිය වන චාන්දනී උඩුකුඹුර නැමතියයි.

පසුගිය දිනක ඇගේ මව විසින් කොළඹ, පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට කරන ලද පැමිණිල් පිළිබඳ ප‍්‍රකාශයක් ගන්නට පැමිණි එහි සේවය කරන බව කියන ............ නිලධාරියා (දුරකථන අංක ............* ඇගේ මව හා සිසුවිය ට අයුතු බලපැම් කර ඇති බව, මව මාලනි එම කාර්යංශයේ ස්ථානාධිපතිට ලිඛිතව පැමැණිලි කර තිබේ.

එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. ‘‘ 2016.01.08 දින ඔහු උදේ 9.00ට පමණ යතුරු පැදියකින් පැමිණියා. ඔහු තමා කව්ද යන්න හෙළි කළේ නැහැ. ඇඳ සිටි නිළ ඇඳුමේ අංකයක් හෝ නම හෝ සඳහන් කර තිබුනේ නැහැ. එම නිලධාරියා නිවසට පැමිණ, පළමුවෙන් පුටුව උස වැඩි බවට මැසිවිලි කිව්වා. ඔහු හැසිරුනේ කේනිතියෙන්, නොරුස්සන ස්වරූපයෙන් ඔහු අප පවුලේ පුද්ගලික තොරතුරු විමසා සිටියා. එ්වා ඔහු ලියා ගත්තා. ඉන්පසු සිද්ධිය මා මුල සිට ප‍්‍රකාශ කලා. එ් අතර මා කියන දේට බාධා කරමින්,  විකෘති කරන්න උත්සාහ ගත්තා. එ් අතර මොනවාද ලියන්න ගත්තා. ඊට පසුව අපට ෙදාස් පවරමින්, මාගේ දියණියගේ චරිතය අට වසරේ සිට හොඳ නැති බවට ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශයට රිපෝට් එකේ ලියා ඇති බව මට කිව්වා. මට රිපෝට් එක පෙන්නුවේ හෝ තියෙන්නේ මොනවාද කියාවත් කිව්වේ නැහැ. මා එය අභියෝග කල විට - විදුහල්පතිනිය සුද්ද කරමින්, අමාත්‍යංශය තමාට එ් බව දැන්වු බවද පැවසුවා.  විදුහල්පතිවරු බොරු නොකියන බවද ඔහු කියා සිටියා. සිසුන්ගේ චරිතය ඝාතණය කරන රිපෝට් ග/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන චාන්චනී උඩුකුඹුර ලියා ඇත්නම් එයද අපරාධයකි. එම රිපෝට් එකේ සහතික පිටපත්ක් මට ලබාදෙන ලෙසට ඉල්ලමි. එවිට මට පිලිතුරු දිමට හැතියාව තිබේ. විදුහල්පතිවරු බොරු නොකියන බවද ඔහු කියන්නේ මොන පදනමින්ද යන්න පැහැදිලි කළ යුතුයි.  ඔහු දියණියව පොඩි පාසලකට දාන්න තමන්ට නියෝග කරන්න පුලූවන් බවද කියා සිටියා.එ් අතර දියණීයව, උපකාරක පංතිවලට යවන්නේ ඇයි කියාද ඔහු ප‍්‍රශ්ණ කලා. මේ නිලධාරියා හැසිරුනේ, මා අපරාධයක් කල තැනැත්තියක් හැටියට. 
අවම වශයෙන් මේ නිලධාරියා ළමා අයිතීන් ගැනවත්, එ් හා අදාලව පවතින අධ්‍යාපන චක‍්‍රලේඛ ගැනවත් දන්නේ නැති බව පැහැදිලි වුනා, අවම වශයෙන් මේ වනවිට පොලීසිය වංචනික, දුෂිත විදුහල්පලිවරුන් ට එරෙහිව නඩු පවරා තිබෙන බවවත් දන්නේ නැති බව ද පෙනෙන්නට තිබුනා. ඔහු ඉතා කේන්තියෙන්, නොරුස්සන ලෙස හැසිරුන බවත් කියා සිටිමි. 
ඔහුගේ මු`ඵ උත්සාහයම වූයේ මාගේ දියණියව පොඩි ඉස්කෝලෙකට යවනන් බැරි ඇයි කියමින්, තේරුමක්  නැති ප‍්‍රශ්ණ අසමින්, අයුතු බලපෑම් කරමින් බලවත් ලෙස පීඩාවට පත් කිරීමයි. 
අන්තිමේදී ඔහු - හිස් පිටුවක අන්තිමට මගේ අත්සන් ගන්නා ලදි. ඔහු මට ලියූ කිසිවක් කියවීමට හෝ කියවා තෙරුම්කර දීමට හෝ ක‍්‍රියා කළේ නැහැ.’’

ඇය සිය පැමිණිල්ලේන් ඉල්ලා සිටින්නෙ මෙම නිලධාරියා ව එවන ලද්දේ  පොලසිස් කාන්තා හා ළමා කාර්යාංශයෙන් නම්, එම නිලධාරියාගේ ක‍්‍රියා කලාපය ගැන විනය පියවර ගන්නා ලෙසට හා  දියණීය ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම හා පාසලට ගොස් ඉගෙන ගැනීමට තිබෙන නීත්‍යානුකූල අයිතිය ලබාදෙන ලෙසටය. 

මෙයට, අමතරව ඇය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩබ්. එම්.චන්ද‍්‍රසේන ට නැවත ලිඛිතව 
කියා සිටන්නේ මේ පිලිබඳව තමා, 2015.10.11 හා 2015.12.03 දාතමින් එවන ලද ලිපි, ලැබුණු බවවත් දන්වා නොමැති බවයි.

මෙම විදුහලිපතිනි චාන්දනි උඩුකුඹුර ගේ නීති විරෝධි ක‍්‍රියාවන් යටපත් කරමින්, ඇය නීතියට යටත් නැති අයෙක් ලෙසට සැලකනු ලබන්නේ මන්ද යන්න පැහැලි කළයුතු බව කියා සිටින ඇය, 
විදුහල්පතිනියකට නුසුදුසු ලෙස හැසිරෙමින්, නීති විරෝධීව ක‍්‍රියා කරමින්, දැරියගේ ජීවිතයට තර්ජණය වන අයුරින් ක‍්‍රියාකල ගා/සංඝමිත්තා බාලිකා විදුහල්පතිනිය වන චාන්දනී උඩුකුඹුර මිය ආරක්ෂා කරන්නේ නැතිව,  මාගේ දියණිට, ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට තිබෙන නීත්‍යානුකූල අයිතිය ආරක්ෂා කරන ලෙසටද, ඉල්ලා සිටී.

විදුහල්පතිනිය වූ චාන්දනී උඩුකුඹුර මිය, කූඨ ලෙෂ, වංචනිකව, බලය අයුතු ලෙස භාවිතා කරමින් මාගේ දියණියගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ඇති බව නැවත අවධාරණය කරමින්,  ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය අමතන මාලනි මහත්මිය,– ්‍යඍක්‍ රැු3157රැු15 –: ප‍්‍රධාන කාර්යාලය * හා ්‍යඍක්‍ රැුඵදරැු 3157රැු15රැුභ – :මාතර ප‍්‍රාදේශීය කාර්යාලය* යටතේ ලියා ප අදාල පැමිණිල් නොපමාව විමර්ශණයට ගන්නා ලෙසට ඉල්ලා සිටි.

ළමා අධිකාරිය ට සිංහල බැරිය. එ් නිසා සිංහලෙන් යවන කිසිම ලිපියකට උත්තර නැත. මාලනි මහත්මිය ගේ කිසිම ලිපියක් ලැබුන බව වත් දැන්වීමට ශිලිචාර වි නැත්තේ එනිසාය.











Saturday, January 9, 2016

නීති විරෝධිවව ර`දවා තබාගෙන වධදෙනවා.


තම පුතාව, පානදුර දකුණ පොලීසිය දින තුනක් පුරා නීති විරෝධිව රඳවා තබාගෙන වධදෙන බව ප‍්‍රකාශ කරන මව, ඔහු අවු.13ක් අච්චු විඳ පැමිණි අයෙක් බවද කියා සිටි. 

මව, ජෙනට් ප‍්‍රනාන්දු, අවු: 70 යි, වැන්දඹු, රැකියාවක් නැත. පදිංචිය  පානදුර, මෝදරවිල තට්ටු නිවාස.  ඇය මානව හිමිකම් කොමිෂන් සභාවට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් කරයි. 

‘‘ ශාන්ත පීරිස්, අවු: 37 යි, අවිවාහක, මාගේ පුතා වේ. 2016.01.07 වන දින උදේ 7.00 ට පමණ, මාගේ පුතා වැඩට යන විට, හොරණ පාරේදී පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
එදින එනම් 07 වන දින සවස 6.00 ට පමණ මා පුතා බලන්න යන විට ඔහු කූඩුවේ සිටියා. ඔහුට හොඳටමප හර දී තිබුණා. ඔහුගේ මුදල් පසුම්බිය, ජාතික හැඳුනුම්පත, ජංගම දුරකථනය අරගෙන තිබුණා. අද (08) දින උදේ 8.00 ට පමණ මා පුතාව බලන්න ගිය විට ඔහු කූඩුවේ හිටියා. ඔහු මට පවසා සිටියා, ඊයේ රාත‍්‍රියේ එල්ලා පහර දී, ඇස්වලට කොච්චි දැමූ බව. තවමත් උසාවි දමා නැත. අද දින පහර දෙන බවට තර්ජනය කර තිබේ. වරදක් කර ඇත්නම් නොපමාව උසාවි දාන ලෙසට නියම කරන ල ඉල්ලමි.’’ 

පොලසි නීති විරෝධි ක‍්‍රියාවන් තවමත් නතර කර නැත. මෙම තත්වය වෙනස් කිරිම ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප‍්‍රමුඛ කාර්ය විය යුතුයි. 

Friday, January 8, 2016

මුදලාලි ගැණිව සතුටු කරන්න SI ප්‍රනාන්දු, ‘‘හුත්තා වරෙන්” කියා අඩගහලා පාසල් ශිෂ්‍යෙයකුට පහර දෙයි.



බදුරලිය පොලීසිය තුළදී මෙම පහර දීම කර ඇත්තේ මුදලාලිව හා ගෑනිගේ ඉදිරිපිට. පාසල් යන 16 හැවිරිදි රවීන්ද්‍ර පැමිණිල්ලක් දැමීමට පොලීසියට ගිය විට මෙම පහර දීම සිදු කර ඇත.

පහර දීමට අමතරව උ.පො.ප. ප්‍රනාන්දු මෙම දරුවාට අසභ්‍ය වචන කියමින් නින්දා අපහාස කර ඇත.

පහර දීමෙන් පසු කිසිදු ෙචාදනාවක් නැතිව ගෙදර යෑමෙන් අනතුරුව රෝගාතුර වී නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට දෙමාපියන්ට සිදුව තිබේ.


මෙම සිද්ධියට පෙර, බදුරලිය ‘‘සිරිපාල ස්ටෝරස්” නැමති කඩේ මුදලාලි, බිරිඳ හා මස්සිනා රවීන්ද්‍රෙග් පුංචි අම්මාගේ නිවසට ගොස් ඔහුට හා ඔහුගේ පුංචි අම්මාට පහර දී රු: 5000/= ක මුදලක් ද ලබාගෙන තිබේ. රවීන්ද්‍ර, මව හා පුංචි අම්මා සමග බදුරලිය පොලීසියට ගොස් ඇත්තේ ඒ පිළිබඳව පැමිණිල්ලක් කිරීමටය.


පොලිස්කාරයන් ජනතාවගේ බදු මුදලින් යැපෙන, ජනතාවට සේවය කරන පිරිසක්.  අවම වශෙයන්  මොවුන්ට සභ්‍ය වචනයෙන් ජනතාවට කථා කිරීමට ඉගැන්වීම පොලිස් කොමිෂමේ වගකීමක්.

කිරි දානයට ගෙනා කසිප්පු ගැහැණියකගේ උවමනාවට රැුගෙන ගොස් බොරු කසිප්පු නඩු දැම්මා.


නත්තල දාට පසුදින තමා නිවසේ සිටින විට යතුරු පැදියකින් පොලිස් නිලධාරියෙක් පැමිණ, නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදිය පෙන්නා, කාගේද කියා අසා, බලපත‍්‍ර හා රක්ෂණ සහතික ඉල්ලා ගත්තා. ඔහු එවා සාක්කවේ දමාගෙන, කටඋත්තරයක් අරගෙන එවන්නම් කියා මාව ඔහුගේ යතුරු පැදියේ නංවාගෙන අගුරුවාතොට පොලිසියට ගෙන ආවා.
මාව කූඩුවට දැම්මා. කූඩුවේ සිටින විට උදේ 9.00 පමණ, කිලෝමීටරයක් පමණ දුරින් පදිංචි එස්.ඞී. සුසිලානි නැමැත්තිය, ඇගේ සැමියා සමග පොලිසියට පැමිණියා. ඔවුන් පොලිසිය තුල ටික වේලාවක් සිට පිටව යන ගමන්, සුසිලානි කූඩුවේ සිටි මා අසලට පැමිණ, ඔයාට කේස් නැහැ, තව පොඞ්ඩකින් යවයි කියා යන්න ගියා. 
එයින් පැයකට පමණ පසුව, නිලධාරීන් දෙදෙනෙක් කසිප්පු බෝතලයක් රැුගෙන මා ළඟට ඇවිත් එයට ඇඟිලි සලකුණු තියන්න කිව්වා. මා ප‍්‍රතික්ෂේප කළා. එවිට තවත් අයෙක් පැමිණ බල කළා. මා බියට පත්ව ඇඟිලි සලකුණු තිබ්බා.
රාත‍්‍රී 7.00 ට පමණ, මාව ඇප මත මදු හැරියා. උසාවි දිනය 2016.01.07 බව ප‍්‍රකාශ කළා. රාත‍්‍රී 7.00 ට පමණ, මාව ඇප මත මදු හැරියා. උසාවි දිනය 2016.01.07 බව ප‍්‍රකාශ කළා. මා දැන ගත්තා, මාව අත්අඩංගුවට ගෙන නඩු පවරන්නට යන්නේ, මාගේ නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි සුසිලානි නැමති අයගේ නිවසේ 2015.12.26 දින අලූයම, පැවති කිරි දානයේදී කසිප්පු බී ඇති වූ රණ්ඩුවක් සම්බන්ධයෙන් බව. ඔවුන් කිරි දානයට පැමිණි අයට දෙන්නට ගෙන එන ලද කසිප්පු, මට ආදේශ කර තිබුණා.
එ් අනුව මා අද 2016.01.07 උසාවියේ පෙනී සිටියා. උසිවායේදි මාගේ නිර්දේෂීභාවය ප‍්‍රකාශ කළා. නඩු අංකය 13061. රු: 50,000/- ක ශරීර ඇප 2 ක් මත මා මුදාහැරියා. මීළඟ නඩු දිනය 2016.02.11 දින වේ.
ගෙදර සිටිය දී, පොලිස් නිලධාරියෙක් පැමිණ කටඋත්තරයක් ගන්න කියා අත්අඩංගුවට ගෙන පොලීසියට රැුගෙන ගොස් පැය 12 කට ආසන්න කාලයක් කූඩුවේ දමා රඳවා තබාගෙන, වෙනත් අයෙකුට අයිති කසිප්පු, මට ආදේශ කර බොරු නඩු දමා මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට පියවර ගත් අඟුරුවාතොට පොලීසියේ ස්ථාණාධිපති ඇතුලූ අදාල පොලිස් නිලධාරින්ට විරුද්ධව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට,  මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, ව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් සහ පොලිස්පති  ලෙන ඉල්ලා සිටින අතුල ප‍්‍රියන්ත තිස්නව හැවරිදි  තිදරු පියෙකි.                             



Thursday, January 7, 2016

පැණි, පගාව හා නඩු නොදීම නිසා, කසිප්පු වලට මාව ආදේශකයෙක් කරගන්න හදනවා


පො.සැ. ජයතිස්ස රාජකාරී වේලාවේදීත් ඉන්නේ බීලා. උ.පො.ප.ජනස්ශ‍්‍රී  කිතුල් පැණි බෝතල් 2ක් ඉල්ලා සිටියා. පො.කො.චින්තක දුරකථනයෙන් තර්ජනය කරනවා. 

බදුරලිය පොලීසියට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරින් විසින් තමන්ව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන බොරු චෝදනා නගා නඩු පැවරීමට දරන උත්සාහය පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාව ට සහ පොලිස්පතිට පැමිණිලි කරන 29 හැවරිදි, දෙදරු පියෙක් වන ධම්මික කුමාර සිය පැමිණිල්ලේ මෙසේ සඳහන් කරයි.

‘‘ 2015.12.30 වන දින හා 2016.01.02 වන දිනයන්හි ද, මා සොයා ඉහත නම් කල බදුරලිය පොලිසියේ නිලධාරීන් තුන්දෙනෙක් පැමිණියා. එ් අවස්ථාවන් දෙකේදීම මා නිවසේ සිටියේ නැහැ. නිවැසියන්ට කියා ඇත්තේ මාව අත්අඩංගුවට ගෙන, අවුරුද්දක් ඉන්න වෙන විදිහට නඩු දමන බවයි. මෙම පොලිස් නිලධාරීන් උත්සාහ ගන්නේ, මීට වසරකට ආසන්න කාලයකට පෙර සිට, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයෙන් වැලකී සිටින මට, බොරු නඩු දැමීමටය. පසුගිය 26 වන දින, (2015.12.26* මාගේ නිවසේ සිට කි.මී.4 කට පමණ දුරින්, අතහැර දමා තිබෙන රබර් වත්තක තිබූ, මත්පැන් පෙරීමට ගන්නා බැරල් කිහිපයක් බදුරලිය පොලිසියට හසුවීමය. මෙම නීති විරෝධී මත් පැන් නිපදවීමට ගන්නා මෙවලම් වලට අයිතිකරුවකු ආදේශ කර, නඩු පැවරීමට බදුරලිය පොලිසියේ අවශ්‍යතාවය විය. එම ආදේශකය බවට මා පත් කිරීමට බදුරලිය පොලිසියේ - පො.සැ.ජයතිස්ස, පො.කො.චින්තක හා උ.පො.ප.ජනස්ශ‍්‍රී ගේ උත්සාහය වී තිබේ. එ් අනුව, මෙම නිලධාරීන් තිදෙනා මා අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගනී. තවද, පො.කො.චින්තක ඔහුගේ 0718372729 හා උ.පො.ප.ජනස්ශ‍්‍රී ඔහුගේ 0782459802 ජංගම දුරකථන වලින් කතා කරමින්, මට තර්ජණය කරනු ලබයි. ඔවුන් නිරන්තරයෙන් ප‍්‍රකාශ කරන්නේ මට විරුද්ධව බොරු නඩු දාන බවයි. ඉහත ප‍්‍රකාශ කල පරිදි මා නීති විරෝධී ම්පැන් නිපදවූ අතර, එ් සඳහා පොලිසියේ නිලධාරීන් මාගෙන් අල්ලස් හා නඩු ද ලබාගෙන තිබේ. මෙම තත්වයෙන් මිදී, මා විසින් තේ අක්කරයක් හා වී කුරනි පහක වී ගොවිතැන් කරමින් ජීවත් වෙමි.එ් අතර, මෙම නිලධාරීන් මගෙන් අල්ලස් හා නඩු බලාපොරොත්තු විය. එක් අවස්ථාවක උ.පො.ප.ජනස්ශ‍්‍රී මගෙන් කිතුල් පැණි බෝතල් 2ක් ඉල්ලා සිටියා. එය ලබා නොදීම නිසා, ඔහු වෛර බැඳගෙන සිටින බවද ප‍්‍රකාශ කරමි. මා ප‍්‍රකාශ කරන්නේ - මා නීති විරෝධී මත්පැන් නිපදවීම හෝ විකිනීම නොකරන බවයි.
එමෙන්ම, මා පොලිසියේ නිලධාරීට අල්ලස් හා නඩු නොදෙන බවයි. මෙම තත්වය නිසා, රාජකාරී වේලාවේදී පවා මත් පානය කර සිටින පො.සැ. ජයතිස්ස හා අනෙක් නිලධාරීන්, මට බොරු නඩු දැමීමට පියවර ගන්නා බවයි. මෙම තත්වය වලක්වාලන  ලෙසට ඉල්ලා සිටිමි. මා මේ පිළිබඳව, මතුගම සහකාර පොලිස් අධීකාරීවරයා වෙත, පැමිණිලි කලද ඵලක් නොවූ බවද ප‍්‍රකාශ කරමි’’.

Tuesday, January 5, 2016

සැමියාව දවස් තුනක් තිස්සේ ර`දවාගෙන් වධදෙනවා. ජාතික හැදුම්පත හා ජංගම දුරකථනය ලබාගත්තා එ්වා ආපසු දුන්නේ නැහැ.



ජනවාරි දෙවෙනිදා, තම සැමියාවු බංඩාරව සිවිල් පිට පැමිණි අත්අඩංගුවට ගත් අය කව්රුන්ද යන්න හෙළිනොකල බව පවසන බිරිඳ අනොජා, දැනට වාද්දුව පොලිසියේ තියාගෙන වධදෙන බව ප‍්‍රකාශ කරයි.

අද, 2016.01.05, ඇය පොලීසියේ මෙම නීති විරෝධි ක‍්‍රියාවන් සම්බන්ධයෙන්  මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ හදිසි ඇමතුම් අංක වලට දැනුම් දීමට අමතරව ෆැක්ස් මගින්ද දැනුම් දෙනු ලැබීය.

ඇය සිද්ධිය අදාලව මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.

‘‘හොරණ - කුඹුක, ගලේ පංසල පාරේදි අත්අඩංගුවට ගත් අවස්ථාවේ කාරණය හා ඔවුන් කවුරුන්ද යන්න යයි ප‍්‍රකාශ කිරීම ප‍්‍රතික්ෂේප කලා. 2016.01.02 දින අත් අඩංගුවට ගත් වේලාව ප:ව:6.00 . ට පමණ. ප‍්‍රශ්ණ කිරීමේදී, වාද්දුව පොලිසියට ඇවිත් විස්තර දැනගන්න යයි කිව්වා. ඔවුන්, මාගේ සැමියාව වාද්දුව පොලිසියට ගෙනවිත් තිබුණේ රාත‍්‍රී 7.30 පමණය. නිලධාරීන් නම් ප‍්‍රකාශ කරන්නේ නැත. ඉන්නේ සිවිල් පිට. වාද්දුව පොලිසියේ රිසව් එකෙන් ප‍්‍රකාශ කළේ, ක`ඵතර යුනිට් එකෙන් ගෙනත් තියෙන්නේ කියා යනුවෙනි.
මම, 2016.01.03 දින උදේ 8.00 ට වාද්දුව පොලිසියට ගියා. මා පොලිසියට යන විට සැමියා කූඩුවේ සිටියා. මම ගොස් කතා කලා. ප‍්‍රශ්ණ කලා කිව්වා. පාරවල් කිහිපයක් ගැහුව්වා කිව්වා. ටිකවේලවකින් ඔහුව කූඩුවෙන් එළියට අරන් මාංචු දමා, පිටිපස්සට ගෙන ගියා. පැය 1/2 කට පසුව මට අඬගැහුව්වා. මාව ගෙන ගියේ පොලිසියේ පිටුපස කාමරයකට. සැමියා එම කාමරයේ බිම වාඩිවී සිටියා. මාංචු දමා තිබුනා. සිවිල් පිට තුන්දෙනෙක් හිටියා. මගෙන් එක් අයෙක් ඇහුව්වා උකස් කරපු බඩුවල විස්තර. ඊට පස්සේ සැමියාගේ පර්ස් එකේ තිබුන උකස් කරන ලද ටිවිල සෙට් එක, සෝනි ෆෝන් එක, කරාබු දෙකක රිසිට් ලබා ගත්තා. 
මාගේ ජාතික හැඳුනුම්පත හා මාගේ ජංගම දුරකථනය ලබා ගත්තා. එ්වා ආපසු දුන්නේ නැහැ.
ඉන් පසු, මා අත සිටිය, අවු: 3 ක් වන මාගේ දරුවාව, මවට අඬගසා, බාරදුන්නා. දරුවාව පරිවාසයට දානවා කියා මට තර්ජනය කර, වෙනත් කාමරයකට ගෙන ගොස් වාඩි කෙරෙව්වා.( මෙම දරුවා දැනට ශෛල්‍ය කර්ම ගනනාවකට භාජනය කර ඇත*. පැය 3කට පමණ පසුව, මාව කාමරයකට ගෙනවිත් දරුවාව බාර දුන්නා. මාව එළියට යැව්වා.

පැයකට පමණ පසුව, මාංචු පිටින් සැමියාව මා ඉදිරියට ගෙනවිත්, කතා කරන්න කිව්වා. ඔහු කිව්වා, පදිංචි මොරටුවේ හොරේතුඩුව නිවසට ගෙන ගියා කිව්වා. තවදුරටත් ඔහු කිව්වා, ගෙදර තිබුන බඩු ගෙන ආ බව . නැවත සැමියාව ගෙන ගියා. සවස 4.30 ට පමණ, නැවත මාව සැමියා සිටි කාමරයට ගෙන ගියා. එහිදී ඔහු හා කතා කරන්න ඉඩ දුන්නා. සැමියා කිව්වා - ඔහුට පහර දුන්න බව. පිස්තෝලයකට ඇගිලි සලකුණු ගත් බව. මේසය උඩ තිබූ පිසේතෝලයද මට පෙන්වූවා. 

පසු දින 2016.01.04 දින, උදේ 7.30 පමණ, නැවත වාද්දුව පොලිසිය ට සැමියා බලන්න ගියා. සැමියා කූඩුවේ සිටියා. උදේ 8.00 විතර කූඩුවෙන් ළියට අරන් පොලිසිය පිටුපසට ගෙන ගියා. පැයකට පමණ පසුව, දරුවාව අම්මාට දීලා, මාව සැමියා සිටින කාමරයට එක්කගෙන ගියා. සැමියාට මාංචු දාලා බිම වාඩිකරවා තිබුනා.මාගේ සැමියාව, එළියට ගෙන ගියා. ඊට පසුව, මගෙන් ප‍්‍රශ්ණ කලා. මගෙන් ඇහුව්වා, රත්තරන් බඩු ගැන. මා කියන දේ ෆෝන් එකෙන් රෙකෝඞ් කලා. ගෙදර බඩු ගැන ඇහුව්වා. 

පසුව මට එළියට යන්න කිව්වා. පැය 3කට පමණ පසුව මම සැමියාව බලන්න කාමරයට ගියා. නමුත් සැමියා හිටියේ නැහැ. විනාඩි 20කින් පමණ, මාව උපුල් කියන නිලධාරියා කූඩුව ලඟට ගෙන ගියා. සැමියා කූඩුවේ සිටියා. මට කතාකරන්න දුන්නා. ඔහු කිව්වා පහර දුන්නා කියා. පිටට, උරහිස්වලට, දණහිස්වලට, අතට පහර දුන්නා කියා කිව්වා. අත ඉදිමිලා තිබුනා.

සවස මා ගෙදර ගියා. අද (2016.01.05* දින උදේ 8.00 පමණ පොලිසියට ආවා. සැමියා කූඩුවේ සිටියා. ඔහු පහර දුන්න බව කිව්වා. සැමියාව අද දින ද, උසාවියට ඉදිරිපත් නොකරන බව ප‍්‍රකාශ වූ හෙයින්, මා  අද මානව හිමිකම් කොමිෂමට හා ජාතික පොලිස් කොමිෂමට දුරකථනයෙන් දැනුම් දුන්නා. ෆැක්ස් මලින් ද දැනුම් දුන්නා. ජාතික පොලිස් කොමිෂම මට දැනුම් දුන්නා - ගෙවල් බිඳීම් වගයකට අත්අඩංගුවට ගෙන ඇත් බව. සුමිත් නැමැති නිලධාරියෙක් දැනුම් දුන් බව ද ප‍්‍රකාශ කලා. තවද කියා සිටියා, අද දින සැමියාව මොරගහහේන පොලිසියට බාරදෙන බව. සැමියාව හොරණ උසාවියට ඉදිරිපත් කරන බවද ප‍්‍රකාශ කලා.

ඇය ඉල්ලා සිටින්නේ, තම අනන්‍යතාවය හෙළි නොකර, හේතුවක් නොදක්වා අත්අඩංගුවට ගැනීම, එයින් අනතුරුව - නීති විරෝධී ලෙස, රඳවා තබා ගැනීම,  වධ හිංසා පැමිණවීම හා ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම පිළිබඳව,
වාද්දුව පොලිසියේ - අදාල නිලධාරීන්ට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසටත්, ඇගෙන් ලබාගත් ජාතික හැඳුනුම්පත , දුරකථනය හා උකස් භාණ්ඩවල අදාල රිසිට් පත් ලබාදෙන ලෙසටත්ය.





අනුන්ගේ අරුක්කු වලට අසරණයින්ට නඩු දාන්නේ OIC උවමනාවට.


බදුරලිය පොලීසියේ සැරයන් ජයතිස්ස හා උප පොලිස් වරයෙක් ගෙදර සිටි තමාව අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන ගොස් බොරු නඩු දමා, ඉන් අනතුරුව බී ගෙන ඇවිත් හිරිහැර කිරීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරන ලද පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ, පවරා ඇති බොරු නඩුව ඉල්ලා අස්කරවන ලෙසට සහ එ් පිළිබඳව පැමිණිලි කිරිම නිසා උරනව, තමන්ට තර්ජණය කරමින්, නැවත බොරු නඩු දමන බවට තර්ජණය කරන ලද පො.සැ.ජයතිස්ස, පො.කො.චින්තක හා ීඔත්‍ එකෙන් පැමිණි උප පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.

මෙම පැමිණිල්ල කර ඇත්තේ බදුරලියේ වෙළෙන්දෙකු වන ප‍්‍රසන්න පෙරේරා ය. ඔහු සිය පැමිණිල්ලේ මෙසේ සඳහන් කර ඇත.

‘‘ 2015 දෙසැම්බර් 25 දින, දහවල් 12.20 ට පමණ මා නිවසේ, දරුවන් දෙන්නා සමග සටින විට, පො.සැ.ජයතිස්ස සහ තවත් අයෙක්, පැමිණ මගෙන් ප‍්‍රසන්න ද කියා අසා, ලොකු මහත්තයා එකක්ගෙන එන්න කිව්වා කියා මාව පොලිසියට රැුගෙන ගියා. මාව රැුගෙන ගියේ පොලිසියේ ත‍්‍රී රෝද රථයෙන්. ත‍්‍රී රෝද රථය එළව්වේ, පැමිණි අනෙක් පුද්ගලයා. ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙක් බව මා දැනගත්තා. මාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පො.සැ.ජයතිස්ස මට ”වල් බල්ලා, තෝ තිරිසන් වැඩ කරනවා” ආදී වශයෙන් බණිමින්, පිස්තෝලය අරගෙන කැරකෙව්වා.

පොලිසියට ගෙන ගිය පසුව, මාව, ස්තානාධිපතිට ඉදිරිපත් කලා. ඉන් පසුව මාව පො.සැ. ජයතිස්ස කූඩුවට දැම්මා. සවස 5.00 ට පමණ, පො.සැ.ජයතිස්ස කූඩුවෙන් එළියට අරගෙන, පොතක යමක් ලියා, ගෙදර යන්න මේක අත්සන් කරන්න කිව්වා. මට ලියා තිබූදේ කියෙව්වවේ නැහැ. කියවන්න ඉඩදුන්නෙත් නැහැ. නමුත් මම අත්සන් කලා. ඉන්පසු රසව් එකේ සිටි නිලධාරියා, එ් අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි මගේ බිරිඳට කිව්වා ඇපයට අත්සන් කරන්න කියා. කොලයක් දුන්නා. ඇය අත්සන් කලා. ඉන්පසු, රිසව් එකේ රාලහාමි මට කිව්වා ”ඔයාට අරක්කු නඩුවක් දාලා තියෙන්නේ, ජනවාරි 08 මතුගම මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් වන්න යයි කිව්වා. 

2015 දෙසැම්බර් 28 දින, මට බදුරලිය පොලිසියේ පො.සැ.ජයතිස්ස හා උප පොලිස් පරීක්ෂක කරන ලද අපරාධය ගැන, මා මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පැමිණිලි කලා. පැමිණිල්ල ලියා ගත්තා. එ්.එස්.පී. මයා මට උපදෙස් දුන්නා, 2016 ජනවාරි 08 උසාවියට ඉදිරිපත් වෙලා නිදහසට කරුණු කියන්න, මාගේ රාජකාරිය කරනවා කියා.

2016 ජනවාරි 01 - මා ලක්පඳුර හංදියට පැමිණ මාලූ 500ක් අරගෙන ගෙදර යන්න බස් නැවතුම්පලේ සිටින විට, පො.සැ.ජයතිස්ස සිවිල් ඇඳුමින් හීරෝ හොන්ඩා යතුරු පැදියකින් පැමිණ, මා අසල නවත්වා, ”සුභ අලූත් අවුරුද්දක් වේවා” යයි කිව්වා. මම ඔහුට කිව්වා, බොරු නඩු දාලා, අපරාධයක් කරලා මට මොන සුභ අලූත් අවුරුද්දක්ද කියා. එවිට ඔහු එක පාරටම, යතුරු පැදියෙන් බැස මා ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් අල්ලා, උඹ මොකද එහෙම කියන්නේ අසමින්, මගේ ටී ෂර්ට් එකෙන් ඇද්දා. මගේ ටී ෂර්ට් එක ඉරිලා ගියා. මා බේරෙන්න හදන විට, හොඳටම බීලා හිටිය ඔහු යතුරු පැදියේ පැටලී බිම වැටුනා.

ඔහු නැගිට, උඹ ගිහිල්ලා මට විරුද්ධව එ්.එස්.පී. ලඟ පැමිණිල්ලක් කරලා තියෙනවා, ගිහිල්ලා එ්ක අස්කරගනින්, එහෙම කලේ නැතිනම්, ගංජා හරි දාලා ඇතුලට යවනවා කියා මට තර්ජණය කර යන්න ගියා. 2016 ජනවාරි 02 දින, මා නිවසින් පිටව වැඩකට ගොස් සිටින විට, උදේ 9.00 පමණ, අසල්වැසියෙක් දුරකථනයෙන් කතා කරලා කිව්වා, ටිකකට කලින් පොලිසියෙන් ඇවිල්ලා ගියා, දරුවන් විතරයි නේද ගෙදර ඉන්නේ කියා. මා, අසල්වැසියාට දුරකථනයෙන් කතාකර කිව්වා, ගෙදරට ගිහිල්ලා දුවට කතාකරන්න සලස්වන්න කියා. එ් අනුව මම දුවට කතා කලාම කිව්වා, පොලිසියේ තුන්දෙනෙක් ඇවිත් මාව අහලා ගිය බව. එසේ පැමිණ ඇත්තේ, බදුරලිය පොලිසියේ, පෙර සඳහන් කල ීඔත්‍ එකේ සිට පැමිණ උප පොලිස් පරීක්ෂක, පො.කො.චින්තක හා තවත් අයෙක්. එදිනම 2016 ජනවාරි 02, ීඔත්‍ එකේ සිට පැමිණී, උප පොලිස් පරීක්ෂක මාගේ හිතවතෙකුට කියා තිබෙනවා, මට ගමේ ඉන්න දෙන්නේ නැහැ, බෝම්බයක් දමා, අවුරුදු දෙක තුනකට හිරේ අරිනවා කියා. එයින් පසුව, පො.සැ. ජයයතිස්ස, පො.කො.චින්තක හා ීඔත්‍ එකෙන් පැමිණි උප පොලිස් පරීක්ෂක මා ගැන විපරමින්, මට බොරු නඩුදාන බවට ප‍්‍රචාරයක් ගෙන යමින් සිටින බව දැනගන්නට ලැබී තිබේ.’’ යනු වෙන් සඳහන් වේ.

Saturday, January 2, 2016

‘‘කැ....යා’’ කියලා අ`ඩගහලා කණට ගැහැව්වා. අරක්කු බොතල් තුනක් මෙසේ උඩ තිබුනා. හොඳටම බිලි හිටියේ.



ජනවාරි 01දා පානදුර දකුණ පොලීසියට ගිය, එක් දරු පියෙක් වු, පුෂ්ප කුමාරට කුණු හරප කියා පහර දි ඇත්තේ උ.පො. ප ඉෂාන් නැමැති නිලධාරියාය. තමන්ට පහර දීම සම්බන්ධයෙන්, මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පති  වෙත සිද්ධිය සම්බන්ධයෙන්  කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.                            

‘‘2016.01.01 දින රාත‍්‍රී 7.00 ට පමණ, පානදුර දකුණ පොලීසියේ රථවාහන අංශයට පැමිණියා. එසේ පැමිණියේ, රථවාහන අංශයේ උ.පො.ප. මුදිත නිලධාරියා හමුවීමට. එ් රථවාහන නීති උල්ලංඝණය කිරීමකට අදාලව මට පොලීසියට එන ලෙසට කරන ලද දැන්වීමට අනුවය.

මා යන විට, උ.පො.ප. මුදිත නිලධාරියා නොසිටි අතර ඔහු පැමිණෙන තෙක් රැුඳී ඉන්න ලෙසට එම රථවාහන අංශයේ නිලධාරිවරයෙක් මට උපදෙස් දුන්නා. රාත‍්‍රී 8.00 පමණ වන තෙක් බලා සිටිය ද එම නිලධාරියා නොපැමිණි හෙයින් එ් අසල සිටි නිලධාරියා මට කිවුවා පොලීසිය පිටුපසට ගොස් උ.පො.ප. මුදිත නිලධාරියා ඉන්නවාදැයි බලන්න කියා. 

එ් අනුව මා පොලීසිය පිටුපසට ගොස් එහි කාමරයක සිටි තිදෙනාගෙන් මා ඇහැව්වා උ.පො.ප. මුදිත නිලධාරියා ඉන්නේ කොහෙද කියා. එම තිදෙනා අතුරින් උ.පො.ප. ඉෂාන් උඹ, ”කැ .......යා” උඹ නේද රත්තරන් බඩු හොරකම් කළේ කියමින් නැගිට විත් මගේ කණට වේගයෙන් ගැසුවා. එ් අසල සිටි එක් පුද්ගලයෙක් ඔහුව අල්ලා ගත්තා. අනිත් තැනැත්තා බක බක ගා හිනා වුණා. ඔවුන් තිදෙනාම සිටියේ සිවිල් පිට. ඔවුන් තිදෙනාම මේසය උඩ අරක්කු බෝතල් තුනක් තියාගෙන බිබී හිටියේ.’’

ඔහු ගේ ඉල්ලීම, උ.පො.ප. ඉෂාන් ට එරෙහිව හා පොලිස්ථානය තුළ මත්පැන් බොමින් සිටි අනෙක් දෙදෙනාට එරෙහිව ද නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට. 






Friday, January 1, 2016

පොලීසියේ නීති විරෝධි ක‍්‍රියා ගැන ප‍්‍රසිද්ධ පරික්ෂණයක් පවත්වනු!


සංවිධාන ගණනාවක් පොලිස් කොමිෂමෙන් ඉල්ලා සිටී. සංවිධාන 07ක් වෙනුවෙන් මෙම මහජන පෙත්සම, වගඋත්තර කරු වශයෙන් පොලිස්පති නම් කර තිබේ. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ හර්ෂි සි.පෙරේරා මෙනවි යයි.
සම්පුර්ණ පෙත්සම

ලංකාවේ ජාතික පොලිස් කොමිෂම ඉදිරියේ ඉදිරිපත් කරණු ලබන
ප‍්‍රසිද්ධ මහජන පෙත්සම.

ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාව තුළ ජාතික පොලිස් 
කොමිෂම වෙත පැවරී ඇති වගකීම් මත 
පදනම් වී මෙම පෙත්සම ඉදිරිපත් කරණු 
ලබයි.

පාර්ශවකරුවෝ

01. ජනසංසදය, 
    81/2, ආතර් වී දියෙස් මාවත,
               පානදුර. 

02. මහනුවර පුරවැසි හවුල,
   ‘මිතුරු සෙවන’,
   වහුගපිටිය,
   පුස්සැල්ලාව.

03. ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය,
                                               හ`දපානාගල, 
                                                වෙහෙරයාය

04. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යුක්තිය සඳහා වූ                                                                                                        කමිටුව
    288/සි, වහුගපිටිය,
    පුස්සැල්ලාව.

05. ප‍්‍රජා සම්පත් කේන්ද්‍රය, 
                                                          කොළඹ පාර,
                                                        නාගවිල්ලූව, පලාවිය 

06. ෑ4ඹ සංවිධානය,
    වත්තහේන,
    අටබාගේ.

07. කාන්තා ශක්ති සංවර්ධන පදනම,
     ඕවිලාන, මැද කීඹිය,
    ගාල්ල.

    පෙත්සම්කරුවෝ

         එරෙහිව

  පොලිස්පතිතුමා
  පොලිස් මුලස්ථානය
  කොළඹ


ඉහත සඳහන් පෙත්සම්කාර සංවිධානවල උපදෙස් මත නීතිඥ හර්ෂි සී. පෙරේරා වන මම මෙම පෙත්සම ඉදිරිපත් කරමි.

ලංකාවේ පොලීසිය සම්බන්ධයෙන් පැන නැගී ඇති පහත සඳහන් ගැට`ඵ පරීක්ෂා කර එ්වා සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇති බලතල යටතේ සුදුසු පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටීම මෙම පෙත්සමේ අරමුණ වේ.

01. 
අ*. පැමිණිලි කිරීම සඳහා පැමිණෙන වින්දිතයන්ට හා මහජනතාවට, ආචාරශීලීව හා ගෞරවාන්විත ආකාරයෙන් කටුයුතු කිරීමට අපොහොසත් වීම. 

ආ*. ලංකාවේ නීතියට හා ජාත්‍යන්තර නීතියට පටහැනිව සැකකරුවන්ට වධහිංසා කිරීම හෝ කෲර අමානුෂික හා අවමන්සහගත සේ සැළකීම පිළිබඳව දිවයිනේ සියලූම පොලිස්ථානයන් තුළ මෙන් පැතිර පවතින පුරුද්ද.

ඇ*. පැමිණිලි ලියා ගැනීමේදී ඇතිවන ප‍්‍රමාදයන් හා ප‍්‍රමාද දෝෂයන්, විමර්ෂණ කිරීම්, ව්‍යාජ චෝදනා යටතේ නඩු පැවරීම්, ඇතුලූ නීති විරෝධී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව විසින්ම පත්කර තිබූ කොමිෂන් සභා ගණනාවකගේ අවධානයට යොමු වී තිබෙන අතර මේ පිළිබඳව ඔවුන්ගේ නිරීක්ෂණ හා නිර්දේශ කාලයක් තිස්සේ ඉරිපත් කර තිබුණත් එ් පිළිබඳව සෑහීමකට පත්විය හැකි ක‍්‍රියා මාර්ග ගැනීමට ලංකාවේ රජය වෙනුවෙන් ක‍්‍රියාත්මක වන වගඋත්තරකරු හා වෙනත් ඉහළ නිලධාරීන් විසින් සෑහීමකට පත්විය හැකි පියවරක් ගෙන නැත.

ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මානව හිමිකම් සම්බන්ධයෙන් බොහෝ කාලයක් ක‍්‍රියා කර ඇති ඉහත සඳහන් පැමිණිලිකාර සංවිධානයන් ඉහත කී කරුණ පිළිබඳව පු`ඵල් අවබෝධයකින් සිටින අතර අවශ්‍ය අවස්ථාවක දී මේ පිළිබඳව දීර්ඝව කරුණු දැක්වීමට මෙම පෙත්සම්කාර සංවිධානවලට හැකි බව ඔවුහු කියා සිටිති.

02. 
පොලීසිය වෙත තමන්ගේ පැමිණිල්ල ලියාපදිංචි කර ගැනීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා යන රට වැසියනට ආචාරශීලිත්වයෙන් තොරව නිගරු කිරීමටත් බොහෝ විට අපහාස කිරීමටත් වෙනත් ආකාරවලින් ඔවුන් අපහසුතාවයට පත් කිරීමටත්, අයුතු ලෙස ලාභ ප‍්‍රයෝජන ලබා ගැනීමත් නිරන්තරයෙන්ම සිදුවන බව පෙත්සම්කාර සංවිධාන කියා සිටීති. 

විශේෂයෙන්ම පරුෂ වචන පාවිච්චි කිරීම කෙරෙන අතර කාන්තා පක්ෂයට සුදුසු ආකාරයෙන් සාමාන්‍ය සමාජ සම්ප‍්‍රධායනට අනුව පැවතිය යුතු ආචාරශීලීත්වයෙන් කටයුතු කිරීම බොහෝ විට සිදු නොවන අතර සමහර විට එම කාන්තාවන්ට ලිංගික අපචාර කිරීමට ද, පරීක්ෂණ සඳහා අල්ලස් ඉල්ලා සිටීමට ද, නුසුදුසු යෝජනා කිරීමට ද, නින්දා සහගත වචනවලින් කතා කිරීමට ද පොලිස් නිලධාරීන් යොමුවන අවස්ථා බොහෝ බවත් පෙත්සම්කාර සංවිධාන කියා සිටිති.

03. 
අ). වධහිංසාව හා අමානුෂික හා අවමන් සහගත සැළකිල්ල ඉතා පළල්ව ලංකාවේ පොලිස් ස්ථානවල සිදුවන අතර මේ පිළිබඳව දීර්ඝ වාර්තාවක් ඇති පොත පත ද නිකුත් වී ඇති බවත් ජාතික හා ජාත්‍යන්තර සංවිධාන මගින් මෙම වධහිංසා හා අමානුෂික ක‍්‍රියා සම්බන්ධයෙන් විශාල වාර්තා ගණනක් කාලයක් තිස්සේ ඉදිරිපත් කර ඇති බවත් පෙත්සම්කාර සංවිධාන කියා සිටීති. 

ආ). ලංකාවේ අධිකරණ මගින් ද පොලීසිය විසින් කරන ලද වධහිංසා පිළිබඳ මූලික අයිතිවාසිකම් යටතේ හා 1994 අංක 22 දරණ වධහිංසාව හා කෲර හෝ අමානුෂික සැලකිලි හෝ දඬුවම්වලට එරෙහි පනත යටතේ නඩු අසා ඇති අතර එ් පිළිබඳව නඩු තීන්දු විශාල ගණනක් ප‍්‍රකාශයට පත්කොට ඇත. එම නඩු තීන්දුවලට අනුව වධහිංසාව හා අමානුෂික ක‍්‍රියා වැළැක්වීම සම්බන්ධයෙන් වගඋත්තරකරු හා ඔහු යටතේ පවතින පොලිස් දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාවට නැගීමට සුදුසු නිර්දේශයන් ද අඩංගු වන බව වගඋත්තරකාර පෙත්සම්කරුවන් කියා සිටීති.

ඇ*. එමෙන්ම පොලීසියේ මෙම නීතියට පටහැනි ක‍්‍රියාවන් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ හා මහේස්ත‍්‍රාත් අධිකරණ මගින් දෙන තීන්දු මගින් ප‍්‍රකාශිත කරුණු, පොලීසියේ ඉහළ නිලධාරීන් කි‍්‍රියාත්මක නොකරන බව එම තීන්දු ප‍්‍රකාශයන් හි අන්තර්ගත බවද පෙත්සම්කරුවන් තවදුරටත් කියා සිටීති. 

ඈ). තවද, පොලිස් නිලධාරින් සිදුකරන අපරාධ හා නීති විරෝධී ක‍්‍රියාවන් පිළිබඳ මහජන පැමිණිලි බහුතරයක් ඉහළ නිලධාරින් විසින් සැලසුම් සහගතව යටපත් කරන අතර, චූදිත නිලධාරින්ව ආරක්ෂා කරන බව  වගඋත්තරකාර පෙත්සම්කරුවන් කියා සිටීති. 

04. 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඉදිරියේ ලංකාව නියෝජනය කරමින් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිල ප‍්‍රකාශයක් කරමින් වධහිංසාවෙන් හා අමානුෂික සැළකිලිවලිනුත් ලිංගික අපචාරවලිනුත් වැළකී සිටීම පිළිබඳව ශ‍්‍රී ලංකාවේ පොලීසියට හා හමුදාවට නිර්දේශ නිකුත් කරන බවටත්, එම ක‍්‍රියා කරන්නන්ට විරුද්ධව පරීක්ෂණ පවත්වා දඬුවම් දෙන බවටත් ප‍්‍රකාශ කරන ලද බව පෙත්සම්කාර සමිති කියා සිටීති. එම ප‍්‍රකාශය මෙම පෙත්සමට අමුණා ඉදිරිපත් කොට ඇත. 

05.
ඉහත සඳහන් සිය`ඵම කි‍්‍රයා එනම්, පැමිණිලි ප‍්‍රමාදයන් හා ප‍්‍රමාද දෝෂයන්ගෙන් තොරව සටහන් කර ගැනීමටත්, පොලීසියක් වෙත එන සිය`ඵම දෙනා ආචාරශීලීව හා ගරුත්වයකින් යුතුව සැළකීමටත්, වධහිංසා පැමිණවීම්වලින් මු`ඵමණින්ම මිදී සිටීමටත් ලංකාවේ පොලීසියේ හා හමුදාවේ නිලධාරීන් මෙන්ම සිය`ඵම රාජ්‍ය සේවකයන් ලංකාවේ ව්‍යවස්ථාවෙන් හා ලංකාවේ පිළිගත් නීති පනත් මගින් ප‍්‍රකාශයට පත්කොට ඇති ලංකාවේ නීතියට අනුව බැඳී සිටින බව ද පෙත්සම්කරුවෝ කියා සිටිති.

06. 
ඉහත වගන්තිවල සඳහන් කර ඇති කරුණු හා එ්වාට අදාල නීති අනුව කරන වැරදි නිවැරදි කොට ලංකාවේ පොලීසිය, ලංකාවේ ව්‍යවස්ථාව හා නීතීන් යටතේ නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක කරවීමට ජාතික පොලිස් කොමිෂන් සභාව බැඳී සිටින බව පෙත්සම්කරුවෝ තරයේ විශ්වාස කරති.

ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එම කරුණු මගින් ඉදිරිපත් කර ඇති 
දෝෂයන් සම්බන්ධයෙන්ත 

අ). ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එහි නිගමනය ප‍්‍රකාශයට පත් කිරීම,

ආ). එසේ පරීක්ෂණයක් කිරීමෙන් පසු ඉහත ස`දහන් දෝෂයන් නිවැරදි කිරීමට හැකි නිර්දේශයන් ඉදිරිපත් කිරීම,

ඇ). එම නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ක‍්‍රියා පටිපාටියක් ද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිර්මාණය කළ යුතු බව.

මෙම වගන්තියෙන් ඉල්ලා සිටින පරීක්ෂණය පැවැත්වීමේදී එය ප‍්‍රසිද්ධ පරීක්ෂණයක් ලෙස පැවැත්වීම හා එම පරීක්ෂණයට කෙලින්ම සම්බන්ධ වීමෙන් හෝ නිර්දේශ ලිඛිතව ඉදිරිපත් කිරීමෙන් මහ ජනතවට සහභාගී වීමට පහසුකම් සලසා දිය යුතු යැයි වගඋත්තරකාර පෙත්සම්කරුවෝ ඉල්ලා සිටීති.

මෙම පෙත්සම ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලියාපදිංචි කොට එ් පිළිබඳව ක‍්‍රියා කිරීම, හැකි ඉක්මණින් පටන් ගන්නා ලෙස ද පෙත්සම්කාර සමිති ඉල්ලා සිටිති.

(1) වධහිංසාවල පරිමාන පෙන්වීම සඳහා මේ සමග ඉදිරිපත් කරන වධහිංසා සිදුවීම් 402 ක් වාර්තා කොට ඇති ආසියානු මානව හිමිකම් කොමිෂම මගින් ප‍්‍රකාශයට පත් කර තිබෙන 
‘‘ශ‍්‍රී ලංකාවේ යුක්තියේ කථාව - ශ‍්‍රී ලංකා පොලීසියේ වධහිංසා වින්දිතයන්ගේ කථා මගින් ....” යන ප‍්‍රකාශනය,

(2) ජනසංසදය මගින් ප‍්‍රකාශයට පත් කොට තිබෙන ප‍්‍රකාශයන්,

කොමිෂන් සභාවේ අවධානය සඳහා මේ සමග ඉදිරිපත් කර සිටිති.

(3) පෙත්සම්කාර සංවිධාන හා වින්දිතයින් විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙන පැමිණිලි සහ වධහිංසා පැමිණවීම් හා පොලිසියේ නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබාදී තිබෙන තීන්දු කෙරෙහි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු විය යුතු බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

07.
තවදුරටත්, වධහිංසාවල අර්ථ විරහිත බව හා එ්වායින් සිදුවන හානියේ පරිමාව පෙන්වා දීම සඳහා නඩු තුනක් යන නමින් ප‍්‍රකාශයට පත්කොට ඇති පොත ද, මෙම පෙත්සමට අමුණා ඉදිරිපත් කරන අතර මෙම පොතෙහි අඩංගු මීගමු දිසා අධිකරණයේ නඩුව මගින්, උප පොලිස් පරීක්ෂකවරයකු හා ඔහුගේ සහයකයාට එරෙහිව මරණ දඬුවම පැමිණවීම, මෙම පෙත්සමට අදාල කරුණු සනාථ කොට ඇති ආකාරය ජාතික පොලිස් කොමිෂමේ අවධානයට යොමු විය යුතු බව පෙත්සම්කරුවෝ කියා සිටිති.


අ/කෙළ්
...............................
පෙත්සම්කාර සංවිධාන වෙනුවෙන් පෙනී සිටින 
නීතීඥ හර්ෂි සී. පෙරේරා,
81/2, ආතර් වී දියෙස් මාවත, 
පානදුර.
2015.12.31    

මගුල කඩන්න පොලීසිය බලල් අතක් කරගෙන. බිරිඳ පැහර ගැනීමේ උත්සහයක්.


නීතියානුකුලව විවහවී, විවාහ ජිවිතය ආරිම්භ කර සති දෙකක් ගතවුනා පමණයි. මහා ? ගෙට පැන තමා ව අත් අඩංගුවට ගෙන වධ දී විවාහය කඩාකප්පල් කර දැමිමට පොලීසිය යොදා ගෙන ඇති බවට චොදනා කරන පානදුර දකුණ පොලීස් වසමේ පදිංචි යුවලක්,  අයුතු හා නීති විරෝධී බලපෑම් වලට යටත්ව, නීත්‍යානුකූලව විවාහ වී, විවාහ දිවිය ගෙන යන්නට, නිදහසේ ඉන්නට ඉඩ සලසන ලෙසට දෙන ලෙසටද, මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පති සහ පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ගෙන් ලිඛිතව ඉල්ලා සිටි.  

එම දෙපල 2016.01.01 පැමිණිල්ලක් ඉදිරිපත් කරනමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.  ‘‘ අප දෙදෙනා, 2015.12.15 වන දින නීත්‍යානුකූලව විවාහ වී, ඉහත ලිපිනයේ අඹු සැමියන් වශයෙන් ජීවත්වන්නෙමු. මෙසේ සිටින අතර, 2015.12.28 වන දින, අලූයම 01.30 ට පමණ පානදුර දකුණ පොලිසියේ සිව් දෙනෙකු පැමිණ, නිවස වටලා, නාවලපිටියේ ගෑණූ ළමයෙක්ව පැහැරගෙන ආ බවට පැමිණිල්ලකට අත්අඩංගුවට ගැනීමට පැමිණි බවට, මාගේ මවට හා සොහොයුරියට දන්වා තිබේ. 119 ට දී තිබූ පැමිණිල්ලට පැමිණි බවද ඔවුන් කියා තිබේ. එ් අවස්ථාවේ මා ගැහැණු ළමයෙකු ”පැහැර ගෙන” නොපැමිණි බවත්, කලක් සිට මිත‍්‍රව සිටි තරුණිය සමග විවාහ වී පැමිණි බවත් පවසා තිබේ. එ් අවස්ථාවේ - පානදුර දකුණ පොලිසියට 2015.12.29 දින උදේ 9 ට පැමිණෙන ලෙසට දන්වා, තුණ්ඩුවක් දී ගොස් තිබුනා. එහි ඹඔඍ 18252 3 අංකය සටහන් කර තිබුනා. පසු දින, පොලිසියෙන් පැමිණි බව දැනගත් විට, මා 2015.12.28 වන දින, පෙ:ව:11.00 පමණ මමත් මාගේ බිරිඳත් පානදුර දකුණ පොලිසියට පැමිණියා. අපව සු`ඵ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක ගාමිණී නිලධාරීවරයා වෙතට යොමු කරනු ලැබුවා. ඔහු විස්තර අසා, මාගේ බිරිඳගේ නම, පියාගේ නම, දුරකථන අංකය, මගේ නම, බිරිඳගේ නම ලිපිනය හා දුරකථන අංක අපට දුන්න තුණ්ඩුව පිටුපස සටහන් කරනු ලැබුවා. ඉන් පසු, උප පොලිස් පරීක්ෂක ගාමිනී, බිරිඳගේ මවට දුරකථනයෙන් කතාකරන්නට උත්සාහ ගත්තා. නමුත් බැරි විය. ඉන් පසු, මාගේ සොහොයුරාට කතා කර, මා හා බිරිඳ හොඳින් ඉන්නා බවත්, ඔවුන් නිත්‍යානුකූලව විවාහ වී සිටින බවත්, බිරිඳගේ මව වන පුෂ්පලතාට දන්වන ලෙසට දැනුම් දුන්නා. එයින් පසුව, 2015.12.29 වන දින, පෙරවරු 10.00 ට පමණ, යතුරු පැදියකින් පොලිස් නිලධාරීවරයෙක් පැමිණ, මවගෙන් හා සොහොයුරියගෙන් මාගේ හා බිරිඳගේ විස්තර, අසා ලියාගෙන ගොස් තිබුනා. 2015.12.31 දින, දහවල් 1.00 ට පානදුර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රෙමසිරි මාගේ මවට කතාකොට, ගැහැණු ලමයෙකු පැහැර ගැනීම ගැන පැමිණිල්ලකට, මට පොලිසියට එන ලෙසට දැනුම් දෙන ලෙසට මාගේ මවට පවසා තිබුනා. පොලිසියේ කැඳවීමට මා 2015.12.28 දින පොලිසියට බිරිඳ සමග ගොස් විස්තර දැනුම් දුන් බවත්, එ් ආකාරයට 2015.12.29 දින පොලිස් නිලධාරියෙකු පැමිණ විස්තර සටහන් කරගෙන ගිය බවත්, පවසා ඇත.  එවිට, උප පොලිස් පරීක්ෂක පේ‍්‍රමසිරි මාගේ මවට තර්ජණාත්මකව කතා කරමින්, මා පැමිණි බවට පොලිසියේ සටහන්ව නැති බවට ප‍්‍රකාශ කර, මාව අත්අඩංගුවට ගෙන වසරකට රිමාන්ඞ් කරවන බවට තර්ජණය කර තිබේ. එම තර්ජණයෙන් පැයකට පමණ පසුව, 119 සටහන් කරන ලද යතුරු පැදියකින් සැරයන් වරයෙකු හා පුහුණුවන උප පොලිස් පරීක්ෂක වරයෙක් නිවසට පැමිණියා. ඔවුන් දෙන්නා ප‍්‍රකාශ කලා, මුලින් මා හා බිරිඳව පොලිසියට කැඳවූයේ 119 ට කරන ලද පැමිණිල්ලකට බවත්, ඊට පසුව බිරිඳගේ මව කර තිබෙන පැමිණිල්ලලට ඔවුන් පැමිණි බවත්. තවද, ඔවුන් ප‍්‍රකාශ කලා, තමන් පැමිණියේ නාවලපිටියේ ්ීඡු  ගෙන්, පානදුර දකුණ ්ීඡු ට ආපු පණීවුඩයට බවත්, මවට තර්ජණාත්මකව කතාකර තිබුන උප පොලිස් පරීක්ෂක පේ‍්‍රමසිරි පානදුර දකුණ ්ීඡු ගේ සහකරු බවත්.  එදිනම සවස 5.00 ට පමණ, සුදුපාට මෝටර් රථයකින් පොලිස් නිලධාරීවරයෙක්, තවත් කිහිප දෙනෙක් සිවිල් ඇඳුමින් නිවසට පැමිණ, අප කිසිවකු නොසිටි නිසා, අසල නිවසකින් අප ගැන විමසා ගොස් තිබේ. එසේ යන අතර, මෙහෙම හරියන්නේ නෑ, ?කට ඇවිල්ලා උස්සන්න  ඕනි කියා තිබේ. නිසි වයස සම්පූර්ණ කර, නීත්‍යානුකූලව විවාහ වී සිටින අපට, දැන දැන පොලිසියේ බලය අයුතු ලෙසට යොදවමින්, දැඩි මානසික පීඩාවට පත් කරමින්, පානදුර පොලිසියේ නිලධාරීන් ක‍්‍රියා කරන්නේ, මාගේ බිරිඳගේ මව උසස් පොලිස් නිලධාරීන් හා දේශපාලඥයින් හා එක්ව මෙම අයුතු නීති විරෝධී ක‍්‍රියාවන්හී නියැලෙන බව’’ ඔහු ප‍්‍රකාශ කර තිබේ. 

එම පැමිණිල්ලෙන් එම යුවල ඉල්ලා සිටින්නේ, අයුතු හා නීති විරෝධී බලපෑම් වලට යටත්ව, නීත්‍යානුකූලව විවාහ වී, විවාහ දිවිය ගෙන යන තමන්ට නිදහසේ ඉන්නට දෙන ලෙසට, පොලිසිය උපයෝගී කරගෙන,  බිරිඳව පැහැර ගැනීමට දරන උත්සාහය වලක්වන ලෙසට, ව්‍යාජ පැමිණිලි කරමින් හිරිහැර  කරන බිරිඳගේ මව වන පුෂ්පලතා මියට හා එ් අනුව නීති විරෝධී ක‍්‍රීයාවන්හී නියැලෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.