Friday, January 22, 2016

ලීසිං කොම්පැනිකාරයෝ පොලීසියත් ලීසිං කරයි.


කලබදු (ලීසිං) කොම්පැනි, මේ වන විට ගෙවීම් පැහැර හරින්නන්ගෙන් මුදල් අයකර ගන්න යොදාගෙන ඇත්තේ පොලීසියයි.

ලීසිං කොම්පැනිවල ජරාවට යටවී සිදු කරන මෙම අපරාධය පිළිබඳ හෙළිදරව් කිරීමට අද හැකි වී තිබේ.

අසංක, කොමර්ෂල් ලීසිං හා ෆිනෑන්ස් කොම්පැනියෙන් කල්බදු ක‍්‍රමයට ත‍්‍රීරෝද රථයක් මිළයට ගත්තේය. එම ත‍්‍රීරෝද රථය, ඔහු ලීසිං කොම්පැනියේ අනුමැතියට යටත්ව, විකුණන ලදි. 2014.08.19 වන දින දෙවන ගැණුම්කරු වූ මොහොමඞ් ෆයිලි මොහොමඞ් පර්හත්, එම ත‍්‍රීරෝද රථය අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් ට විකුණන ලදි. එම ගණුදෙනුව කළේ ද කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගමේ ක`ඵතර ශාඛාවේ කලමණාකරු ඉදිරිපිටදීයි.

තෙවන ගැණුම්කරු, සියලූම ණය වාරික ලීසිං සමගම ගෙවා, තමා නමට ත‍්‍රීරෝද රථය පවරා ගැනීමට ඉදිරිපත් විය.

එ් අවස්ථාවේ, කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම, එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර මුල් ගැණුම්කරු අසංක එ් සඳහා ඉදිරිපත් විය යුතු බව කියා සිටී.

අසංක, ලීසිං සමාගමේ එකඟතාවය යටතේ, ලිඛිත ගිවිසුමකින්, ත‍්‍රීරෝද රථය, මොහොමඞ් ෆයිලි මොහොමඞ් පර්හත් ට විකුණන ලදි. ඊ්ට පසු එම ත‍්‍රීරෝද රථය ලීසිං සමාගමේ අනුමැතිය යටතේ අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් විසින් අරගත්තද, ණය වාරික සඳහා ලදුපත් නිකුත් කර ඇත්තේ අසංක නමටය. අඩුම වශයෙන් අසංකගේ වෙනුවෙන් ණය වාරික රු: 15,100/- බැගින් වූ වාරික 11 ක් ගෙවන ලද්දේ අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් විසින් බවට සටහනක්වත් සමාගමේ නැත.

එසේ සටහනක් ලා දීමද කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම ප‍්‍රතික්ෂේප කර ඇත. මෙම තත්ත්වය තුළ තමන්ගේ නමට ණය වාරික ගෙවන ලද ලදුපත් නිකුත් කරන්නේ නැතිනම්, ණය වාරික නොගෙවන බව අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් කියා සිටී.

මේ තත්ත්වය යටතේ ණය වාරික අය කර ගැනීමට, කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම පොලිස් කාරයෝ මිළයට ගෙන සිටී.

නම් නොකියන මේ පොලිස් කාරයෝ තමා මිරිහාන පොලීසියේ  ඕ.අයි.සී. බව පවසමින් අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් ට තර්ජනය කරණු ලබයි. මේ තත්ත්වය වහාම වැළැක්වීම ජාතික පොලිස් කොමිෂමේ වගකීමකි.


No comments:

Post a Comment