Tuesday, January 5, 2016

අනුන්ගේ අරුක්කු වලට අසරණයින්ට නඩු දාන්නේ OIC උවමනාවට.


බදුරලිය පොලීසියේ සැරයන් ජයතිස්ස හා උප පොලිස් වරයෙක් ගෙදර සිටි තමාව අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන ගොස් බොරු නඩු දමා, ඉන් අනතුරුව බී ගෙන ඇවිත් හිරිහැර කිරීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරන ලද පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ, පවරා ඇති බොරු නඩුව ඉල්ලා අස්කරවන ලෙසට සහ එ් පිළිබඳව පැමිණිලි කිරිම නිසා උරනව, තමන්ට තර්ජණය කරමින්, නැවත බොරු නඩු දමන බවට තර්ජණය කරන ලද පො.සැ.ජයතිස්ස, පො.කො.චින්තක හා ීඔත්‍ එකෙන් පැමිණි උප පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.

මෙම පැමිණිල්ල කර ඇත්තේ බදුරලියේ වෙළෙන්දෙකු වන ප‍්‍රසන්න පෙරේරා ය. ඔහු සිය පැමිණිල්ලේ මෙසේ සඳහන් කර ඇත.

‘‘ 2015 දෙසැම්බර් 25 දින, දහවල් 12.20 ට පමණ මා නිවසේ, දරුවන් දෙන්නා සමග සටින විට, පො.සැ.ජයතිස්ස සහ තවත් අයෙක්, පැමිණ මගෙන් ප‍්‍රසන්න ද කියා අසා, ලොකු මහත්තයා එකක්ගෙන එන්න කිව්වා කියා මාව පොලිසියට රැුගෙන ගියා. මාව රැුගෙන ගියේ පොලිසියේ ත‍්‍රී රෝද රථයෙන්. ත‍්‍රී රෝද රථය එළව්වේ, පැමිණි අනෙක් පුද්ගලයා. ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙක් බව මා දැනගත්තා. මාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පො.සැ.ජයතිස්ස මට ”වල් බල්ලා, තෝ තිරිසන් වැඩ කරනවා” ආදී වශයෙන් බණිමින්, පිස්තෝලය අරගෙන කැරකෙව්වා.

පොලිසියට ගෙන ගිය පසුව, මාව, ස්තානාධිපතිට ඉදිරිපත් කලා. ඉන් පසුව මාව පො.සැ. ජයතිස්ස කූඩුවට දැම්මා. සවස 5.00 ට පමණ, පො.සැ.ජයතිස්ස කූඩුවෙන් එළියට අරගෙන, පොතක යමක් ලියා, ගෙදර යන්න මේක අත්සන් කරන්න කිව්වා. මට ලියා තිබූදේ කියෙව්වවේ නැහැ. කියවන්න ඉඩදුන්නෙත් නැහැ. නමුත් මම අත්සන් කලා. ඉන්පසු රසව් එකේ සිටි නිලධාරියා, එ් අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි මගේ බිරිඳට කිව්වා ඇපයට අත්සන් කරන්න කියා. කොලයක් දුන්නා. ඇය අත්සන් කලා. ඉන්පසු, රිසව් එකේ රාලහාමි මට කිව්වා ”ඔයාට අරක්කු නඩුවක් දාලා තියෙන්නේ, ජනවාරි 08 මතුගම මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් වන්න යයි කිව්වා. 

2015 දෙසැම්බර් 28 දින, මට බදුරලිය පොලිසියේ පො.සැ.ජයතිස්ස හා උප පොලිස් පරීක්ෂක කරන ලද අපරාධය ගැන, මා මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පැමිණිලි කලා. පැමිණිල්ල ලියා ගත්තා. එ්.එස්.පී. මයා මට උපදෙස් දුන්නා, 2016 ජනවාරි 08 උසාවියට ඉදිරිපත් වෙලා නිදහසට කරුණු කියන්න, මාගේ රාජකාරිය කරනවා කියා.

2016 ජනවාරි 01 - මා ලක්පඳුර හංදියට පැමිණ මාලූ 500ක් අරගෙන ගෙදර යන්න බස් නැවතුම්පලේ සිටින විට, පො.සැ.ජයතිස්ස සිවිල් ඇඳුමින් හීරෝ හොන්ඩා යතුරු පැදියකින් පැමිණ, මා අසල නවත්වා, ”සුභ අලූත් අවුරුද්දක් වේවා” යයි කිව්වා. මම ඔහුට කිව්වා, බොරු නඩු දාලා, අපරාධයක් කරලා මට මොන සුභ අලූත් අවුරුද්දක්ද කියා. එවිට ඔහු එක පාරටම, යතුරු පැදියෙන් බැස මා ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් අල්ලා, උඹ මොකද එහෙම කියන්නේ අසමින්, මගේ ටී ෂර්ට් එකෙන් ඇද්දා. මගේ ටී ෂර්ට් එක ඉරිලා ගියා. මා බේරෙන්න හදන විට, හොඳටම බීලා හිටිය ඔහු යතුරු පැදියේ පැටලී බිම වැටුනා.

ඔහු නැගිට, උඹ ගිහිල්ලා මට විරුද්ධව එ්.එස්.පී. ලඟ පැමිණිල්ලක් කරලා තියෙනවා, ගිහිල්ලා එ්ක අස්කරගනින්, එහෙම කලේ නැතිනම්, ගංජා හරි දාලා ඇතුලට යවනවා කියා මට තර්ජණය කර යන්න ගියා. 2016 ජනවාරි 02 දින, මා නිවසින් පිටව වැඩකට ගොස් සිටින විට, උදේ 9.00 පමණ, අසල්වැසියෙක් දුරකථනයෙන් කතා කරලා කිව්වා, ටිකකට කලින් පොලිසියෙන් ඇවිල්ලා ගියා, දරුවන් විතරයි නේද ගෙදර ඉන්නේ කියා. මා, අසල්වැසියාට දුරකථනයෙන් කතාකර කිව්වා, ගෙදරට ගිහිල්ලා දුවට කතාකරන්න සලස්වන්න කියා. එ් අනුව මම දුවට කතා කලාම කිව්වා, පොලිසියේ තුන්දෙනෙක් ඇවිත් මාව අහලා ගිය බව. එසේ පැමිණ ඇත්තේ, බදුරලිය පොලිසියේ, පෙර සඳහන් කල ීඔත්‍ එකේ සිට පැමිණ උප පොලිස් පරීක්ෂක, පො.කො.චින්තක හා තවත් අයෙක්. එදිනම 2016 ජනවාරි 02, ීඔත්‍ එකේ සිට පැමිණී, උප පොලිස් පරීක්ෂක මාගේ හිතවතෙකුට කියා තිබෙනවා, මට ගමේ ඉන්න දෙන්නේ නැහැ, බෝම්බයක් දමා, අවුරුදු දෙක තුනකට හිරේ අරිනවා කියා. එයින් පසුව, පො.සැ. ජයයතිස්ස, පො.කො.චින්තක හා ීඔත්‍ එකෙන් පැමිණි උප පොලිස් පරීක්ෂක මා ගැන විපරමින්, මට බොරු නඩුදාන බවට ප‍්‍රචාරයක් ගෙන යමින් සිටින බව දැනගන්නට ලැබී තිබේ.’’ යනු වෙන් සඳහන් වේ.

No comments:

Post a Comment