Saturday, January 30, 2016

පොලිස් බැලයන්ගේ පාහර ක‍්‍රියාවන්ට රජය වගකිව යුතුයි.


ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රරචාරක කාර්යාලයක් රාජපක්ෂ බැලයන් විසින් ගිනි තබා විනාශ කරන ලදි. ඒ 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී ය. 

තංගල්ල පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ මෙම කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම පිළිබඳව පැමිණිල්ල, පක්ෂ ක‍්‍රියාකාරීන් වූ කුමාර වාහලතන්ත‍්‍රී හා ඩැනිස්ටර් ගුණසේකර විසින් තංගල්ල පොලීසියට කරණු ලැබීය. 

පොලීසිය රාජපක්ෂ බැලයන්ට එරෙහිව පියවර ගත්තේ නැත. ගුණසේකර මෙම ගිනි තැබීමට විරෝධය පළ කිරීම සඳහා, පිළිස්සුන කාර්යාලය ඉදිරිපිට බැනරයක් දැම්මේය. 

එහි සඳහන් වූයේ ”මහ ජරා රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද?” යනුවෙනි.

තංගල්ල පොලීසියේ ස්ථානාධිපති කාලිංග හා පොලිස් පරීක්ෂක සුවාරිස් දින දෙකකට පසුව, බිරිඳ සමග යමින් සිටි ගුණසේකරව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත් කරණු ලැබීය.

එ් සමගම ජ.වි.පෙ. බැනරය ද කපා ඉවත් කරන ලදි. 

ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනා තංගල්ල පොලීසියේ මෙම නීති විරෝධී ක‍්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරණු ලැබීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12), 13(1) හා 14(1) ආ වගන්ති උල්ලංඝණය කිරීම මගින් තම මූලික අයිතීන් කඩකරන ලද බව පෙත්සමෙන් ප‍්‍රකාශ විය.

නීතිඥ පුලස්ති හේවාමාන්න සමග නීතිඥ ජේ.සී. වැලිඅමුණ, ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.

නඩුවේ වගඋත්තරකරුවන් වූ තංගල්ල පොලීසියේ ස්ථානාධිපති කාලිංග, පොලිස් පරීක්ෂක සුවාරිස්, පොලිස්පති හා නීතිපතිි වෙනුවෙන්, නීතිපති නියෝජනය කරමින් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ දීපිකා හෙට්ටිගේ පෙනී සිටියේය.

2009 පවරන ලද නඩුවට අදදාලව, පෙත්සම්කරුවන් වූ ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනා වෙනුවෙන් ලිඛිත දේශන ඉදිරිපත් කරණු ලැබුවේ 2012 මාර්තු මසය. පොලිස්කාරයන් වෙනුවෙන් රජයේ නීතිඥවරිය ලිඛිත දේශන ඉදිරිපත් කරණු ලැබුවේ වසරකුත් මාස හතරකට පසුව 2013 ජූලි මසය.

2015 අගොස්තු මස නඩුව විභාගයට ගැනුණු අතර, 2015 මාර්තු මස තීන්දුව ප‍්‍රකාශයට පත් කරණු ලැබීය.

තංගල්ල පෙලිස් ස්ථානාධිපති කාලිංග හා පො.ප. සුවාරිස් ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනාගේ මූලික අයිතීන් උල්ලංඝණය කරන ලද බවට තීන්දු කරණු ලැබීය. 

මෙම තීන්දුව මගින් ආණ්ඩුව විවේචනය කරමින් බැනර් ප‍්‍රදර්ශනය මූලික අයිතිවාසිකමක් බවට, එය අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බව යළිත් වරක් තහවුරු කළේය.

මීට පෙර අවස්ථා ගණනාවක දී පොලීසිය පාලකයන්ගේ වුවමනා එපාකම් ඉටුකරන්නට නීතිය උල්ලංඝණය කිරීම, අධිකරණයේ දෝෂදර්ශනයට ලක්ව තිබීම.

මෙම නඩුවේ තීන්දුවෙන් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, භාවිතය පිළිබඳ පැහැදිළි කර, පොලිස් නීති විරෝධී ක‍්‍රියා දෝෂදර්ශනයට ලක් කරණු ලැබ තිබුණේ, පොලීස් නීති විරෝධී ක‍්‍රියාවන්ට රජයේ (ආණ්ඩුවේ* වගකීම අවධාරණය කරමින්ය.

එ් අනුව,

නඩුවේ දෙවන පෙත්සම්කරු වූ ගුණසේකරට, රු: 20,000/- ක වන්දියක් ගෙවන ලෙසට පොලිස්පතිට නියම කෙරිණ.

පොලීසියේ සියලූම නීති විරෝධී ක‍්‍රියාවන්ට රජය වගකිව යුතුයි. එම නිසා නීති ගරුක පොලීසියක් බිහි කිරීම, නීති උල්ලංඝණය කරන, ¥ෂිත පොලිස් කාරයින්, ලොකු කුඩා භේදයකින් තොරව දඬුවමට ලක් කිරීම ආණ්ඩුවේ වගකීමයි.

වැරදි කරන අපරාධ කරන පොලිස්කාරයන් වෙනුවෙන් මහජන මුදලින් වන්දි ගෙවීම ද අපරාධයකි. 

සම්පූර්ණ නඩු වාර්තාව සඳහා පිවිසෙන්න.


No comments:

Post a Comment