Saturday, January 23, 2016

ලිඟුව මිරිකා වධ දුන්නාට, පොලිස්පතිට රු: 50,000/- ක් ගෙවන්න නියම වෙයි.


15 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන නිරුවත් කොට පුරුෂ ලිඟුව මිරිකා වධදුන්න මාතලේ යටවත්ත පොලීසියේ පොලිස්කාරයන් හතරදෙනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් බවට පත් කරණු ලැබීය. 

පොලිස් ස්ථානාධිපති ඇතු`ඵ එම පොලිස්කාරයන් හතරදෙනාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ද, අත්විඳින්ට සිදු වූ ශාරීරික හා මානසික පීඩාවට වන්දි වශයෙන් එම සිසුවාට          රු: 50,000/- ක වන්දියක් ගෙවන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කළේය. 

මෙය 2011 වසරේ සිදු වූ සිදුවීමකි. මාතලේ යටවත්ත පොලීසියේ සැරයන් ඩග්ලස් ඇල්ලේපොල, පො.ප. බංඩාර, හෙට්ටිආරච්චි හා ස්ථානාධිපති නිශ්ශංක යන පොලිස්කාරයන්, 15 හැවිරිදි පුබුදුව අත්අඩංගුවට ගෙන වධදුන්නේ සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමටය. 

පොලීසිය පුබුදුව, මහේස්ත‍්‍රාත් අධිකරණයට කළ අවස්ථාවේ, ඔහුව රෝහල්ගත කිරීමට එවක මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

මාතලේ පළාත් මහ රෝහලේ වශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය අජිත් ජයසේන  මහතා, පුබුදුව පරීක්ෂා කොට, විශේෂඥ මානසික වෛද්‍යවරයා වෙත යොමු කරණු ලැබීය.

විශේෂඥ මානසික වෛද්‍යවරයාගේ නිගමනය වූයේ, වධ දීමේ ප‍්‍රතිඵලයෙන් පුබුදු, දැඩි මානසික ආතතියකට (ඡුඔීෘ* පත්ව තිබෙන බවයි.

එවක මාතලේ මහේස්ත‍්‍රාත්වරිය, මෙම පසුබිම යටතේ, පුබුදුට වධදුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව, මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවරන ලෙසට නීති ආධාර කොමිෂම ට නියම කළේය.

නීති ආධාර කොමිෂමේ උපදෙස් මත, නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා පුබුදු හා මව කුමාරිහාමි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.

2015 ඔක්තෝබර් 13 දින පෙත්සම අදාලව විවාදය පැවැත්වී අතර තීන්දුව 2016 ජනවාරි 14 දින ප‍්‍රකාශයට පත් කරණු ලැබීය.

විනිසුරු වනසුන්දර හා විනිසුරු උපාලි අබේරත්න ගේ එකඟතාවය මත, තීන්දුව ප‍්‍රකාහයට පත් කරණු ලැබුවේ විනිසුරු අනිල් ගුණරත්න විසිනි.

පොලීසියේ වධහිංසා පැමිණවීම් අදාලව දීර්ඝව කරුණු දැක්වීමකින් අනතුරුව, පොලීසිය ඉදිරිපත් කරන ලද සියලූම සාක්ෂි, තර්ක ප‍්‍රතික්ෂේප කර පුබුදු ට වධ දී ඇති ආකාරය නිර්දය ලෙස විවේචනයට ලක්කරණු ලැබීය.

පුබුදු ට සාධාරණ යුක්තිසහගත වන්දියක් රජය ගෙවිය යුතු බවත්, එය පොලිස්පති විසින් ගෙවිය යුතු බවටත් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉහත නම් කළ පොලිස්කාරයන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ද නියම කළේය.

පොලිස් අපරාධකරුවන් ආරක්ෂා කිරීම පොලිස්පති ගේ කාර්යයි. එ් නිසා, මෙම පොලිස් අපරාධකරුවන් හතරදෙනාට එරෙහිව විනය පියවර ගනු ඇතැයි විශ්වාස කළ නොහැක.

වර්තමානයේ මෙහි වගකීම ඇත්තේ ජාතික පොලිස් කොමිෂමටය. එ් නිසා ජනසංසදය, මෙම නඩුවේ තීන්දුව ජාතික පොලිස් කොමිෂමට ඉදිරිපත් කර, එ් අනුව කඩිනම් පියවර ගන්නා ලෙසටත්, එ් මගින් ජාතික පොලිස් කොමිෂමට සිය ස්වාධීනත්වය ප‍්‍රදර්ශනය කිරීමට හැකිවනු ඇතැයි යන විශ්වාසය පළ කර සිටී.

2011 දි මෙම සිද්ධිය, පුබුදුගේ මව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද ඉදිරිපත් කළේය. කොමිෂම කළේ ඇයගේ පැමිණිල්ල මහනුවර පිහිටි මානව හිමිකම් කොමිෂමේ ප‍්‍රාදේශීය කාර්යාලයට යොමු කිරීමය.

එහි සම්බන්ධීකාරක සුමනසේකර නැමැත්තා කළේ, සිද්ධියට අදාල යටවත්ත පොලීසියේ, පොලිස් අපරාධකරුවන් විසින් කොමිෂමට ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමේ ලිපියේ ඡුායා පිටපතක් පුබුදුගේ මවට යවා, එයට විරෝධතා දක්වන ලෙසට දැණුම් දීමය. 

එයට පිළිතුරු දීමට මළ පොත කියවන්නටවත් බැරි පුබුදුගේ මවට නොහැකි විය.

සම්බන්ධීකාරක සුමනසේකර නැමැත්තා කළේ, නියමිත දිනට පිළිතුරු එව්වේ නැත යන පදනම මත පොලිස්කාරයන්ට එරෙහි පැමිනිල්ල කුණු කූඩයට දැමීමය.

මේ පිළිබඳව ද, ජනසංසදය වත්මන් කොමිෂමේ සභාපතිනියගේ අවධානය කැඳවා පොලිස් අපරාධ වසන් කිරීමට කාලයක් තිස්සේ ක‍්‍රියා කළ මානව හිමිකම් කොමිෂමේ විමර්ශන නිලධාරීන්ට එරෙහි ව විනය පියවරක් ගන්නා ලෙසට ද ඉල්ලා තිබේ. 

x නඩු තීන්දුව හා විස්තර සඳහා;

        පිවිසෙන්න.
                                                    
x පුබුදු ගේ කථාවට සවන් දෙන්න;
  https://www.youtube.com/watch?v=B3lw_7BVo3c
පිවිසෙන්න.


   

No comments:

Post a Comment