Thursday, January 14, 2016

ස්වාධීනත්වය යනු බෝඞ් ලෑල්ලක් නොවන බව ඇමති විජයදාස රාජපක්ෂ දැනගත යුතුය.


මේ වනවිට, ම.රා පාලන සමයේ , තම පොෟද්ගලික අභිප‍්‍රායන්ට, න්‍යාය පත‍්‍රයන්ට අනුව යොදාගත් හා විවිධ දුෂනයන් හි නිරතවු ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ අභ්‍යන්තර කොටස්කරුවන් කුපිතව සිටින බව සැවොම දන්නා කරුණකි.

එම පසුබිම යටතේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හා ව්‍යවස්ථානුකූල ව කොමිෂම වෙත පැවරී තිබෙන වගකීම් ඉටු කිරීම් වළක්වාලීමට අධිකරණ හ බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ කරලියට පැමිණීම අහම්බයක් හෝ පුදුම විය යුතු හෝ කරුණක් නොවේ.

සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ මානව හිමිකම් කොමිෂම බාල්දු කරන ප‍්‍රකාශයන්ට විරෝධය පළ කරන ලෙසට සිවිල් සංවිධාන විසි දෙකක් අමතමින් ජසදංසදය කරන ලද ඉල්ලීම පහත දැක්වේ.

‘‘ 2015 ජනවාරි 08 ඇති කළ වෙනස සහ විශේෂයෙන් 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද මානව හිමිකම් කොමිෂන් සභාව, පවැරී තිබෙන බලතල යටතේ,

(1* 2015 ඔක්තෝබර් 29 දින පොලීසිය, උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය
    පිළිබඳව පවත්වන ලද විමර්ශනය හා එහි නිර්දේශයත

(2* ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තර්ගත, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දන නීති, දණ්ඩ නීති
    සංග‍්‍රහයට සංශෝධන වශයෙන් ඇතුළත් කිරීමට ගත් උත්සාහය පිළිබඳ, ආණ්ඩුවට ඉදිරිපත්
    කරන ලද කරුණු දැක්වීම සහ එම සංශෝධනය ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීමත

(3* මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ සමහර කොටස් දරන ලද උත්සාහය
    සම්බන්ධයෙන් ආණ්ඩුවට, ඉදිරිපත් කරන ලද නිර්දේශය, එනම් මරණ දඬුවම නීති පොතෙන්
    ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීමත

මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිඹිබු කරන්නක් විය.

එහෙත් මෙම ‘‘ස්වාධිනත්වය’’ වත්මන් ආණ්ඩුවේ සමහර පාර්ශවයන්ගේ සහ පොලීසිය ප‍්‍රමුඛ සමහර රාජ්‍යය ආයතනවල දැඩි අප‍්‍රසාදයට හා දෝෂ දර්ශනයට ලක්ව තිබෙන බව අප දුටුවෙමු.

මේ වන විට උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳ නිර්දේශය පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ අභියෝගයට ලක්කර තිබේ.

එමෙන්ම ගත වූ කාල පරිච්ෙඡ්දයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, තම පොෟද්ගලික අභිප‍්‍රායන්ට, න්‍යාය පත‍්‍රයන්ට අනුව යොදාගත් හා විවිධ දුෂනයන් හි නිරතවු එහි අභ්‍යන්තර කොටස්කරුවන්ගේ ද දැඩි අප‍්‍රසාදයට පාත‍්‍ර වී තිබෙන බව ද අප දන්නා කරුණකි.

එම පසුබිම යටතේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හා ව්‍යවස්ථානුකූල කොමිෂම වෙත පැවරී තිබෙන වගකීම් ඉටු කිරීම් වළක්වාලීමට කරුණු කාරණා නොදන්නා ජනතාව නොමග යැවීමට, අධිකරණ හ බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ කරලියට පැමිණීම අහම්බයක් හෝ පුදුම විය යුතු හෝ කරුණක් නොවේ.

සේයා දැරියගේ මරණය අලවි කරන ලද පුද්ගලයන් සිය විකෘති ආශාවන් සපුරා ගැනීමට මරණීය දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු බවට අදෝනා නගන්නට පටන් ගති.

ජන මාධ්‍ය මගින් ආන්දෝලනයක් බවට පත් කරන සෑම අපරාධයක්ම එල්ලූම් ගහ ක‍්‍රියාත්මක කිරීම මගින් විසඳිය හැකි බවට ගෙන යන ප්‍රෝඩාකාරී ප‍්‍රචාරයට අන් කරුණු වලදීම මෙන් සිදු කරන්නේ රටේ බරපතල ප‍්‍රශ්න යට ගැසීමය. පොදු ජනතාවට එ්වා ටික කලකට හෝ අමතක කරවීමටය.

ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉතා නිවැරදිව, මරණ දඬුවම ශි‍්‍ර ලංකාවේ නීතියෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය සහ එක්සත් ජාතීන්ගේ මරණ දඬුවම අහෝසි කිරීමේ සම්මුතියට  එකඟ වීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබීය.

මෙය සිය බලතල ඉක්මවවා යෑමක් ලෙසට හුවා දැක්වීමට අධිකරණ ඇමති වශයෙන් විජයදාස රාජපක්ෂ කරන ලද ප‍්‍රකාශය මගින්, ඔහුගේ අරමුණ වන්නේ, ගතවූ කාල පරිච්ෙඡ්දයේ මෙන්ම, වත්මන් ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝණය, මානව හිමිකම් විරෝධී ක‍්‍රියාවන් වලට සුදු හුණු ගාන කොමිෂමක් ඇති කිරීමය.

ස්වාධීනත්වය යනු බෝඞ් ලෑල්ලක් නොවන බව ඇමති විජයදාස රාජපක්ෂ දැනගත යුතුය.

සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ මානව හිමිකම් කොමිෂම බාල්දු කරන ප‍්‍රකාශයන්ට විරෝධය පළ කරන ලෙසට ඉල්ලමු.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දුර්වලතා, අක‍්‍රමිකතා ¥ෂණ ආදියට එරෙහිවන අතරම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිමට ඉදිරිපත් වීමද අපේ වගකීමකි’’.



No comments:

Post a Comment