Monday, January 11, 2016

කසිප්පු නවත්වන්න බෑ. පොලීසිය කරන්නේ පගාව ගන්න එක. නඩු ගන්න එක.


තාත්තා මොකද පුතා මොකද යන දුෂ්ඨ ප‍්‍රකාශය කරමින් තමාට බොරු නඩු දැමීම කරන බව  කියන්නේ කලක් මහා පරිමාන කසිප්පු ජාවාරමට සම්බන්ධව තරුණයෙක්. මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා පොලිස්පති අමතමින් කරන ලද පැමිණිල්ලෙනි. 

ඔහු ඉල්ලා සිටින්නේ, පළිගැනීම සඳහා තමාට විරුද්ධව බොරු නඩු දැමීම නතර කරවන ලෙසටයි.  

චතුරංග ව්‍යාපාරිකයෙක්. 28 හැවරිදි දෙදරු පියෙක්. තම පියා මහා පරිමාණයෙන් කසිප්පු හෙවත් නීති වීරෝධි මත් පැන් නිෂිපාදනය කරනු ලැබු බව පිළිගනි. එය ඉතා ලාභදායි ව්‍යාපාරයක් බව පවසන ඔහු, මෙම ව්‍යාපාරයට පොලීසිය සම්බන්ධ බවත්, එ් නිසාම නවත්වන්න බැරි බවත් කියයි. 

ඔහු සිය පැමිණිල්ලෙන් නම් කර ඇත්තේ පාදුර දකුණ පොලිසියේ පො.ප.ටෙරන්ස් සිල්වා, උ. පො. ප. නිශාන්ත හා උ.පො.ප.සංජීව යන නිලධාරින්වය. ඔහුගේ පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.

‘‘2016 ජනවාරි 05 වන දින, පානදුර දකුණ පොලිසියෙන් මට බොරු නඩුවක් දමා ඇති බවත්, එ් සඳහා මාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සූදානම් වන බවත් දැනගන්නට ලැබුනා. මාගේ පෙර නඩුවකට පෙනී සිටින නීතිඥ මහත්මිය මට ප‍්‍රකාශ කලා, 2016.01.08 දින, පානදුර දකුණ පොලිසිය මට විරුද්ධව නඩුවක් අධිකරණයේ ගොනු කරනු ලැබූ බව. එම නඩුවෙන් මට චෝදනා කර ඇත්තේ ගෝඩා බැරල් 3කට සහ නීති විරෝධීව නිපදවූ මත්පැන් බෝතල් 20 ක් සඳහා නඩු පවරා ඇති බව. තවද, එම භාණ්ඩ අත්අඩංගුවට ගන්න යන අවස්ථාවේ මා පලා ගිය බවද සඳහන් කර තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ පානදුර දකුණ පොලිසියේ උ.පො.ප.නිශාන් කුමාර නැමැති අය බවද දැනගන්නට ලැබුනා. නඩු අංකය 34099 වේ.

මෙම නඩුවට මා අධීකරණයට ඉදිරිපත්ව කරුණු දක්වන බව සඳහන් කරමි. 

මේ අතර, උ.පො.ප.නිශාන්ත හා උ.පො.ප.සංජීව, මා යන එන තැන් සොයමින්, කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට ප‍්‍රයත්න දරන බව මා හොඳාකාරවම දන්නා බවද ප‍්‍රකාශ කරමි.

මෙයට අමතරව, පානදුර දකුණ පොලිසියේ පො.ප.ටෙරන්ස් සිල්වා සහ උ.පො.ප.සංජීව යන දෙදෙනා, පුද්ගලිකව මාගේ පියා වන සුනන්ද පාල සිල්වා සමග වෛර බැඳගෙන සිටිති. 2015.12.12 හෝ ආසන්න දිනයක, මාගේ පියාව මාදුපිටියේ පිහිටි මාගේ ඉඩමේදී අත්අඩංගුවට ගෙන, 2010 වසරේ සිට පවතින බොරු නඩුවට වරදකරු බව ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා තිබේ. එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කල විට, මෙම නිලධාරීන් නැවත බොරු නඩුවක් පවරනු ලැබීය.

මාගේ පියාට, 2015.12.12 හෝ ආසන්න දිනයක පවරන ලද 94501 නඩුවට පියා වරදකරු බව පිළීගන්නේ නැතිනම්, උඹේ පුතාට (මට*, නඩු දාන බවට තර්ජණය කර තිබේ. දැනට වරා ඇති නඩුවට අමතරව තවත් බොරු නඩුවක් පැවරීම පො.ප.ටෙරන්ස් සිල්වා හා උ.පො.ප.සංජීව උත්සාහ දරයි. 

මාගේ පියා නීති විරෝධී ක‍්‍රියාවන්හී නියැලූනු අතර, ඔහු පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරනු ලැබීය.පොලිසියේ අවශ්‍යතාවය සපුරා ලීමට අසමත්වූ අවස්ථාවලදී බොරු නඩු පැවරීම සිදු කරනු ලැබීය. 

මෙම විෂම චක‍්‍රයට, තරුණ කාලයේ සිටම මාවද පොලිසිය සම්බන්ධ කළේ තාත්තා මොකද පුතා මොකද යන දුෂ්ඨ ප‍්‍රකාශය කරමින්ය. පානදුර දකුණ පොලිසියේ පො.ප.ටෙරන්ස් සිල්වා හා උ.පො.ප.සංජීව මූලිකව, මාගේ පියා සමග බැඳගෙන තිබෙන වෛරය පිරිමහන්න, මාගෙන් පළිගැනීමට කරන බොරු නඩු දැමීම වළක්වන ලෙසටය.

එමෙන්ම, නීති විරෝධී මත්පැන් ජාවාරම මැඩ පැවැත්වීම වෙනුවට පොලිසිය කරන්නේ අල්ලස් ගැනීමය. පොලිසිය සෘජුව අල්ලස් ගන්නා අතර, විවිධාකාරයෙන් ලාභ ප‍්‍රයෝජන ලබා ගනී. එ් අතර නඩු ලබාගැනීම ප‍්‍රකට කාරණයයි.’’

ඔහු ඉල්ලා සිටින්නේ, තම පැමිණිල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරනා ලෙසටයි.





  



No comments:

Post a Comment