Thursday, January 7, 2016

පැණි, පගාව හා නඩු නොදීම නිසා, කසිප්පු වලට මාව ආදේශකයෙක් කරගන්න හදනවා


පො.සැ. ජයතිස්ස රාජකාරී වේලාවේදීත් ඉන්නේ බීලා. උ.පො.ප.ජනස්ශ‍්‍රී  කිතුල් පැණි බෝතල් 2ක් ඉල්ලා සිටියා. පො.කො.චින්තක දුරකථනයෙන් තර්ජනය කරනවා. 

බදුරලිය පොලීසියට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරින් විසින් තමන්ව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන බොරු චෝදනා නගා නඩු පැවරීමට දරන උත්සාහය පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාව ට සහ පොලිස්පතිට පැමිණිලි කරන 29 හැවරිදි, දෙදරු පියෙක් වන ධම්මික කුමාර සිය පැමිණිල්ලේ මෙසේ සඳහන් කරයි.

‘‘ 2015.12.30 වන දින හා 2016.01.02 වන දිනයන්හි ද, මා සොයා ඉහත නම් කල බදුරලිය පොලිසියේ නිලධාරීන් තුන්දෙනෙක් පැමිණියා. එ් අවස්ථාවන් දෙකේදීම මා නිවසේ සිටියේ නැහැ. නිවැසියන්ට කියා ඇත්තේ මාව අත්අඩංගුවට ගෙන, අවුරුද්දක් ඉන්න වෙන විදිහට නඩු දමන බවයි. මෙම පොලිස් නිලධාරීන් උත්සාහ ගන්නේ, මීට වසරකට ආසන්න කාලයකට පෙර සිට, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයෙන් වැලකී සිටින මට, බොරු නඩු දැමීමටය. පසුගිය 26 වන දින, (2015.12.26* මාගේ නිවසේ සිට කි.මී.4 කට පමණ දුරින්, අතහැර දමා තිබෙන රබර් වත්තක තිබූ, මත්පැන් පෙරීමට ගන්නා බැරල් කිහිපයක් බදුරලිය පොලිසියට හසුවීමය. මෙම නීති විරෝධී මත් පැන් නිපදවීමට ගන්නා මෙවලම් වලට අයිතිකරුවකු ආදේශ කර, නඩු පැවරීමට බදුරලිය පොලිසියේ අවශ්‍යතාවය විය. එම ආදේශකය බවට මා පත් කිරීමට බදුරලිය පොලිසියේ - පො.සැ.ජයතිස්ස, පො.කො.චින්තක හා උ.පො.ප.ජනස්ශ‍්‍රී ගේ උත්සාහය වී තිබේ. එ් අනුව, මෙම නිලධාරීන් තිදෙනා මා අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගනී. තවද, පො.කො.චින්තක ඔහුගේ 0718372729 හා උ.පො.ප.ජනස්ශ‍්‍රී ඔහුගේ 0782459802 ජංගම දුරකථන වලින් කතා කරමින්, මට තර්ජණය කරනු ලබයි. ඔවුන් නිරන්තරයෙන් ප‍්‍රකාශ කරන්නේ මට විරුද්ධව බොරු නඩු දාන බවයි. ඉහත ප‍්‍රකාශ කල පරිදි මා නීති විරෝධී ම්පැන් නිපදවූ අතර, එ් සඳහා පොලිසියේ නිලධාරීන් මාගෙන් අල්ලස් හා නඩු ද ලබාගෙන තිබේ. මෙම තත්වයෙන් මිදී, මා විසින් තේ අක්කරයක් හා වී කුරනි පහක වී ගොවිතැන් කරමින් ජීවත් වෙමි.එ් අතර, මෙම නිලධාරීන් මගෙන් අල්ලස් හා නඩු බලාපොරොත්තු විය. එක් අවස්ථාවක උ.පො.ප.ජනස්ශ‍්‍රී මගෙන් කිතුල් පැණි බෝතල් 2ක් ඉල්ලා සිටියා. එය ලබා නොදීම නිසා, ඔහු වෛර බැඳගෙන සිටින බවද ප‍්‍රකාශ කරමි. මා ප‍්‍රකාශ කරන්නේ - මා නීති විරෝධී මත්පැන් නිපදවීම හෝ විකිනීම නොකරන බවයි.
එමෙන්ම, මා පොලිසියේ නිලධාරීට අල්ලස් හා නඩු නොදෙන බවයි. මෙම තත්වය නිසා, රාජකාරී වේලාවේදී පවා මත් පානය කර සිටින පො.සැ. ජයතිස්ස හා අනෙක් නිලධාරීන්, මට බොරු නඩු දැමීමට පියවර ගන්නා බවයි. මෙම තත්වය වලක්වාලන  ලෙසට ඉල්ලා සිටිමි. මා මේ පිළිබඳව, මතුගම සහකාර පොලිස් අධීකාරීවරයා වෙත, පැමිණිලි කලද ඵලක් නොවූ බවද ප‍්‍රකාශ කරමි’’.

No comments:

Post a Comment