Friday, January 1, 2016

මගුල කඩන්න පොලීසිය බලල් අතක් කරගෙන. බිරිඳ පැහර ගැනීමේ උත්සහයක්.


නීතියානුකුලව විවහවී, විවාහ ජිවිතය ආරිම්භ කර සති දෙකක් ගතවුනා පමණයි. මහා ? ගෙට පැන තමා ව අත් අඩංගුවට ගෙන වධ දී විවාහය කඩාකප්පල් කර දැමිමට පොලීසිය යොදා ගෙන ඇති බවට චොදනා කරන පානදුර දකුණ පොලීස් වසමේ පදිංචි යුවලක්,  අයුතු හා නීති විරෝධී බලපෑම් වලට යටත්ව, නීත්‍යානුකූලව විවාහ වී, විවාහ දිවිය ගෙන යන්නට, නිදහසේ ඉන්නට ඉඩ සලසන ලෙසට දෙන ලෙසටද, මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පති සහ පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ගෙන් ලිඛිතව ඉල්ලා සිටි.  

එම දෙපල 2016.01.01 පැමිණිල්ලක් ඉදිරිපත් කරනමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.  ‘‘ අප දෙදෙනා, 2015.12.15 වන දින නීත්‍යානුකූලව විවාහ වී, ඉහත ලිපිනයේ අඹු සැමියන් වශයෙන් ජීවත්වන්නෙමු. මෙසේ සිටින අතර, 2015.12.28 වන දින, අලූයම 01.30 ට පමණ පානදුර දකුණ පොලිසියේ සිව් දෙනෙකු පැමිණ, නිවස වටලා, නාවලපිටියේ ගෑණූ ළමයෙක්ව පැහැරගෙන ආ බවට පැමිණිල්ලකට අත්අඩංගුවට ගැනීමට පැමිණි බවට, මාගේ මවට හා සොහොයුරියට දන්වා තිබේ. 119 ට දී තිබූ පැමිණිල්ලට පැමිණි බවද ඔවුන් කියා තිබේ. එ් අවස්ථාවේ මා ගැහැණු ළමයෙකු ”පැහැර ගෙන” නොපැමිණි බවත්, කලක් සිට මිත‍්‍රව සිටි තරුණිය සමග විවාහ වී පැමිණි බවත් පවසා තිබේ. එ් අවස්ථාවේ - පානදුර දකුණ පොලිසියට 2015.12.29 දින උදේ 9 ට පැමිණෙන ලෙසට දන්වා, තුණ්ඩුවක් දී ගොස් තිබුනා. එහි ඹඔඍ 18252 3 අංකය සටහන් කර තිබුනා. පසු දින, පොලිසියෙන් පැමිණි බව දැනගත් විට, මා 2015.12.28 වන දින, පෙ:ව:11.00 පමණ මමත් මාගේ බිරිඳත් පානදුර දකුණ පොලිසියට පැමිණියා. අපව සු`ඵ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක ගාමිණී නිලධාරීවරයා වෙතට යොමු කරනු ලැබුවා. ඔහු විස්තර අසා, මාගේ බිරිඳගේ නම, පියාගේ නම, දුරකථන අංකය, මගේ නම, බිරිඳගේ නම ලිපිනය හා දුරකථන අංක අපට දුන්න තුණ්ඩුව පිටුපස සටහන් කරනු ලැබුවා. ඉන් පසු, උප පොලිස් පරීක්ෂක ගාමිනී, බිරිඳගේ මවට දුරකථනයෙන් කතාකරන්නට උත්සාහ ගත්තා. නමුත් බැරි විය. ඉන් පසු, මාගේ සොහොයුරාට කතා කර, මා හා බිරිඳ හොඳින් ඉන්නා බවත්, ඔවුන් නිත්‍යානුකූලව විවාහ වී සිටින බවත්, බිරිඳගේ මව වන පුෂ්පලතාට දන්වන ලෙසට දැනුම් දුන්නා. එයින් පසුව, 2015.12.29 වන දින, පෙරවරු 10.00 ට පමණ, යතුරු පැදියකින් පොලිස් නිලධාරීවරයෙක් පැමිණ, මවගෙන් හා සොහොයුරියගෙන් මාගේ හා බිරිඳගේ විස්තර, අසා ලියාගෙන ගොස් තිබුනා. 2015.12.31 දින, දහවල් 1.00 ට පානදුර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රෙමසිරි මාගේ මවට කතාකොට, ගැහැණු ලමයෙකු පැහැර ගැනීම ගැන පැමිණිල්ලකට, මට පොලිසියට එන ලෙසට දැනුම් දෙන ලෙසට මාගේ මවට පවසා තිබුනා. පොලිසියේ කැඳවීමට මා 2015.12.28 දින පොලිසියට බිරිඳ සමග ගොස් විස්තර දැනුම් දුන් බවත්, එ් ආකාරයට 2015.12.29 දින පොලිස් නිලධාරියෙකු පැමිණ විස්තර සටහන් කරගෙන ගිය බවත්, පවසා ඇත.  එවිට, උප පොලිස් පරීක්ෂක පේ‍්‍රමසිරි මාගේ මවට තර්ජණාත්මකව කතා කරමින්, මා පැමිණි බවට පොලිසියේ සටහන්ව නැති බවට ප‍්‍රකාශ කර, මාව අත්අඩංගුවට ගෙන වසරකට රිමාන්ඞ් කරවන බවට තර්ජණය කර තිබේ. එම තර්ජණයෙන් පැයකට පමණ පසුව, 119 සටහන් කරන ලද යතුරු පැදියකින් සැරයන් වරයෙකු හා පුහුණුවන උප පොලිස් පරීක්ෂක වරයෙක් නිවසට පැමිණියා. ඔවුන් දෙන්නා ප‍්‍රකාශ කලා, මුලින් මා හා බිරිඳව පොලිසියට කැඳවූයේ 119 ට කරන ලද පැමිණිල්ලකට බවත්, ඊට පසුව බිරිඳගේ මව කර තිබෙන පැමිණිල්ලලට ඔවුන් පැමිණි බවත්. තවද, ඔවුන් ප‍්‍රකාශ කලා, තමන් පැමිණියේ නාවලපිටියේ ්ීඡු  ගෙන්, පානදුර දකුණ ්ීඡු ට ආපු පණීවුඩයට බවත්, මවට තර්ජණාත්මකව කතාකර තිබුන උප පොලිස් පරීක්ෂක පේ‍්‍රමසිරි පානදුර දකුණ ්ීඡු ගේ සහකරු බවත්.  එදිනම සවස 5.00 ට පමණ, සුදුපාට මෝටර් රථයකින් පොලිස් නිලධාරීවරයෙක්, තවත් කිහිප දෙනෙක් සිවිල් ඇඳුමින් නිවසට පැමිණ, අප කිසිවකු නොසිටි නිසා, අසල නිවසකින් අප ගැන විමසා ගොස් තිබේ. එසේ යන අතර, මෙහෙම හරියන්නේ නෑ, ?කට ඇවිල්ලා උස්සන්න  ඕනි කියා තිබේ. නිසි වයස සම්පූර්ණ කර, නීත්‍යානුකූලව විවාහ වී සිටින අපට, දැන දැන පොලිසියේ බලය අයුතු ලෙසට යොදවමින්, දැඩි මානසික පීඩාවට පත් කරමින්, පානදුර පොලිසියේ නිලධාරීන් ක‍්‍රියා කරන්නේ, මාගේ බිරිඳගේ මව උසස් පොලිස් නිලධාරීන් හා දේශපාලඥයින් හා එක්ව මෙම අයුතු නීති විරෝධී ක‍්‍රියාවන්හී නියැලෙන බව’’ ඔහු ප‍්‍රකාශ කර තිබේ. 

එම පැමිණිල්ලෙන් එම යුවල ඉල්ලා සිටින්නේ, අයුතු හා නීති විරෝධී බලපෑම් වලට යටත්ව, නීත්‍යානුකූලව විවාහ වී, විවාහ දිවිය ගෙන යන තමන්ට නිදහසේ ඉන්නට දෙන ලෙසට, පොලිසිය උපයෝගී කරගෙන,  බිරිඳව පැහැර ගැනීමට දරන උත්සාහය වලක්වන ලෙසට, ව්‍යාජ පැමිණිලි කරමින් හිරිහැර  කරන බිරිඳගේ මව වන පුෂ්පලතා මියට හා එ් අනුව නීති විරෝධී ක‍්‍රීයාවන්හී නියැලෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.


No comments:

Post a Comment