Tuesday, January 5, 2016

සැමියාව දවස් තුනක් තිස්සේ ර`දවාගෙන් වධදෙනවා. ජාතික හැදුම්පත හා ජංගම දුරකථනය ලබාගත්තා එ්වා ආපසු දුන්නේ නැහැ.



ජනවාරි දෙවෙනිදා, තම සැමියාවු බංඩාරව සිවිල් පිට පැමිණි අත්අඩංගුවට ගත් අය කව්රුන්ද යන්න හෙළිනොකල බව පවසන බිරිඳ අනොජා, දැනට වාද්දුව පොලිසියේ තියාගෙන වධදෙන බව ප‍්‍රකාශ කරයි.

අද, 2016.01.05, ඇය පොලීසියේ මෙම නීති විරෝධි ක‍්‍රියාවන් සම්බන්ධයෙන්  මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ හදිසි ඇමතුම් අංක වලට දැනුම් දීමට අමතරව ෆැක්ස් මගින්ද දැනුම් දෙනු ලැබීය.

ඇය සිද්ධිය අදාලව මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.

‘‘හොරණ - කුඹුක, ගලේ පංසල පාරේදි අත්අඩංගුවට ගත් අවස්ථාවේ කාරණය හා ඔවුන් කවුරුන්ද යන්න යයි ප‍්‍රකාශ කිරීම ප‍්‍රතික්ෂේප කලා. 2016.01.02 දින අත් අඩංගුවට ගත් වේලාව ප:ව:6.00 . ට පමණ. ප‍්‍රශ්ණ කිරීමේදී, වාද්දුව පොලිසියට ඇවිත් විස්තර දැනගන්න යයි කිව්වා. ඔවුන්, මාගේ සැමියාව වාද්දුව පොලිසියට ගෙනවිත් තිබුණේ රාත‍්‍රී 7.30 පමණය. නිලධාරීන් නම් ප‍්‍රකාශ කරන්නේ නැත. ඉන්නේ සිවිල් පිට. වාද්දුව පොලිසියේ රිසව් එකෙන් ප‍්‍රකාශ කළේ, ක`ඵතර යුනිට් එකෙන් ගෙනත් තියෙන්නේ කියා යනුවෙනි.
මම, 2016.01.03 දින උදේ 8.00 ට වාද්දුව පොලිසියට ගියා. මා පොලිසියට යන විට සැමියා කූඩුවේ සිටියා. මම ගොස් කතා කලා. ප‍්‍රශ්ණ කලා කිව්වා. පාරවල් කිහිපයක් ගැහුව්වා කිව්වා. ටිකවේලවකින් ඔහුව කූඩුවෙන් එළියට අරන් මාංචු දමා, පිටිපස්සට ගෙන ගියා. පැය 1/2 කට පසුව මට අඬගැහුව්වා. මාව ගෙන ගියේ පොලිසියේ පිටුපස කාමරයකට. සැමියා එම කාමරයේ බිම වාඩිවී සිටියා. මාංචු දමා තිබුනා. සිවිල් පිට තුන්දෙනෙක් හිටියා. මගෙන් එක් අයෙක් ඇහුව්වා උකස් කරපු බඩුවල විස්තර. ඊට පස්සේ සැමියාගේ පර්ස් එකේ තිබුන උකස් කරන ලද ටිවිල සෙට් එක, සෝනි ෆෝන් එක, කරාබු දෙකක රිසිට් ලබා ගත්තා. 
මාගේ ජාතික හැඳුනුම්පත හා මාගේ ජංගම දුරකථනය ලබා ගත්තා. එ්වා ආපසු දුන්නේ නැහැ.
ඉන් පසු, මා අත සිටිය, අවු: 3 ක් වන මාගේ දරුවාව, මවට අඬගසා, බාරදුන්නා. දරුවාව පරිවාසයට දානවා කියා මට තර්ජනය කර, වෙනත් කාමරයකට ගෙන ගොස් වාඩි කෙරෙව්වා.( මෙම දරුවා දැනට ශෛල්‍ය කර්ම ගනනාවකට භාජනය කර ඇත*. පැය 3කට පමණ පසුව, මාව කාමරයකට ගෙනවිත් දරුවාව බාර දුන්නා. මාව එළියට යැව්වා.

පැයකට පමණ පසුව, මාංචු පිටින් සැමියාව මා ඉදිරියට ගෙනවිත්, කතා කරන්න කිව්වා. ඔහු කිව්වා, පදිංචි මොරටුවේ හොරේතුඩුව නිවසට ගෙන ගියා කිව්වා. තවදුරටත් ඔහු කිව්වා, ගෙදර තිබුන බඩු ගෙන ආ බව . නැවත සැමියාව ගෙන ගියා. සවස 4.30 ට පමණ, නැවත මාව සැමියා සිටි කාමරයට ගෙන ගියා. එහිදී ඔහු හා කතා කරන්න ඉඩ දුන්නා. සැමියා කිව්වා - ඔහුට පහර දුන්න බව. පිස්තෝලයකට ඇගිලි සලකුණු ගත් බව. මේසය උඩ තිබූ පිසේතෝලයද මට පෙන්වූවා. 

පසු දින 2016.01.04 දින, උදේ 7.30 පමණ, නැවත වාද්දුව පොලිසිය ට සැමියා බලන්න ගියා. සැමියා කූඩුවේ සිටියා. උදේ 8.00 විතර කූඩුවෙන් ළියට අරන් පොලිසිය පිටුපසට ගෙන ගියා. පැයකට පමණ පසුව, දරුවාව අම්මාට දීලා, මාව සැමියා සිටින කාමරයට එක්කගෙන ගියා. සැමියාට මාංචු දාලා බිම වාඩිකරවා තිබුනා.මාගේ සැමියාව, එළියට ගෙන ගියා. ඊට පසුව, මගෙන් ප‍්‍රශ්ණ කලා. මගෙන් ඇහුව්වා, රත්තරන් බඩු ගැන. මා කියන දේ ෆෝන් එකෙන් රෙකෝඞ් කලා. ගෙදර බඩු ගැන ඇහුව්වා. 

පසුව මට එළියට යන්න කිව්වා. පැය 3කට පමණ පසුව මම සැමියාව බලන්න කාමරයට ගියා. නමුත් සැමියා හිටියේ නැහැ. විනාඩි 20කින් පමණ, මාව උපුල් කියන නිලධාරියා කූඩුව ලඟට ගෙන ගියා. සැමියා කූඩුවේ සිටියා. මට කතාකරන්න දුන්නා. ඔහු කිව්වා පහර දුන්නා කියා. පිටට, උරහිස්වලට, දණහිස්වලට, අතට පහර දුන්නා කියා කිව්වා. අත ඉදිමිලා තිබුනා.

සවස මා ගෙදර ගියා. අද (2016.01.05* දින උදේ 8.00 පමණ පොලිසියට ආවා. සැමියා කූඩුවේ සිටියා. ඔහු පහර දුන්න බව කිව්වා. සැමියාව අද දින ද, උසාවියට ඉදිරිපත් නොකරන බව ප‍්‍රකාශ වූ හෙයින්, මා  අද මානව හිමිකම් කොමිෂමට හා ජාතික පොලිස් කොමිෂමට දුරකථනයෙන් දැනුම් දුන්නා. ෆැක්ස් මලින් ද දැනුම් දුන්නා. ජාතික පොලිස් කොමිෂම මට දැනුම් දුන්නා - ගෙවල් බිඳීම් වගයකට අත්අඩංගුවට ගෙන ඇත් බව. සුමිත් නැමැති නිලධාරියෙක් දැනුම් දුන් බව ද ප‍්‍රකාශ කලා. තවද කියා සිටියා, අද දින සැමියාව මොරගහහේන පොලිසියට බාරදෙන බව. සැමියාව හොරණ උසාවියට ඉදිරිපත් කරන බවද ප‍්‍රකාශ කලා.

ඇය ඉල්ලා සිටින්නේ, තම අනන්‍යතාවය හෙළි නොකර, හේතුවක් නොදක්වා අත්අඩංගුවට ගැනීම, එයින් අනතුරුව - නීති විරෝධී ලෙස, රඳවා තබා ගැනීම,  වධ හිංසා පැමිණවීම හා ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම පිළිබඳව,
වාද්දුව පොලිසියේ - අදාල නිලධාරීන්ට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසටත්, ඇගෙන් ලබාගත් ජාතික හැඳුනුම්පත , දුරකථනය හා උකස් භාණ්ඩවල අදාල රිසිට් පත් ලබාදෙන ලෙසටත්ය.





No comments:

Post a Comment