Friday, January 22, 2016

බාලවයස්කාරියගේ තුනටියට පිහියෙන් ඇන්නේ, පරණ ලව් එකටලූ ! පොලීසිය කියයි !!



දුවගේ පිංතූරය මුහුණු පොතේ දමාගෙන සිටින, මෙම අරාධ සැකකරු එමගින්, අයුතු බලපෑම් කරන බව මව කියා සිටී.

වාද්දුවේ පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නිවසට ඇතුලූව, අත කපා, තුනටියට පිහියෙන් ඇන ඇත්තේ, 17 හැවිරිදි පාසල් සිසුවෙකුයි. මෙම අපරාධය පිළිබඳව පොලීසිය පරීක්ෂණ කිරීමේදී දියනියව අවමානයට ලක් කරන බවද මව කියා සිටී.

දැනට ඇප මත නිදැල්ලේ සිටින මෙම බාල වයස්කාර පාසල් සිසුවා, මුහුණු පොතේ දියණියගේ ඡුායාරූප දමාගෙන මිතුරන් අතරේ ගෙන යන කත කථා නිසා බියට පත්ව සිටින මව හා දියණිය, නඩු යන අතරතුර දියණියගේ ජීවිතයට හානියක් වේ යැයි බියෙන් පසුවෙති.

මේ පිළිබඳව වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් කරමින්, අපරාධ සැකකරුවන් මුහුණු පොතේ තම දියණියගේ ඡුායාරූප පළ කර, සිදුකරන අයුතු බලපෑම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටී.


No comments:

Post a Comment