Friday, January 29, 2016

”හු.... ති යන්’’ ගෙන් කරදරලූ. පුතාව ගෙනත් නොදුන්නොත් අල්ලගෙන ඇවිත් බෝම්බ දමනවාලූ.


හුලං මෙට්ටයක් සොරකම් කල බවට කරන ලද පැමිණිල්ලක් පදනම් කරගෙන, අසල්වැසි තරුණයෙකුට බොරු නඩු දාන්න ගන්නා උත්සාහයක් පිළිබඳවයි  මේ.

ඉරේෂා - පොලිසිය සමග ඇයි හොඳයි දක්වන තැනැත්තියකි. ඇගේ නිවසේ තිබූ හුලං මෙට්ටයක් නැතිවූ බවට ඇය ෙදාඩංගොඩ පොලිසියේ පැමිණිල්ලක් කරනලදි.

අල්ලපු ගෙදර අය නිතර තම නිවසට එන නිසා, ඔවුන් පිළිබඳව සැකයක් ඇති බව - ඇය පොලිසියට කියා තිබින.

ෙදාඩංගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ගුණතිලක සිවිල් ඇඳුමින් තවත් පොලිස්කාරයින් දෙන්නෙක් එක්ක, අසල්වැසි පද්මිණී ගේ නිවසට පැමිණ, ගේ සෝදිසි කළේය.

හුලං මෙට්ටය හමුවූයේ නැත. පද්මිණීටත්, 21 හැවිරිදි පුතාටත් පසුදින පොලිසියට එන ලෙසට නියම කල අපරාධ අංශයේ ස්ථානාධිපති ගුණතිලක යන්න ගියේය.

පොලිස් අණට කීකරුව ඇය පුතාවද කැටුව පොලිසියට ගියේය. ඉරේෂා ද පැමිණ සිටියේය.

හුලං මෙට්ටය ගෙදර තියෙන බව ඉරේෂා පොලිසියට කිව්විට, දෙපාර්ශවයට පිටව යන ලෙසට ස්ථානධිපති ගුණතිලක නියම කළේය.

දිනකට පසුව, රාත‍්‍රියේ, පද්මිණී ගේ ගෙදරට පැමිණි ෙදාඩංගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙක් පසුදින පැමිණ පද්මිණිටපොලිසියට එන ලෙසට නියම කරනු ලැබීය.

ඇය පැමිණිලිකාරිය වූ ඉරේෂා ද කැටුව ගොස් ස්ථානාධිපති ගුණතිලක හමුවිය.

හුලං මෙට්ටය හමුවී ඇති නිසා, පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න අවශ්‍ය බව ඉරේෂා ස්ථානාධිපති ගුණතිලකට පැවසීය.

මේක ඇසු සථානාධීපති ගුණතිලක මේ ”හුත්තියන් දෙන්නාගේ කරදරය” යයි කියා පොලීසියෙන්  පන්නා දමන ලදි. 

එ් අතර, පද්මිණිට සිය, පුතාව පෙලීසියට බාර දෙන ලෙසට නියම කළේය. එසේ නොකලොත් අල්ලාගෙන ඇවිත් බෝම්බ දමන බවට තර්ජණය කරමිණි. 

ස්ථානාධිපති ගුණතිලක ට හුලං මෙට්ටයට නඩු දාන්න බැරිය. මන්ද, නඩු භාණ්ඩය උසාවියට බාරදී නැත. ඉරේෂා ගංජා විකුණන තැනැත්තියකි. කිහිප වරක්ම සිරගතව  සිටින්නියකි. ඇය පොලිසිය සමග කු`ඵපගුය. ස්ථානාධිපති ගුණතිලකට අවශ්‍යව ඇත්තේ, ඉරේෂාගේ ගංජා මෙම තරුණයාට පැටලවීමටය.

මේ පාහර ක‍්‍රියාව - සෑම පොලිසියක්ම සිදු කරයි. ප‍්‍රජා පොලිසි ගැන කතා කරන්නන් පොලිසියේ පාහර වැඩ කතාකරන්නේ නැත. මෙම ක‍්‍රමය වෙනස් කළ යුතුය.

පද්මිණි මෙම කරුණු ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම හා පොලිසපතිය පැමිණිලි කරන ඇත.






No comments:

Post a Comment