Friday, January 8, 2016

කිරි දානයට ගෙනා කසිප්පු ගැහැණියකගේ උවමනාවට රැුගෙන ගොස් බොරු කසිප්පු නඩු දැම්මා.


නත්තල දාට පසුදින තමා නිවසේ සිටින විට යතුරු පැදියකින් පොලිස් නිලධාරියෙක් පැමිණ, නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදිය පෙන්නා, කාගේද කියා අසා, බලපත‍්‍ර හා රක්ෂණ සහතික ඉල්ලා ගත්තා. ඔහු එවා සාක්කවේ දමාගෙන, කටඋත්තරයක් අරගෙන එවන්නම් කියා මාව ඔහුගේ යතුරු පැදියේ නංවාගෙන අගුරුවාතොට පොලිසියට ගෙන ආවා.
මාව කූඩුවට දැම්මා. කූඩුවේ සිටින විට උදේ 9.00 පමණ, කිලෝමීටරයක් පමණ දුරින් පදිංචි එස්.ඞී. සුසිලානි නැමැත්තිය, ඇගේ සැමියා සමග පොලිසියට පැමිණියා. ඔවුන් පොලිසිය තුල ටික වේලාවක් සිට පිටව යන ගමන්, සුසිලානි කූඩුවේ සිටි මා අසලට පැමිණ, ඔයාට කේස් නැහැ, තව පොඞ්ඩකින් යවයි කියා යන්න ගියා. 
එයින් පැයකට පමණ පසුව, නිලධාරීන් දෙදෙනෙක් කසිප්පු බෝතලයක් රැුගෙන මා ළඟට ඇවිත් එයට ඇඟිලි සලකුණු තියන්න කිව්වා. මා ප‍්‍රතික්ෂේප කළා. එවිට තවත් අයෙක් පැමිණ බල කළා. මා බියට පත්ව ඇඟිලි සලකුණු තිබ්බා.
රාත‍්‍රී 7.00 ට පමණ, මාව ඇප මත මදු හැරියා. උසාවි දිනය 2016.01.07 බව ප‍්‍රකාශ කළා. රාත‍්‍රී 7.00 ට පමණ, මාව ඇප මත මදු හැරියා. උසාවි දිනය 2016.01.07 බව ප‍්‍රකාශ කළා. මා දැන ගත්තා, මාව අත්අඩංගුවට ගෙන නඩු පවරන්නට යන්නේ, මාගේ නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි සුසිලානි නැමති අයගේ නිවසේ 2015.12.26 දින අලූයම, පැවති කිරි දානයේදී කසිප්පු බී ඇති වූ රණ්ඩුවක් සම්බන්ධයෙන් බව. ඔවුන් කිරි දානයට පැමිණි අයට දෙන්නට ගෙන එන ලද කසිප්පු, මට ආදේශ කර තිබුණා.
එ් අනුව මා අද 2016.01.07 උසාවියේ පෙනී සිටියා. උසිවායේදි මාගේ නිර්දේෂීභාවය ප‍්‍රකාශ කළා. නඩු අංකය 13061. රු: 50,000/- ක ශරීර ඇප 2 ක් මත මා මුදාහැරියා. මීළඟ නඩු දිනය 2016.02.11 දින වේ.
ගෙදර සිටිය දී, පොලිස් නිලධාරියෙක් පැමිණ කටඋත්තරයක් ගන්න කියා අත්අඩංගුවට ගෙන පොලීසියට රැුගෙන ගොස් පැය 12 කට ආසන්න කාලයක් කූඩුවේ දමා රඳවා තබාගෙන, වෙනත් අයෙකුට අයිති කසිප්පු, මට ආදේශ කර බොරු නඩු දමා මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට පියවර ගත් අඟුරුවාතොට පොලීසියේ ස්ථාණාධිපති ඇතුලූ අදාල පොලිස් නිලධාරින්ට විරුද්ධව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට,  මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, ව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් සහ පොලිස්පති  ලෙන ඉල්ලා සිටින අතුල ප‍්‍රියන්ත තිස්නව හැවරිදි  තිදරු පියෙකි.                             



No comments:

Post a Comment