Thursday, January 28, 2016

පොලිස් අපරාධ වලට වන්දි ගෙවන්නේ මහජනයා.


පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන් වසන් කිරීමට පොලීසියට ඉඩ නොදීම හා මහජනයාව පොලීසියෙන් ආරක්ෂා කිරීම පොලිස් කොමිෂමේ වගකීමකි. ඒ ස`දහා මෙම නඩුවේදි අපරාධයක් පමණක් නොව මුලික අයිතිවාසිකම් කඩකල නිලධාරියා බවට නිගමනය කර තිබෙන පො.ප. මිල්ලවිතාරන හෙවත් මිල්ලවිතාවාච්චි නිලධාරියා ජිවතුන් අතර නැතත් ඔහුට විරුද්ධව විනය පියවර ගත යුතු බව අවධාරණය කරමු.

මන්ද ඔහු විසින් සිදුකරන ලද අපරාධයට මහජනතාවට වන්දි ගෙවන්නට ඉඩ දීම මගින් නරක පුර්වාදර්ශයක් පොලිස් අපරාධ කරුවන්ට ලබා දෙන නිසාය.

ජාතික පොලිස් කොමිෂන් සභාව, එහි සභාපති - මහාචාර්ය එස්. හෙටටිගේ,  පොලිස්පති මහතා එන්.කේ. ඉලංගකෝන්,  පොලිස් මානව හිමිකම් අංශය හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අමතමින් ඉහත කරුණු අවධාරණය කරන ජනසංසදය සිය ලිපියේ මෙසේ සඳහනු කරයි. 

‘‘SC/FR 1006/2001දරන උක්ත මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම්කරු හපුගොඩ ජගත් පෙරේරා යන අය වේ. ඔහු විසින්, 2009 12.29 වන දින එවක මීරිගම පොලිස් ස්ථානයේ සේවය කළ,

1.සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. ගෝතමී රණසිංහ, 2.රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. මිල්ලවිතාරන හෙවත් මිල්ලවිතාවාච්චි හා 3.උ.පො.ප. මිලින්ද පේ‍්‍රමනාථ කුමාරරත්න යන නිලධාරින්ට එරෙහිව පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ, 2015.12.15 දිනැති තීන්දුව ප‍්‍රකාර දැනට ජීවතුන් අතර නැති, පො.ප. මිල්ලවිතාරන හෙවත් මිල්ලවිතාවාච්චි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 11 හා 12(1) වගන්ති උල්ලංඝණය කර ඇති බවට නිගමනය කර තිබේ.
එ් අනුව, පෙත්සම්කරු හපුගොඩ ජගත් පෙරේරා ට, රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසට රජයට නියම කර තිබේ. එම ගෙවීමේ වගකීම පොලිස්පතිට පවරා තිබේ.

මෙම තීන්දුවෙන් ප‍්‍රකාශ වන්නේ පොලිස් නිලධාරීන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන විට එහි වගකීම මහජනතාව වෙත පැවරෙන බවයි. රජය වෙනුවෙන් පොලිස්පති වගඋත්තරකරුට වන්දි ගෙවන්නේ මහජන මුදලින්ය. 

පොලීසිය නීතිගරුක කිරීමේ සෘජු වගකීම් දැරිය යුත්තේ පොලිස්පතිවරයාය. සමස්ථයක් වශයෙන් පොලීසිය සිදු කරන නීති විරෝධී ක‍්‍රියා අවම කිරීමටවත් හැකියාවක් හෝ ඔනෑ කමක් ඔහු ඇතුලූ පොලීසියේ ඉහළ නිලධාරීන්ට නැත. එයට එකම හේතුව එම නිලධාරීන් ද නීති විරෝධී ක‍්‍රියාවන්හි නියැලෙන නිසාය.’’ 

මෙම තත්ත්වය වෙනස් කර මහජනයාව පොලීසියෙන් ආරක්ෂා කිරීම පොලිස් කොමිෂමේ වගකීමකි. එම වගකීම මහජනතාව පීඩාවට පත් නොකර ඉටු කරන මෙන් ද, මෙම නඩු තීන්දුව හා සමාන මෑතක ලබාදුන් නඩු තීන්දු පිළිබඳව මහජන කථිකාවක් ආරම්භ කරන ලෙසට ද ඉල්ලා සිටින පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන් වසන් කිරීමට පොලීසියට ඉඩ නොදෙන ලෙසද ඉල්ලා සිටි.

No comments:

Post a Comment