Saturday, January 9, 2016

නීති විරෝධිවව ර`දවා තබාගෙන වධදෙනවා.


තම පුතාව, පානදුර දකුණ පොලීසිය දින තුනක් පුරා නීති විරෝධිව රඳවා තබාගෙන වධදෙන බව ප‍්‍රකාශ කරන මව, ඔහු අවු.13ක් අච්චු විඳ පැමිණි අයෙක් බවද කියා සිටි. 

මව, ජෙනට් ප‍්‍රනාන්දු, අවු: 70 යි, වැන්දඹු, රැකියාවක් නැත. පදිංචිය  පානදුර, මෝදරවිල තට්ටු නිවාස.  ඇය මානව හිමිකම් කොමිෂන් සභාවට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් කරයි. 

‘‘ ශාන්ත පීරිස්, අවු: 37 යි, අවිවාහක, මාගේ පුතා වේ. 2016.01.07 වන දින උදේ 7.00 ට පමණ, මාගේ පුතා වැඩට යන විට, හොරණ පාරේදී පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
එදින එනම් 07 වන දින සවස 6.00 ට පමණ මා පුතා බලන්න යන විට ඔහු කූඩුවේ සිටියා. ඔහුට හොඳටමප හර දී තිබුණා. ඔහුගේ මුදල් පසුම්බිය, ජාතික හැඳුනුම්පත, ජංගම දුරකථනය අරගෙන තිබුණා. අද (08) දින උදේ 8.00 ට පමණ මා පුතාව බලන්න ගිය විට ඔහු කූඩුවේ හිටියා. ඔහු මට පවසා සිටියා, ඊයේ රාත‍්‍රියේ එල්ලා පහර දී, ඇස්වලට කොච්චි දැමූ බව. තවමත් උසාවි දමා නැත. අද දින පහර දෙන බවට තර්ජනය කර තිබේ. වරදක් කර ඇත්නම් නොපමාව උසාවි දාන ලෙසට නියම කරන ල ඉල්ලමි.’’ 

පොලසි නීති විරෝධි ක‍්‍රියාවන් තවමත් නතර කර නැත. මෙම තත්වය වෙනස් කිරිම ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප‍්‍රමුඛ කාර්ය විය යුතුයි. 

No comments:

Post a Comment