Friday, January 8, 2016

මුදලාලි ගැණිව සතුටු කරන්න SI ප්‍රනාන්දු, ‘‘හුත්තා වරෙන්” කියා අඩගහලා පාසල් ශිෂ්‍යෙයකුට පහර දෙයි.



බදුරලිය පොලීසිය තුළදී මෙම පහර දීම කර ඇත්තේ මුදලාලිව හා ගෑනිගේ ඉදිරිපිට. පාසල් යන 16 හැවිරිදි රවීන්ද්‍ර පැමිණිල්ලක් දැමීමට පොලීසියට ගිය විට මෙම පහර දීම සිදු කර ඇත.

පහර දීමට අමතරව උ.පො.ප. ප්‍රනාන්දු මෙම දරුවාට අසභ්‍ය වචන කියමින් නින්දා අපහාස කර ඇත.

පහර දීමෙන් පසු කිසිදු ෙචාදනාවක් නැතිව ගෙදර යෑමෙන් අනතුරුව රෝගාතුර වී නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට දෙමාපියන්ට සිදුව තිබේ.


මෙම සිද්ධියට පෙර, බදුරලිය ‘‘සිරිපාල ස්ටෝරස්” නැමති කඩේ මුදලාලි, බිරිඳ හා මස්සිනා රවීන්ද්‍රෙග් පුංචි අම්මාගේ නිවසට ගොස් ඔහුට හා ඔහුගේ පුංචි අම්මාට පහර දී රු: 5000/= ක මුදලක් ද ලබාගෙන තිබේ. රවීන්ද්‍ර, මව හා පුංචි අම්මා සමග බදුරලිය පොලීසියට ගොස් ඇත්තේ ඒ පිළිබඳව පැමිණිල්ලක් කිරීමටය.


පොලිස්කාරයන් ජනතාවගේ බදු මුදලින් යැපෙන, ජනතාවට සේවය කරන පිරිසක්.  අවම වශෙයන්  මොවුන්ට සභ්‍ය වචනයෙන් ජනතාවට කථා කිරීමට ඉගැන්වීම පොලිස් කොමිෂමේ වගකීමක්.

No comments:

Post a Comment