Friday, January 22, 2016

කාලේ හරි නෑ ! නැතිනම් කරන දේ දන්නවා !!අඟුරුවාතොට පොලීසිය කියයි.



තරුණයකු අත්අඩංගුවට ගෙන පහර දී බොරු නඩුවකට පැටලීම අදාල මේ ප‍්‍රකාශය කළේ අඟුරුවාතොට පොලීසියේ ස්ථානාධිපති ඇපලකොටුව නැමැත්තාය.

මෙම තරුණයා මීමැස්මොර රෝගය වැළඳී සුව වී ඇති අයෙකු හෙයින්, ඔලූවට ගහන්න එපා යැයි පියා, මෙම ස්ථානාධිපතිවරයාට කිව්ව විට, වධ දෙන්න පු`ඵවන් බවට නීතියේ තියෙන බව පෙන්වීමට පොතක් ගෙන පිටු පෙරලමින් සිට, දැන් කාලෙ හරි නෑ, නැතිනම් කරන දේ දන්නවා යයි ඔහු කියා තිබේ.

ප‍්‍රදේශයේ මොස්තරකාරියකගේ චේන් එකක් කඩා ගත්තායි චෝදනා කරමින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන වධ දී බොරු චෝදන මත රක්ෂිත බන්ධනාගාරගතපියවර ගෙන තිබේ.

මෙම පීඩාවට පත් වුණේ කම්කරුවකු වන, 21 හැවිරිදි විවාහකයකු වූ ඉංගිරියේ සෂීන්ද්‍ර නැමති තරුණයෙකි.

ඔහු පවසන අන්දමට මෙම මස 11 වන දින, වැඩපලේ සිට දිවා ආහාරය සඳහා නිවස බලා එමින් සිටිය දී අඟුරුවාතොට පොලීසියේ ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරියේදීය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට ඔහුට වධ දී ඇත. පසුදින බණ්ඩාරගම සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ්බාරයට පත් කරවා තිබේ.

දින තුනකට පසුව එනම් මෙම මස 14 වන දින, හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට මහේස්ත‍්‍රාත්වරිය, ඔහුගේ බිරිඳගෙන් කරුණු විමසා මොහුව ශරීර ඇප මත මුදාහැර තිබේ.

මොහු මේ පිළිබඳව 2016.01.20 දාතමින්, මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට ළිඛිතව පැමිණිලි කර තිබේ.


No comments:

Post a Comment