Saturday, January 23, 2016

පොලිස් පහරින් කැඩුනු දතට රු:-ලක්ෂ පහක වන්දියක්. ගෙවන්න පොලිස්පතිට නියම කරයි. සිද්ධියට මුල ගම්බට්ටියක්!


පසුගියදා තීන්දුව ලබාදුන් මුලික අයිතිවාසිකම් නඩුවක, වරදකරු බවට පත්වු පොලිස්කාරයා එ් වන විට මෙලොවින් තුරන්ව ගොස්ය. මැරුනත් වන්දිය ගෙවිය යුතුයි. එය රජයේ වගකීමකි. එ් වරදකරුවු මළ පොලිස්කාරයා වෙනුවෙන් නියම කල රුපියල් ලක්ෂ පහ, රජය වෙනුවෙන් පොලිස්පති ට ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙය 2009 වසරේ සිදුවීමකි.
ජගත් පෙරේරා මීරිගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. අසංක ඔහු යටතේ සේවය කරයි. අංසක බිරිඳගෙන් වෙන්ව ජිවත් වෙයි. බිරිඳ මීරිගම පොලීසියට අනුයුක්ත සිවිල් ආරක්ෂකාවියකි. ඇගේ පැමිණිල්ලකට අනුව අසංකව පොලීසියට කැඳවා තිබින. තම සේවකයා කැටුව ජගත් පෙරේරා ද පොලිසියට යන ලදි. එ් 2009.11.17 දිනය. සු`ථ පැමැණිලි අංශයේ පො.ප. ගෝතමි රණසිංහ පැමිණිල්ල විභාග කරන අතර, අසංක වෙනුවෙන් ඉදිරිපත්වු ජගත් පෙරේරා, දරුවා ගැන සලකා, දෙපාර්ශවය සමගි කරන ලෙසට ඉල්ලා සිටියේය. එ තැනට පැමැණි රථවාහන අංශයේ පො.ප. මිල්ල විතාරණ හෙවත් මිල්ලවිතානච්චි, ජගත් පෙරේරාව එතැනින් ඉවතට ගෙනගොස් පහර දෙන ලදි. ඔහුගේ දතක් කැඩුනු පසුව කුඩුවට ගෙනගොස් දමන ලදි.
පසු දින අධිකරණයට ඉදිරිපත් කළ විට, තමාට පහර දුන් බව උසාවියට කියා සිටින ලදි. උසාවිය, බන්ධනාගාර රොහලින් ප‍්‍රිතිකාර ලබා දෙන ලෙසට වන නියෝගයද සමග ජගත් පොරේරාව රිමාන්ඞ් භාරයට පත්තරන ලදි. 2009.11.26 දින ඇප මත නිදහස්වු වහාම ඔහු රාගම ශික්ෂණ රොහලට ඇතුලත්ව 2012.12.02 දින දක්වා නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගන්නා ලදි. 
ඔහු සිය නිතිඥ පි.කේ.ප‍්‍රින්ස් පෙරේරා මගින් 2012.12.29 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. නඩු විභායේදි පොලීසිය නිදහසට ඉදිරිපත් කරන ලද සිය`ථ කරුනු ප‍්‍රතික්ෂේප කරන ලදි.
2015.09.29 දින දෙපාර්ශවයේ වාචික කරුනු දැක්විම් වලින් අනතුරුව, 2015.12.15 දින ඉහත තීන්දුව ප‍්‍රකාශයට පත්කරන ලදි.
පොලීසිය මේ මොහතේත් නීති විරෝධි අත්අඩංගුවට ගැනිම්, රඳවා ගැනීම්, වධදිම්, බොරු නඩු දැමිම් අඛණ්ඩව සිදුකරනු ලබයි. එම තත්වය වළක්වා නීතියට ගරුකරන, නීතියට යටත් පොලීසියක් ඇති කිරිම පොලිස් කොමිසමේ වගකීමයි.
නඩු තිනිදුවේ ප‍්‍රකාර වරදකරු වු පොලිස් නිලධාරියා මිය ගියද, ඔහුට විරුද්ධව විනයානුකුල පියවර ගෙන දඬවම් කළ යුතුය. හොඳ ක‍්‍රියාවක් කර මිය ගිය පසුව උසස්වීම් දෙන්නා සේම, වැරැුදි කොට මිය ගිය පසුව දඬවම් කළ යුතුය. 
සම්පුර්ණ නඩුවාර්තාව සඳහා යොමුවන්න.......



No comments:

Post a Comment