Tuesday, February 3, 2015

අවුන් සාන් සුකී ගේට්ටුව වෙන්දේසියට දමයි.


වසර 27ක් නිවාස අඩස්සියේ සිටිමින් බුරමයේ හමුදා පාලනයට එරෙහිව අරගලයක නියැලූනු අවුන්සාන් සුකි ගේ නිවස ඉදිරිපිට හමුදාව ඉදිකළ ගේට්ටුව, ඇගේ පක්ෂ මුලස්ථාන අරමුදලට ආධාර ලබා ගැනිම පිණිස වෙන්දේසි කිරිමට එම ගෙට්ටුවේ වත්මන් අයිතිකරු තීරණය කර තිබේ.
මේසයක් තබා නැග, යකඩ කූරු අතරින් තම ආධාරකරුවන් ඇමතීමට අවුන්සාන් සුකී පියවර ගෙන තිබින. බුරුම හමුදා පාලනය අවසන් කිරිමෙන් පසුව නිදහස් ලැබු ඇයගේ නිවස ඉදිරිපිට ඉදිකර තිබු ගේට්ටුව ද ඉවත් කෙරින. ගෙවතු අලංකරණයේ නියැලූනු පුද්ලයා මෙම ගේට්ටුව ලබාගෙන තිබුනේ සිහි වටනයක් ලෙසටය.

බුරමයේ හමුදා පාලනය අවසන්වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සථාපිතව නැත. එම කර්තව්‍යයට නායකත්වය දෙන අවුන් සාන් සුකි, පක්ෂයේ මුලස්ථානය ඉදි කිරිම ආරම්භ කර තිබේ. එ් සඳහා වන අරමුදල ගොඩ නැගිමට මෙම යකඩ ගේට්ටුව වෙන්දේසි කිරිමට වත්මන් අයිතිකරු පියවර ගෙන තිබේ.

1 comment:

  1. අන්න සල්ලි හොයන ක්‍රම

    ReplyDelete