Monday, December 8, 2014

ලක්ෂ මාල 2 ක මාල මුදු උසාවි ‍සේප්පු‍‍වෙන් ‍ සොරාගත් නිලධාරියාට රාජපක්ෂ පිහිටයි.

මතුගම ම‍හේස්ත්‍රාත් අධිකරණ‍යේ නඩු භාණ්ඩ වශ‍යෙන් තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 2 කට වැඩි වටිනාකමින් ලක්ෂ ‍දෙකකට වැඩි විටිනාකමින් යුත් රන් භාණ්ඩ ‍සොරා‍ගෙන ඇත.
එම රන් භාණ්ඩ බාර උසාවි නිලධාරියා සුමන‍සේකර නැමැත්‍තෙකි. සහය නිලධාරිණිය සඳමාලි නැමැත්තියයි.
බුලත්සිංහල ‍පොලීසිය විසින් ‍සොයාගත් ‍මෙම රන් භාණ්ඩ උසාවිය බාරයට ගෙන ඇත්‍තේ සඳමාලි නැමැත්තියයි.
2012 වස‍රේදී ‍පොලීසිය සැකකරුවන් හා රන් භාණ්ඩ ‍සොයා ගැනී‍මෙන් අනතුරුව, සැකරුවන් හා ‍සොරකම් කරන ලද රන් භාණ්ඩ උසාවියට ඉදිරිපත් කර ති‍බේ. ඒ බවට ලිඛිත සාක්ෂි ඇත.
නමුත්, ‍මේ වන විට එම භාණ්ඩ උසාවි සේප්පු‍වෙන් ‍සොරාගෙන ඇත. උසාවි ‍සේප්පුව තුළ වූ ‍මේ භාණ්ඩ ‍සොරාගෙන ඇත්තේ ‍වෙන කව්රුත් ‍නොව, උසාවි‍යේම අය විය යුතුයි.
එයට සුමන‍සේකර හා සඳමාලි වගකිව යුතුයි. නමුත් ‍මේ දක්වාම, එම ‍සොරකම පිළිබඳ පරීක්ෂණයක් පවා නැත. එයට ‍හේතුව  බුලත්සිංහල පොලිස් වස‍මේ පදිංචි ධර්මදාස නැමැත්‍තෙකු ට අයත් ‍මෙම රන් භාණ්ඩ මංකොල්ල කා ඇත්‍තේ රාජපක්ෂ‍ගේ දූෂිත පාලනයයි.  සඳමාලි ළඟමාලි පත්වීම් ලබාගත් අ‍යෙකි. සුමන‍සේකර පැරැන්නෙකි.
නීතිය ය‍ට‍තේ ‍මේ ‍දෙ‍දෙනාට නිදැල්‍ලේ සිටිය නොහැක. නමුත් රාජපක්ෂ‍ගේ පිහි‍ටෙන්, බ‍ලෙන්, ‍මේ ‍දෙන්නා තවමත් නිදැල්‍ලේය.
අඩුම වශ‍යෙන් ධර්මදාස අධිකරණ සේවා ‍කොමිෂමට කරන ලද පැමිණිල්ලටවත් පිළිතුරක්වත් ‍දෙන්‍නේ නැත. ඒ තරමටම ‍හොරුන් රැකීමට රාජපක්ෂ පාලනය පියවර ‍ගෙන ති‍බෙන බව කිව යුතුය.


No comments:

Post a Comment