Tuesday, December 16, 2014

පානදුර රාජපක්ෂ රැලිය සෝදා යයි. කථා නොකරම ආපයින්ම පිටවෙයි. පිංතූර පහත දැක්වේ.



කෝටියකට වැඩි මුදලක් වැයකර, පොලිසිය, හමුදාව, රාජ්‍ය සේවකයින් යොදවා සංවිධානය කළ, ලංගම බස් සියයකට ආසන්න ගණනකින් මිනිසුන්ව අද්දා, සමෘද්ධි ලාභීන් ඇතුලු රාජ්‍ය සේවකයින් බිය ගන්වා ගෙන්වා, ඊයේ (15) පානදුර ක්‍රීඩා පිටියේ පවත්වනු ලැබූ - පර්සි මහේන්ද්‍ර නොහොත් මහින්ද රජපක්ෂ ගේ ජනාධිපති විජයග්‍රාහී ප්‍රචාරක රැළිය - පර්සි මහේන්ද්‍ර, ක්‍රිඩා පිටියට සේන්දුවෙනවාත් සමගම කඩා වැටුණ, හෙණ පිපිරුණ මහා වැස්ස නිසා, කතා නොකරම පිටව ගියේ නොතෙමිය.

නමුත්, රැළියට ගෙන්වා ගත් බොහෝ දෙනා පිටව ගියේ, වැස්සේ තෙමි තෙමීය. බස් සෙවීමට, කිලෝ මීටරයක් පමණ දුර ඇවිදින, මිනිසුන් ගැහැණුන් දකින්නට හැකිවිය.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින්, පවත්වන ලද මේ රැළියට ආරක්ෂාව පොලිස් බල ඇණි හා හමුදාවද, සිවිල් ඇදුමින් සිටි පොලිස් හමුදා නිලධාරීන්ගේ ගණන මෙතෙකැයි කිව නොහැක.

පිටිය අවට, රජයේ වාහන විශාල ගණනක් නවතා තිබෙනු දකින්නට ලැබීය. හැම අස්සක් මුල්ලකම පොලිසිය සිටිනු දැකීමෙන් රාජපක්ෂ භීෂණයේ තරම වටහා ගන්නට හැකි විය.


සියල්ල පිංතූර පැහැදිලි කරයි. 







No comments:

Post a Comment