Tuesday, December 16, 2014

අගුරුවාතොට පොලිස් ලොක්කාගේ පාහර වැඩක්




ජනාධිපති රජපක්ෂගේ බලයෙන් උන්මාද වී ඇති, බොහෝ පොලිස් ලොක්කන්, එක එකාගෙන් අල්ලස් ගෙන, අසරණයින් පෙළන හැටි තවත් උදාහරණයක් මේ.

43 හැවිරිදි, දෙදරු මවක් වන නිලන්ති සම්පත් - පදිංචි වාද්දුවේ. ඇගේ සැමියා බැංකු සේවකයෙක්. දරුවන් තවම ඉගෙන ගන්නවා.

ඇය වකුගඩු, හෘදය, දියවැඩියා රෝගයෙන් පෙලෙන්නියක්. තම වාරුවෙන් නැගී ඇවිදින්නට නොහැක.

පසුගිය නොවැම්බර් 21 රාත්‍රී 9.00 ට පමණ සිය සැමියා නැති අතර, ගෙට කඩා වැදී, ටී 56 අමෝරා ගත් පොලිස්කාරයින්ද සමග, අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති, ඔහුද සමග පොලිස් රථයෙන්ම පැමිණි උපුල් ඉන්ද්‍රවංශ රුද්‍රිගෝ නැමැත්තා පෙන්වා - මොහුගේ ගෙදරට ගොස් පහර දුන්නේ කවුද යයි ගෝරනාඩු කර, ගේ සෝදිසි කර යන්නට යන්නේ, පසුදින 16 හැවිරිදි දරුවා හා සැමියා සමග උදේ 9.00 ට පොලිසියේ පෙනී සිටින ලෙසට නියම කරමින්ය.

ඒ අනුව ඔවුන් තිදෙනා පොලිසියට යනවා. ස්ථානාධිපති ඔවුන් අත්අඩංගුවට ගෙන, පුතාව හා පියාව කූඩුවට දමා, ඇයව කූඩුව අසල වාඩිකර, ප්‍රකාශ සටහන් කර, හොරණ මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පමුනුවනු ලබනවා.

ඔවුන්ට දමා ඇති චෝදනාව, රැපියල් ලක්ෂ පහක් සොරකම් කිරීම, ජංගම දුරකථනයක් සොරකම් කිරීම යන චෝදනා නගා තිබූ බව ඔවුන් පසුව දැනගන්නවා.

නීතිඥවරයෙකුව මැදිහත්කර, ඔවුන් ඇප මත නිදහස් වෙනවා. මේ ආකාරයට විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතාවයට අත්අඩංගුවට ගෙන පීඩිවට පත් කිරීම, මගින් ජනයාව පීඩාවට පත් කිරීම රාජපක්ෂ ආණඩුවේ පිළිවෙතයි.




No comments:

Post a Comment