Monday, December 15, 2014

වැරදිකාරයා කියා පිළිගනින් - නැතිනම් හයිකෝට් නඩුවක් දානවා.


නඩුවේදී වරදකාරයා කියා පිළිගනින්, ඊට පස්සේ කුඩු විකුණපන්, මාසෙට නඩුවක් දෙකක් දීපන්. මෙසේ ප්‍රකාශ කර ඇත්තේ, පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද24 හැවිරිදි සංඛ නැමැති තරුණයාටය.
මෙම ප්‍රකාශය කර ඇත්තේ, ඔහු පවසන අන්දමට පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන යුනිට් එක නමින් හදුන්වන ඒකකයේ අංක 77780 දරන සම්පත් නැමැති නිලධාරියාය.
සංඛ, පොලිස්පති හා මානව මහිමිකම් කොමිෂම වෙත කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් කියා සිටින්නේ, 2012 වසරේදී ද පානදුර දකුණ පොලිසියේ බොක්සර් ජයසිංහ හා හෙට්ටිආරච්චි යන නිලධාරීන් තමාව අත්අඩංගුවට ගෙන බොරු නඩුවක් දැමූ බවයි.
ඒ හෙරොයින් මිළි ග්‍රෑම් 40ක් ලග තබාගැනීම හා මිළිග්‍රෑම් 20 විකිණීම යන චෝදනා යටතේය.
මෙම චෝදනා ඔහු, අධිකරණයේදී ප්‍රතික්ෂේප කලා. ඒ පිළිබදව මානව හිමිකම් කොමිෂමටද පැමිණිලි කළේය.
නඩුව, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ තවමත් පවතී.
මානව හිමිකම් කොමිෂම, ඔහුට සමථ වන ලෙසට බලපෑම් කර, ඉදිරියට හිරිහැර නොකරන බවට පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි හා මනම්පේරි යන නිලධාරීන්ගේ අත්සන්ද ගත්තේය. ඒ 2013 වසරේදීය.
නමුත් බොක්සර් ජයසිංහව මානව හිමිකම් කොමිෂමට කැදවූයේ නැත.
නැවත සංඛව,මේ ආකාරයට පීඩාවට පත්කරන්නේ පළිගැනීමටය. දැනට පවතින නඩුවට හා අලුතෙන් දමන ලද නඩුවට වරදකරු කරවා ගැනීමටය.

මෙයද රාජපක්ෂ පාලනයේ සුවිශේෂී මෙහෙවරකි.

No comments:

Post a Comment