Thursday, December 18, 2014

රාජපක්ෂ නීති‍යේ ආධිපත්‍ය රකින හැටි. නිවස උදුරා ගන්න, වැසිකිලිය, ‍ගෙය කඩා දමයි.



වසර හැටකට වඩා ජීවත්වූ නිවසින් ඇද දමන්නට, වැසිකිලිය හා ‍ගේ කඩා දැමීමට එ‍රෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න, ‍පොලිසිය ඉදිරිපත් ‍නොවී‍මෙන්, රාජපක්ෂ පාලන‍යේ නීති‍යේ ආධිපත්‍ය මැනවින් ‍පෙන්නුම් කර සිටී.

රාමසාමි අංගයි, 66 හැවිරිදි, කාන්තාවකි. ඇය ර‍ටේ ආර්ථිකය ‍ගොඩ දාන්න ‍ලේ දහඩිය වැගිරූ අ‍‍යෙකි. ජීවත්වූ‍යේ, බදුරලිය ‍පොලිස් වස‍මේ කල්ලුම‍ලේ රබර් වත්‍‍‍තේ, ලයිම් කාමරයකය.

මෙම වත්ත අත්පත් කර‍ගෙන සිටින, ‍‍පොලිසිය හා ප්‍රදේශ‍යේ බලවතුන් සමග - කිට්ටු සම්බන්ධයක් ඇති ශ්‍රියානි බස්නායක නැමැත්තිය ඇයව නිවසින් ‍දොට්ට දැමීමට, ‍යොදා ගන්‍‍නේ පොලිසියයි. නීතියට අනුව ‍මෙම ලයින් කාමරය ඇයට උරුමය. ඒ නිසා නීතිය මගින් ඇය නිවසින් එළියට ඇද දැමීමට ‍නොහැක.

ශ්‍රියානි බස්නායක ඒ නිසා, සිය තරුණ සැමියාද, මැරයින්ද එක්කරගෙන, ඇය ‍නොසිටි අවස්ථාවක, වැසිකිලිය කඩා නිවසින් අඩක්ම කඩා දමා ගි‍යේය.

මේ ගැන බදුරලිය ‍පොලිසියට ඇය පැමිණිලි ක‍ළේය. ඒත් නීතිය ක්‍රියාත්මක ‍නොවීය. එයින් පසුව, ඇය මතුගම සහකාර ‍පොලිස් අධිකාරී ‍වෙත ‍ගොස් පැමිණිලි ක‍‍‍ළේය.

බදුරලිය ‍පොලිසිය කියන්‍‍නේ, කැ‍දෙව්වාට ඇය ‍පොලිසියට ‍නොඑන බවයි. සහකාර ‍පොලිස් අධිකාරීවරයාගේ කැදවීමටද ඇය එන්‍‍නේ නැත.

එන්‍‍නේ නැතිනම් අපි ‍මොකද කරන්‍‍නේ කියා, ‍පොලිසිය අසන්‍‍නේ රාමසාමි අංගයි ගෙනි.

අද දක්වාම ‍මේ අපරාධය, මතුගම මහේස්ත්‍රාත්වරයාට වාර්තා කිරීමට ‍පොලිසිය පියවර ‍ගෙන නැත.

මහින්ද රාජපක්ෂ, නීති‍යේ ආධිපත්‍ය රකින බව පවසන්‍‍නේ ‍රෙද්දක් ඇද‍ගෙනද  යන ප්‍රශ්ණය අසන්නට ඇයට සිදුවී ඇත.

ඇය පවසන අන්දමට, ‍මෙම ඉඩමේ තිබෙන බවට කියන, නිදානය හෑරීමට උත්සාහ‍ගෙන ඇතත් ‍මේ දක්වාම ‍පොලිසිය ඒ ගැනද ‍සොයන්‍‍නේ නැත.

ඒ වාගේම බස්නායක‍ගේ ප්‍රථම පුරුෂයාව, මීට වසර 4කට ‍පෙර ඝාතනය කර තිබු‍නේ ‍බෙල්ල කපාය.

ඇය පවසන්‍‍නේ ‍මේ දක්වාම, එම මිනීමැරුම අභිරහසක්ව පවතින බවයි.


No comments:

Post a Comment