Monday, December 15, 2014

නහයෙන් ලේ දාන්න පහරදීලා, ශිෂ්‍ය වාර්තා පොත් සොරකම් කරලා. රාජපක්ෂ දරුවන්ට සලකල හැටි රෙද්ද පල්ලෙන් බේරෙයි.

අබ්දුල්ලා සිසුවාගේ මව හා පියා
කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත්, වරකාපොළ තංගල්ල මුස්ලිම් මහා විද්‍යාලයේ 11 හැවිරිදි අහමඩ් අබ්දුල්ලා, ශිෂ්‍යාට මෙසේ පහරදී ඇත්තේ, එම විදුහලේ නසූර්දීන් නැමැති ගුරුවරයාය.

වරකාපොල පොලිසිය මෙම බරපතල අපරාධය මහේස්ත්‍රාත්රයාට වාර්තා කර නොමැත. එමෙන්ම, සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ හා අදාලව කිසිදු විනය පරීක්ෂණයක්වත් පවත්වා නොමැත.

මෙම සිද්ධියෙන් පසුව මෙම ශිෂ්‍යා ගේ ඉගෙනුමට බධා පමුණුවන අතර, ශිෂ්‍ය වාර්තා පොත, විදුහල්පතිවරයාගේ අනුදැනුමෙන් සොරකම් කර තිබේ.

විදුහල්පති රිල්වාන් මෙම අපරාධය කළ නසූර්දීන් ගුරුවරයාව බේරාගැනීමට කටයුතු කරන්නේ, එම ප්‍රදේශයේ රාජපක්ෂ පාක්ෂිකයෙකු වන බදුර්දීන් නැමැත්තා හා එක්වය. ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇත්තේ, පොලිසිය නසූර්දීන් ගුරුවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවයි.

ඒ අතර, මෙම ප්‍රදේශයේ මුස්ලිම් ජුම්මා පල්ලියේ සිකුරාදා දේශනයේදී, බේරුවල නලීම් මුස්ලිම් ආගමික ඇකඩමියේ ඉගෙනගත් පුද්ගලයකු විසින්, සිද්ධිය අදාලව විකෘති කරන ලද ප්‍රකාශ කර, මෙම ශිෂ්‍යාව අවමානයට පාත්‍ර කර තිබේ.

ඕනෑම අපරාධයක් කලත් දඩුවම් කල නොහැකි බව, අධිකරණයක් ඉදිරියට ගෙන්විය නොහැකි බව වන ව්‍යාවස්ථාවේ වගන්තිය උඩ, රාජපක්ෂ ජනාධිපතිට පැවරී ඇති බලය, ඔහු විසින් ඔහුට පක්ෂපාතී ඔහුගේ අනුගාමිකයින්ටත් මුදාහැර තිබීම මත, මෙම ශිෂ්‍යාට කල අපරාධයට වගකිවයුත්තන්ට නිදැල්ලේ සිටීමට අවස්ථාව හිමිව තිබේ.

මෙම සිද්ධිය වගකිවයුත්තන්ට ශිෂ්‍යාගේ පියා නවාස් සියලු බලධාරින්ට ලිඛිතව පැමිණිලි කර තිබේ.



No comments:

Post a Comment