Saturday, December 6, 2014

චීන ආරක්ෂක ලොක්කා අත්අඩංගුවට.රාජපක්ෂ ඔබටයි මේ පණිවුඩය.



රාජ්‍යය මුදල් ගසා කෑම, ඥාති සංග්‍රහය, අල්ලස් ගැනීම, ඥාති හිතවතුන්ට අල්ලස් ගැනීමට, ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදව් කිරීම, දූෂිත ආකාරයේ මුදල් හා දේපළ රැස් කිරීම, අපරාධ වලින් බේරා ගැනීම යන චෝදනා යටතේ, චීනයේ අති ප්‍රබල ආරක්ෂක ප්‍රදානියා වූ ෂෝ යොංකුන් අත්අඩංගුවට ගෙන තිබේ.

චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ, දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් නව දෙනාගෙන් එක් අයෙකු වූ ඔහුට විරුද්ධව ඉහත චෝදනා ඇතුලු චෝදනා රැසක් එල්ලවී තිබෙන බව, චීන ප්‍රවෘති සේවා වාර්තාවල සහන් වේ.

චීනයේ නව ජනාධිපතිගේ දූෂණ හා අක්‍රමිකතා පිටු දැකීමේ වැඩ පිළිවෙල යටතේ, හිටපු ජනාධිපති ඇතුලු, රාජ්‍යය හා ආයතන ප්‍රධානීන් රැසක්ම අත්අඩංගුවට ගෙන, සිරගත කර හෝ ජීවිතක්ෂයට පත් කර තිබේ.

ආරක්ෂක ලොක්කන්, තමන් සතු බලය යොදා, ව්‍යාපාරිකයින් බිය වද්දා මුදල් ගරා ගැනීම, දේපළ අත්කර ගැනීම සිදු කරන විට, ඔවුන් නීතියට ඉහළින් සිටින පුද්ගලයින් නොවන බවට සිහනෙන්වත් සිතන්නට පෙළඹෙන්නේ නැත. රාජපක්ෂ ඔබටයි මේ පණිවුඩය.


No comments:

Post a Comment