Saturday, December 6, 2014

මහින්ද රාජපක්ෂ අපේ වැසිකිලි පෙළට උඩින් ! අදාල ඡායාරූප පහත දැක්වේ




ානදුර නගර මධයයේ පිහිටි ප්‍රධාන ලංගම බස් නැවතුම්පලේ ප්‍රසිද්ධ වැසිකිලි පෙල අවට පරිසරය දූෂණය කරන අතර, රාජපක්ෂ ගැත්තන් ගේ ගුබ්බෑයමක් බව අසල්වැසියන් ප්‍රකාශ කර සිටී.

මෙම වැසිකිලියේ, අසූචි මිශ්‍ර ජලය පිටාර ගලා යමින් යාබද නිවෙස් වල වැසියන්ට ජීවත් වීම පවා අහිතකර වී තිබේ.

ලංගම බලධාරීන්ට, සෙඛ්‍ය බලධාරීන්ට, සෙඛ්‍ය බලධාරීන්ට, නගර සභාවට හා පොලීසියට ඒ පිළිබ පැමිණිලි කළද වැඩක් වී නොමැත.

මෙම බස් නැවතුම යාබද ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කාර්යාලය ලෙස හුන්වාගෙන තිබේ. එහි වහලයේ සිට පොළොව දක්වා ගසා තිබෙන, මහින්ද රාජපක්ෂගේ, බැසිල් රාජපක්ෂගේ හා රෙජිනොල්ඩ් කුරේ ගේ කටවුට් වලට ඒ ග දැනෙන්නේ නැත.

මෙම බස් නැවතුම්පල, දැනට පුද්ගිලක බස් නැවතුම්පල තිබෙන තැනට ගෙන යැම සහා මිලියන ගණන් වැය කර, ගොඩනැගිලි සාදා තිබුණද, එතැනට ලංගම බස් නැවතුම ගෙනියන්නේ නැත්තේ, ලංගම බස් නැවතුම්පල මගින් අයථා ලෙසට හම්බ කරන පුද්ගලයින් ගේ අවශ්‍යතාවයට බව ප්‍රකාශ වේ.
පානදුර සෙඛයය වෙවද්‍ය නිලධාරී, පානදුර දකුණ පොලීසියට, කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සහන් වේ.
පානදුර ගාලූ පාර, ජනප‍්‍රිය මාවත (ඞී.එස්.සේනානායක මාවත* අතර පිහිටි, ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් පාලනය කරන පානදුර ලංගම/පුද්ගලික බස් නැවතුම්පොල පොදු වැසිකිලි වල උතුරා එහි අපවිත‍්‍ර ජලය ගලා එ්ම නිසා, බරපතල සෞඛ්‍යය තර්ජනයකට, ඉහත ලිපිනයේ පදිංචි අප භාජනය වී තිබේ.

මෙම කාරණය වසර කිහිපයක සිට මා විසින් ලිඛිතව හා වාචිකව පානදුර නගර සභාවේ සභාපතිට හා එහි සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීවරයාට ද, ලංකා ගමනා ගමන මණ්ඩලයේ පානදුර ඩිපෝ අධිකාරී, ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයට ද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට ද දැනුම් දුන්න ද එයින් කිසිදු ප‍්‍රයෝජනයක් වී නොමැත.



No comments:

Post a Comment