Monday, December 15, 2014

රැස්වීමට ආවේ නැත්නම් සමෘද්ධිය කපනවා පොලිසියට යතුරු පැදි මහජන මුදලින්


15(අද), පානදුර ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පර්සි මහේන්ද්‍ර නොහොත් මහින්ද රජපක්ෂගේ - ජනාධිපති මැතිවරණ ප්‍රචාරක රැලිය - රජයේ වියදමින් සංවිධානය කරන අයුරු පහත ජායාරූප වලින් දැකිය හැකිය.

ක්‍රීඩා පිටිය වටා දින 3ක් පාරේ ගස්වල අධිබලැති ෆ්ලෑෂ් ලයිට් සවිකර, පිවිසීම් මාර්ග කාපට් කර, ක්‍රීඩා පිටියේ මඩ බැකෝ වලින් ඉවත් කර වැලි අතුරා, විශේෂ දුරකථන රැහැන් ඇද තිබේ. කටු කම්බි ගසා තිබේ.

පොලිසිය හා හමුදා වාහන යොදා ගනිමින්, දහසකට ආසන්න පොලිස් බල ඇණිය 14දා සිට යොදා තිබෙනු දකින්නට ලැබුණි.

මැතිවරණ නීතිය යටතේ, පෝස්ටර් කටවුට් ගැසිය හැක්කේ, ප්‍රචාරක භූමිය තුල වුවද, මේකා තම රැස්වීම මුලු පානදුර නගරය පුරා පැවැත්වෙන ආකාරයට, කටවුට් ගසා, පාර දිගේ විදුලි කණුවල ස්පීකර් ගැටගසා තිබේ.

මේ ආකාරයට රජයේ මුදල්, රජයේ හා සංස්ථා සේවකයින් යොදා ගනිමින්, රැස්වීමට සහභාගී වන ලෙසට සමෘද්ධි ලාභීන්ට, රාජ්‍ය සේවකයින්ට, අනිවාර්යය කරමින්, ලංගම බස්වලින් සෙනග අද්දවමින් - රැස්වීම පවත්වා, මේකා වේදිකාවට නැග මම දිනලා ඉවරයි, කියන්න සූදානම් වන හැටි - දැකබලා ගන්නට අපට හැකිවිය.

ක්‍රීඩා පිටිය වටා ආරක්ෂක වැටවල් බැද, ඇතුල් වන අය පරික්ෂා කිරීමට පෝලිම් සාදා ඇති අයුරුද දකින්නට තිබේ.


මේ අතර පොලිසියට බෙදාදීම සදහා සිය ගණනක් යතුරු පැදි ස්කූටර පානදුර පොලිසිය ඉදිරිපිට ගොඩ ගසා තිබෙන අයුරුද දකින්නට තිබේ.









No comments:

Post a Comment