Sunday, March 24, 2013

සංග්‍රාමික දේපල සොරකම් කිරීමේ චෝදනාවට ගොදුරු වූ රණවිරුවන්ගේ අ‍‍ෙඳා්නාවකි. යුද්ධ අපරාධ සිද්ධවු බව හමුදාපති පිළිගනි


උතුරේ යුද්ධයේ අවසාන අදියරේ ජය පිට ජය වාර්තා කළ සිංහ රෙජිමේන්තුවේ 12 වන බල ඇණියේ අණ දෙන නිලධාරී ඇතුලු රණවිරුවන් දස දෙනෙකු එක්ව හමුදාපති ඇතුලු ඉහළ නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ  -   අහිමි කළ රැකියා නැවත ලබා ගැනීම සඳහාය.

යුද්ධයේ අවසන් අදියරේ විශ්වමඩු ප්‍ර‍‍ෙදශයයේ මහජන බැංකුවකට අයත් සේප්පුවක් කඩා එහි තිබූ රන් භාණ්ඩ සොරකම් කිරීම මෙම රණවිරුවන්ට එල්ල කර තිබූ චෝදනාව විය.
නිර්ණාමික පෙත්සමක් මූලික කරගෙන, යුද්ධ හමුදා පොලීසිය විසින් මෙම දස දෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මොවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අනුව යුද්ධ හමුදා පොලීසිය මොවුන් සියලු දෙනාටම දස වධ දී තිබේ.  අඩි 6 x අඩි 4 ප්‍රමාණයේ සිර කුටි හෙවත් ‘සෙල්’  වල රඳවා තබාගෙන වධ දී -   සේප්පුව කැඩූ බවත්, එහි තිබූ රන් භාණ්ඩ ලබාගෙන විකුණූ හෝ උකස් කළ බවට ප්‍රකාශ ගෙන ඇත.
ඔවුන් චෝදනා කරන්නේ -   වධ දී ලබා ගන්නා ලද ප්‍රකාශ, පාපොච්චාරණ ලෙසට පාදක කරගෙන,  හමුදාවේ මූලික පරීක්ෂණ, උසාවියේ නිගමනයන්ද ඉවත ලා -  හමුදාපතිවරයා තමන්ව සේවයෙන් ඉවත් කර ඇති බවයි.
2011 දී පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම, මෙම නිලධාරීන් විසින්ම ඉල්ලා අස්කර ගනු ලැබීම නිසා, පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභා කරනු ලැබීය.
එසේ වුවද, මෙම නිලධාරීන්, තමන්ගේ රැකියා අහිමි කිරීම නීත්‍යානුකූල නොවන බව තරයේ කියා සිටින අතර, තමන්ට නැවත රැකියා ලබාදෙන ලෙසට අඛණ්ඩව ඉල්ලා සිටී.
ඉල්ලා අස්කර ගනු ලැබූවද, සම්පූර්ණ පෙත්සම පහත ඉදිරිපත් කරන්නේ, යුද්ධ අපරාධ සම්බන්ධයෙන් වැදගත් නිගමනයන්ට කාටත් එළඹීමට හැකියාව තිබෙන නිසාය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වධහිංසා ඉවසා ගැනීමට නොහැකිව, තමන් ඉල්ලා සිටි මුදල් හා තමන් ගේ රන් භාණ්ඩ උකස් ‍කොට එම  ලදුපත් යුද්ධ හමුදා පොලීසියට බාරදුන් බවයි.
යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙම නිලධාරීන් රු; 5,051, 000.00 ක මුදලක් හා රත්‍රං ග්‍රෑම් 1137.25 ක් බාර දී තිබෙන බවයි.
මෙම මුදල් හා රත්‍රං සංග්‍රාමික දේපොල ලෙසට නම් කරන හමුදාපති  -  මේ දේපොල මෙම නිලධාරීන් විසින් සොරකම් කර ඇති බවට චෝදනා කරයි.

යුද්ධ හමුදා පොලීසියේ බාරව සිටිය දී මෙම නිලධාරීන් වධහිංසාවට පාත්‍ර වූ බවට කරන චෝදනාවද ඔහු ප්‍රතික්ෂේප කරයි.
යුධ අපරාධ සිදු කර ඇති බව පිළිගන්නා වත්මන් යුධ හමුදාපතිවරයා -  එම අපරාධ කළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගෙන තිබෙන බවද -  මෙයින් සහතික කරයි.
මෙම පිරිසෙන් එක් නිලධාරියෙක් තමන් මෙම කාරණයට කිසිසේත් සම්බන්ධ නැති බවද, මූලික පරීක්ෂණ උසාවියේදී පවා එය ඔප්පු වී ඇති බවද ප්‍රකාශ කර සිටී.

නමුත් ඔහු පිළිගන්නා ලද එක් කාරණයක් ඇත. එනම් නිවසක් සෝදිසි කිරීමේදී පංචායුධයක් හමුවූ බවත්, එය තමන් තබා ගත් බවත්, එයද ප්‍රශ්ණ කිරිමේදි ඔහු යුද්ධ හමුදා පොලීසියට බාරදුන් බවත්ය.
පංචායුධය’ -   බොද්ධයන් හා හින්දූන් කුඩා දරුවන්ගේ ගෙලෙහි බඳින -  ආරක්ෂක පළඳනාවකි. ප්‍රශ්නය මේ පංචායුධය අයිති දරුවා කෝ.
යුද්ධ අපරාධ සිදුවු බවට පිළිගත් හා වැරදි කළ බවට නිගමනය කළ රණවිරුවන්ට දඬුවම් පමුණුවා ඇති බවද හෙළිකරන මෙම සිදුවීම මතු කරන ප්‍රශ්ණ වලට ආණ්ඩුව පිළිතුරු සැපයිය යුතුයි.
ඒවා නම් මෙම සිද්ධියට අදාලව හමුදාව ලබා ගත් කිළෝ එකකට වඩා බර රත්තරං වලට හා රුපියල් ලක්ෂ පනහකට අධික මුදලට හිමි කරුවන් කව්රුන්ද?
එම රත්තරං හා මුදල් තවමත් පවතින්නේ හමුදාව භාරයේද?
මෙවන් අකාරයට තව කොපමණ රත්තරං හා මුදල් හමුදාව භාරයේ තියෙනවාද?

මෙවන් සිදුවිම් තව කොපමණ ප්‍රමාණයක් වර්තාවූ හා නොවූ තව කොපමණ තිබෙනවාද?
ඒවා ගැන ප්‍රසිද්ධ ස්වාධීන පරික්ෂණ පවත්වන්නේ නැත්තේ මන්ද? නොපමාව දේශිය වශයෙන් බලපෑම් වලින් තොරව සාක්ෂිකරුවන්නට ආරක්ෂාව සැලසෙන විවිධිමත් ප්‍රසිද්ධ පරික්ෂණ පැවැත්වීමට හා වින්දිතයින්ට වන්දි ගෙවන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාවට දෙස් දෙවොල් කීමට අපට සිද්ධවන්නේ නැහැ නේද?

3 comments:

  1. අනේ පවු ඒ මිනිස්සුන්ගේ ඇටත් තලලද මන්ද..

    ReplyDelete
  2. දේශද්‍රෝහී කතා...!!!

    ReplyDelete