Monday, March 25, 2013

“බඩු තියෙනවා, අපිට ඕනි මිනිස්සු” බදුරලිය පොලිසිය


වධහිංසා පමුණුවා, ඉන් අනතුරුව බොරු නඩු දමන පොලිසිය - ආරක්ෂා කිරීම මගින් සිදුකරන්නේ මානව හිමිකම් සුරැකීමද ?

යූ.ඒ.චන්ද්‍රෙස්නව, 2007 ජූනි 27 වන දින අත්අඩංගුවට ගෙන වධ දීමෙන් අනතුරුව කසිප්පු නිපදවීමට ගන්නා ගෝඩා ග්‍රෑම්ස් 1920ක් ලග තබා ගැනීම යන බොරු චෝදනාවක් නගා නඩුවක් දමන ලදි.

බොරු නඩු දාන්නේ ඇයි කියා චන්ද්‍රෙස්න ප්‍රශ්ණ කලාම, බඩු තියෙනවා, අපිට ඕනි මිනිස්සු යයි - බදුරලිය පොලිසිය ඔහුට පවසා ඇත.

බදුරලිය පොලිසියේ එවකට සිටි ස්ථානාධිපති පො.ප.උදය කුමර විසින් පවරන ලද මේ නඩුව අද දක්වාම මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේදී පවත්වාගෙන යාම ගැන ප්‍රශ්ණ කරන චන්ද්‍රෙස්න, මෙය කාගේ අවශ්‍යතාවයක්ද යන්න විමසා සිටී.

තමාට වධහිංසා පමුණුවන ලද බව - 2007 ජූනි 29 දින සිය නීතිඥවරිය මගින් මහ්ස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදි. එහෙත් එය වාර්තා කර නැත.

එයින් අනතුරව ඔහු තමාට වධහිංසා පැමිණවීමට එරෙහිව, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.

එහි තීන්දුව 2009 මැයි 13 වන දින ප්‍රකාශයට පත්කල අතර, පහර දුන් පොලිස් නිලධාරීන් කවරේද යන්න නිශ්චිත වශයෙන් හදුන්වාදීමට චන්ද්‍රසේන අපොහොසත් විය. එසේ වුවද පහර දුන්නේ බදුරලිය පොලිසියේ නිලධාරීන් බවට නිගමනය කල ශ්‍රේෂ්ඨාධිකරණය රු.75,000/=ක වන්දියක් චන්ද්‍රෙස්නට ගෙවන ලෙසට පොලිස්පතිට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ඒ ආකාරයෙන් පවතිද්දීත්, චන්ද්‍රෙස්නට එරෙහිව පවරා තිබෙන බොරු නඩුව ඉවත් කිරීමට පොලිස්පති හෝ නීතිපති හෝ තවමත් අසමත්ව තිබේ.මේ නිසා, අදටත් චන්ද්‍රෙස්න දැඩි පීඩාවකට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය කුමක්ද යයි පැහැදිලි කෙරෙන තවත් සරල උදාහරණයකි මේ.

වැවිලි කර්මාන්ත ඇමති, මානව හිමිකම් පිළිබද ජනාධිපති නියෝජිත මහින්ද සමරසිංහ මහතා, ඊනියා මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම් ගැන දොඩවන්නේ තම මැතිවරණ කොට්ඨාශයේ සිදුවන මෙවැනි මානව හිමිකම් උල්ලංඝණයන් හොදින් දැනගෙන බවද කිවයුතුය.

No comments:

Post a Comment