Sunday, March 10, 2013

65වන නිදහස් දින මහ මග හිසට වෙඩි තබා සිදුකළ මරා දැමීම්.


රන්දිම නුවන්රත්න ප්‍රනාන්දු හා එස්. සුජිත් ගුණරත්න ප්‍රනාන්දුඑගොඩඋයන සුනන්දෝපනන්ද විහාරස්ථානයේමැටිගහතැන්නේ විමලවංශ හිමිගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාය. ඔවුන් 2013.02.04 දින බණ්ඩාරගමදැල්කඩපාරක් අයිනෙ අත් පිටුපසට කොට බැඳදණගස්සවාහිසට වෙඩි තබා මරා දමා තිබිණි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් රන්දිම නුවන්රත්න ප්‍රනාන්දු ගේ මව මැටිල්ඩා පෙරේරා මානව හිමිකම් කොමිෂන් සභාවනීතිපති හා පොලිස්පති වෙත ලිඛිත පැමිල්ලක් කරමින් තම පුතා වන 29 හැවරිදි එස්. රන්දිම නුවන්රත්න ප්‍රනාන්දු දෙරු පියෙක් බවත්, 39ව හැවරිදි තිදරු පියෙක්වු එස්. සුජිත් ගුණරත්න ප්‍රනාන්දු තම සැමියාගේ බාල සොයුරා බවත් කියා සිටි.

2013.02.03 වන දින රාත්‍රියේ එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරස්ථානයේමැටිගහතැන්නේ විමලවංශ හිමිගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන මොවුන් 2013 පෙබරවාරි 04 වන දින අළුයම 2.00 ට පමණබණ්ඩාරගම ප්‍රදේශයේදී මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර යන අයට බාරවු බවත් ප්‍රකාශකර සිටි.
එසේ බාරවීමෙන් අනතුරුවපුතාවත්මස්සිනාවත් ඉහත සඳහන් කළ ආකාරයට බණ්ඩාරගම ප්‍රදේශයේදී පාරක් අයිනේ වෙඩි තබා මරාදමා තිඛෙන බව තමාට දැනගැනීමට ලැබුණ බවද වැඩි දුරටත් සඳහන් කරයි.
මෙම ඝාතන දෙක පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයකළුතර නාගොඩ මහ රෝහලේදී පැවැත්වූ අතර මරණ පරික්ෂණය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේදී තවමත් පැවැත්වේන බවද අධිකරණයේ තීරණය මතඑම මෘත ශරීර දෙක වාද්දුව පොතුපිටිය සුසාන භූමියේදීඑකම වලක දමා භූමÞනය සිදු කරන ලද බවද ඇය කියා සිටී.

ඇය ඉල්ලා සිටින්නේ 2013 ඛෙපරවාරි 04 වන දින අළුයම 2.00 ට පමණබණ්ඩාරගම ප්‍රදේශයේදීමොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරට බාර දෙන ලද තම පුතාව හා මස්සිනාවඔහුට බාරදීමෙන් ටික වෙලාවකට පසුව මහ පාරක අත් පිටුපසට කර බැඳදණගස්සවා පිටුපසින් හිසට වෙඩිතබා මරා දැමීම පිළිබඳව නිසි පරික්ෂණ සිදුකොටමරා දැමූ පුද්ගලයන් හා එයට වගකිවයුතු සියලූ දෙනා නීතිය හමුවට පමුණුවන ලෙසටය.
(, ශ්‍රි ලංකාෙව් මානව හිමිකම් තත්වය, සංස්කෘතිය, සදාචාරය, සමය හා නීතිය පැහැදිලි කරන, 2013.02.03 රාත්‍රි 9.30ට පමණ ඒෙගාඩඋයන භික්ෂු ඝාතනයට අදාල ෙපර හා පසු සිදුවිම් බලාෙපාෙරාත්තුවන්න.)

1 comment: