Monday, March 11, 2013

2010 ජනවාරි 26 - ජනාධීපතිවරණ දිනයේවූ ජනිත් මධූරංග ගේ මරණය අදටත් අභිරහසක්?


2010 ජනවාරි 26 - ජනාධිපතිවරණය දිනයේ අභිරහස් ලෙසට මරණයට පත්වූ දහසය හැවිරිදි තම පුතා වෙනුවෙන් යුක්තිය ඉටු කරනලෙසට ඉල්ලන මවකගේ කථාව.  
ඇය හසලක, සුනේත්‍රා ඉහලගේ නම්වු තිදරු මවකි. ජනිත් මදුරංග ඇගේ වැඩි මහල් පුතාවේ. 
මෙදින, ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනවීම සදහා පෙරමුණ ගෙන සිටි අයගෙන් කැපීපෙනෙන චරිතයක්වූ - වලල්ලාවිට ටී.සේනාධීර, දහසය හැවිරිදි ජනිත් මධුරංගව යතුරු පැදියෙන් ගෙදරටම ඇවිත අඩගසාගෙන ගියේ මිතුරෙකු වූ දනූෂ ගේ ගෙදර යෑමට කියාය.
ඉක්මනින් ගෙදර එන බව තම නැන්දනියට පවසා ගිය ජනිත් මධුරංග ගේ ප්‍රමාදය ගැන නොඉවසිලිමත්වූ ඇය - ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන්නේය.
දුරකථනය නාදවුවද - පිළිතුරු නොලැබින. ඇය වරක් දොවරක් නොව දිගටම ඇමතුම් දුන්නේය. පිළිතුරු නැතිවිය. කලබලයට පත් ඇය ඥාතීන්ට හා අසල්වැසියන්ටද කීය. ඔවුන්ද තම දුරකථන වලින් ජනිත් මධුරංගට ඇමතුම් ගත්තේය. පිළිතුරු නැතිවිය.
ඇය වහා ගියේ දනූෂලාගේ නිවසටය. එහිද දනූෂගේ මව කිව්වේ පුතා පාන් ගෙන්න ගිය බවයි. නමුත් ඔහු පාන් ගැනීමට කිසිම කඩයකට ඇවිත් තිබුනේ නැත‍.
ජනිත් මධුරංගව ගෙන ගිය සේනාධීර හා දනූෂ යතුරු පැදියෙන් එහා මෙහා යනවා ඔවුන්ට හමුවිය. ඔවුන් කිව්වේ තමන් සමග ඇලේ වැලිගොඩදාන තැනට ගිය බවත්, පාන් ගෙන ඒමට ඔහුව කඩයට ඇරිය බවත්, ඔහු තවමත් පැමිණියේ නැති බවත්ය.
ඒ අතර, සේනාධීර හා දනූෂද, ඔවුන්ගේ ළගම ඥාතීන්ද - ජනිත් මධුරංග ගැන විවිධ කථා කියමින්, ජනිත්ගේ නෑයින්ට හා අසල්වැසියන්ව නොමග ඇරියේය.
උදේ 8.30ට පමණ ගිය ජනිත් මධුරංගගේ එතෙක් සොයාගන්නට බැරිව තිබූ ජංගම දුරකථය වැලිගොඩදාන බෝට්ටුව තුල තිබී හමුවිය. වහා ක්‍රියාත්මකවූ අසල්වැසියන් ජනිත් මධූරංග සොයන්න ඇලට බැස්සේය. පැය හයකට වඩා වැඩි කාලයක් අතුරුදහන්ව තිබූ ජනිත් මධුරංගගේ සිරුර ඇළේ තිබී හමුවිය.
සිද්ධිය මීගහතැන්න පොලිසියට වාර්ත කළේය. පොලිස් නිලධාරීන් දෙන්නෙක් සිරුර හමුවූ තැනට පැමිණියේ රාත්‍රී 7.00ට පමණය‍.
පොලිසිය ප්‍රද්ශයේ හදිසි මරණ පරීක්ෂක කැදවා - මරණ පරික්ෂණය පැවැත්වීය. පසුදින සිරුර මීගහතැන්න රෝහලට ගෙනයන ලදි. එහි වෛද්‍යවරයා මරණය ගැන දැඩි සැකයක් පවතින හෙයින් කලුතර නාගොඩ මහා රෝහලට මෘතදේහය ගෙනයන ලෙසට නියම කළේය.
මෙහිදී පොලිසිය, ඒ වෛද්‍යවරයා මගින්ම පශ්චාත් මරණ පරීක්ෂණය කරවීමට දැඩි උත්සාහයක් ගත්තේ, ප්‍රසිද්ධියේම දියේ ගිලී සිදුවූ මරණයක් බව ප්‍රකාශ කරමින්ය.
කලුතර නාගොඩ මහා රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වින. එම පරික්ෂණය කල සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණයදියේ ගිලී සිදුවූවක් බව තීරණය කළේය.
ඥෘතීන් එම තීරණය ප්‍රතික්ෂේප කළේය. පොලිසිය එම කරුණ මතුගම මහේස්ත්‍රාත්ට වාර්තා කිරීමෙන් වැලකිනි. මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් තොරව - ජනිත මධුරංගගේ මරණය පිළිබද සියලු පරීක්ෂණ අවසන් කෙරන.
එහෙත් ජනිතගේ මව - ඒ පිළිබදව රටේ සියලු බලධාරීන්ට ලිඛීතවද, වාචිකවද ඉදිරිපත් කළේය. පොලිස්පතිගේ, නීතිපතිගේ නිගමනය වූයේ ජනිත මධුරංග දියේ ගිලී මිය ගිය බවයි.
ඔහු දියේ ගිලී මිය ගියේ කෙසේද ? යන්න ගැන පරීක්ෂණයක් නොවීය. මේ පිළිබදව කලුතර සහකාර පොලිස් අධිකාරීගේ පිළිතුර වී ඇත්තේ, ජනිත් මධුරංග තම ඇදුම් කරේ තබාගෙන ඇලෙන් එගොඩ වීමේදී දියේ ගිලී ඇති බවයි. ඇදුම් ඇලේ ගහගෙන ගොස් ඇති බවයි. නමුත් ඔහු ඇදුම් කරේ තබාගෙන ගොස් ඇත්තේ ජංගම දුරකථනය වැලිගොඩ දාන බෝට්ටුවක තබාය යන්න සදහන් කරන්නේ නැත.
මෙම මරණය පිලීබදව ඉතා පැහැදිලිව තිබෙන සාක්ෂි සියල්ල යටපත් කර, සැකකරුවන් බේරීමට පළමුව මීගහතැන්න පොලිසියද, ඉන්පසුව අනෙක් සියලු දෙනා පොලිස්පති නීතිපති ඇතුලුව ක්‍රියාකර ඇති බව ඉතා පැහැදිලිය.
ජනිත මධුරංගගේ මව වැඩි දුරටත් පවසන්නේ මේ මරණය මතුගම මහේස්ත්‍රාත් වරයාට දැනුම්දී ඇත්තේ මාස පහකට පසුව බවයි. තවද මේ වන විට මරණ පරීක්ෂකවරයාගේ වාර්තාව අතුරුදහන්ව ඇති බව - මතුගම මහේස්ත්‍රාත් ලේඛනාගාරය ඇයට පවසා ඇත.
2010 ජනවාරි 26 - ජනාධිපතිවරණය දින, මහින්ද රජපක්ෂට තීරනාත්මක දිනයක් වූ නිසා, ඔහුගේ ප්‍රබල අධාරකරුවන් දෙදෙනෙකු සම්බන්ධවූ මෙම අභිරහස් මරණය, මෙසේ අවසන්වීමට ඉඩහැරියේ මන්ද යන්න ඇයට තවමත් ප්‍රශ්ණයකි.
මෙම සැකකරුවන් අතර, ටී.සේනාධීර , හමුදා සේවයෙන් ඉවත්වූ වැලිගොඩ දමන ව්‍යාපාරයක් පවත්වාගෙන යන - පොලිසිය හා ගජ මිතුරුකම් පවත්වන අයෙක් වන අතර, මොහුගේ සියලු අපරාධ වසන් කිරීමට අදටත් පොලිසිය මැදිහත්වන බව ප්‍රකාශ වේ. 

1 comment:

  1. ලන්කවෙ පොලිසියට හෙන 7ම ගහපල්ල උ.ගේ ලමයින්ටත් එක්කම..තුක් නොදකින් කාකි මූසලයො..

    ReplyDelete