Saturday, March 2, 2013

බංගලාදේශ යුද අපරාධ කරුවන්ට මරණීය දඩුවම


1971 එවක බටහිර පාකිස්ථානයට එරෙහිව බංගලාදේශ නිදහස් සටනේදී සිදුකල යුද්ධ අපරාධ පිළිබද නඩු විභාග කරන විශේෂ විනිශ්චය සභාව, එරට ප්‍රධාන විපක්ෂය වන ජමාට් ඊ ඉස්මාලියා පක්ෂයේ සභාපති ඩෙල්වාර් නොසෙනී සෙයෙඩී මරණ දඩුවම නියම කළේය.

1971 එවකට නැගෙනහිර පකිස්ථානය වූ වත්මන් බංගලාදේශය, පකිස්ථානයට එරෙහි දියත් කල සන්නද්ධ නිදහස් සටනේදී - පකිස්ථානුවන් හා එක්ව බංගලාදේශ වැසියන් ලක්ෂ තිහක් ඝාතනය කල, සමාන කාන්තාවන් දූෂණය කොට නිවාස ගිනි තබා විනාශ කළේය.

මෙම යුද්ධ අපරාධ පිළිබද විශේෂ විනිශ්චය සභාව මීට පෙර එම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාව ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කළේය.

එම පක්ෂයේ තවත් නායකයින් ගණනාවකට යුද්ධ අපරාධ චෝදනා ඉදිරිපත්ව තිබේ.

ජමාට් ඊ ඉස්ලාමීය පක්ෂයේ ආධාරකරුවන් මෙම දඩුවම්වලට විරුද්ධව වීථි බැස ඇත. ගැටුම්වලදී මේ වන විට විසි තුන් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවේ.

එයට සමගාමීව, බංගලාදේශයේ නිදහස් මතධාරීන්ද, දස දහස් ගණනින් වීථි බැස ඇත. ඒ 1971 යුද්ධ අපරාධකරුවන්ට දැඩි දඩුවම් පැවරිය යුතු බව ප්‍රකාශ කරමින්ය.

විදේශ මැදිහත්වීමකින් තොරව, තම රටේ පැවැති නිදහස් අරගලයේදී පාකිස්ථානුවන් හා එක්ව ක්‍රියාකල, ඊට පසුව ජමාට් ඊ ඉස්ලාම් පක්ෂයට එක්වූ පිරිස බංගලාදේශ ඉස්ලාමීය රටක් බවට පත්කිරීමට උත්සහා ගත්තේය.

ජමාට් ඊ ඉස්ලාමීය පක්ෂය - අන්තවාදී මුස්ලිම් පක්ෂයකි. ෂයිරා නීතිය බංගලාදේශයේ ස්ථාපිත කිරීම සදහා නිදහස් මත ධාරීන් ඝාතනය කරති. පහර දෙති. දේපල විනාශ කරති.

No comments:

Post a Comment