Tuesday, March 5, 2013

විදුහල්පති වැඩ කරයි - පඩි නොගෙවයි නිතියක් නැති රටක - තවත් කෙරුවාවක්




පු/පහරිය විජය රාජ විදුහලේ - විදුහල්පතිව සිටි සුසිල් ජයවීර මහතාව - 2012.12.18 දින සිට , පු/කන්දකුලියමුනේ සිංහල විදුහලටත්, එම මාරුව අවලංගු කර, 2012.12.31 සිට පු/17 කණුව දුටු ගැමුණු විදුහලටත් මාරු කරනු ලැබීය.

ඔහු එසේ මාරු කරනු ලැබුනේ වැඩ බලන විදුහල්පතිකෙනෙකු යටතේ - නියෝජ්‍ය විදුහල්පති ලෙසටය. දැන් ඔහු එම විදුහලේ සේවය කරනු ලබයි.

පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිනී බංඩාර විසින් - පුත්තලම අධ්‍යාපන කාර්යාලයේ වැටුප් ලිපිකරුට කර ඇති නියමය මත, 2012 නොවැම්බර් මස සිට මේ දක්වා - ඔහුට හිමි වැටුප් ගෙවීම නවතා ඇත.

මෙවන් සිද්ධියක් මෙරට සිදුවූ පළමු වතාව මෙය බව සදහන් කළහොත් එව නිවැරදිය.

රජයේ සේවකයෙකුට, තනතුරක් දී, ඔහු එම තනතුරේ සිය රාජකාරිය කරගෙන යන අතර, වැටුප් නොගෙවා සිටීමට තරම් හැකියාවක්, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකුට හැකිවීම ඇත්ත වශයෙන්ම ආශ්චර්යකි.

මේ වන විට වැටුප් නවතා වැඩකල කාලය මාස 4කි. මේ පස්වන මාසයයි. ඔහු මේ පිළිබදව ලියන ලියුම්වලට පිලිතුරක් දෙන්නට තරම් ශක්තියක්, හැකියාවක්, දැනුමක් - වයඹ පළාත් අධ්‍යාපන ලේකම් වරයාට නැත.

මේ විදුහල්පති ඔහු හමුවීමට ගිය විට - ඔහු හැසිරී ඇත්තේ පිස්සු බල්ලෙකුට සමානවය.


No comments:

Post a Comment